අමාත්‍ය ජෙයරාජ් ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් පො. අ. ලක්ෂ්මන් කුරේගේ මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. රජයට සහ වධහිංසා කළ වුන්ට වන්දි ගෙවීමට ද නියෝග කරයි

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සිද්ධිය ඇතුළු චෝදනා කිපයකට සම්බන්ධ බව කියමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එවක ගම්පහ පොලිස් අධිකාරී වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් කුරේට වධහිංසනයට භාජනය කර අත්අඩංගුවේ රදවා තැබීම නිසා ඔහුගේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කළේය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ,ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගේ එකගත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩි. නවාස් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ආරක්ෂක ලේකම්වවරයාගේ නියෝගයක් මත බූස්ස බන්ධනාගාරයේ රදවා සිටි සිටියදී මෙම පොලිස් අධිකාරිවරයා නීතිඥ මංජුල බාලසුරිය මාර්ගයෙන් 2010 වසරේ එම මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
ආදාළ පෙත්සම විභාගයට ගෙන තීන්දුව ප්‍ර්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ සදහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 11 සහ 13(2) යන වගන්ති වලින් සහතික කර තිබෙන පෙත්සම්කරුගේ මුලික අසිතිවාසිකම් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් උල්ලංඝණය කර ඇති බවයි.
ඒ වෙනුවෙන් රජය විසින් රුපියල් තිස්දාහක (30.000) වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් අධිකරණය නියෝග කළේය.
ඊට අමතරව පෙත්සම්කරුට වධ හිංසනයට භාජනය කළ බවට චෝදනා එල්ල වී ඇති ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් දෙදනෙකු ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ තුන බැගින් ද තවත් නිලධාරීන් දෙදනෙකුට ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ දෙක බැගින් ද පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් විනිසුරු මඩුල්ල නියෝග කළහ.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව 2009 වසරේ අගෝස්තු මස 12 වනදා ත්‍රස්ත මර්දන කාර්යාංශය මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත තැබීම මගින් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වු බව පවසමින් මෙම පොලිස් අධිකාරිවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම්කාර පොලිස් අධිකාරිවරයා වසර 14 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවටත් නඩුව විභාගයේදී ප්‍රකාශ විණ.
අමාත්‍ය ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය කරන ලද්දේ 2008 අප්‍රේල් 06 වනදා වැලිවේරිය ප්‍රදේශයේ ක්‍රීඩා උත්සවයක් විවෘත කිරීමට ගොස් සිටියදීය. මරාගෙන මැරෙන බෝම්කරුවෙකු විසින් එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයකින් ඔහු ඇතුළු දහසය (16) දෙනෙකු මිය ගිය අතර තවත් පිරිසකට තුවාල සිදු විණ.
අමාත්‍ය පුල්ලේ ඝාතන සිද්ධිය ඇතුළු චෝදනා කිපයකට විත්තිකරුවන්ට එරෙහිව ගම්පහ මහාධිකරණ නඩු පවරන ලදි .එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දිර්ඝ නඩු විභාගයකින් පසු ලක්ෂ්මන් කුරේට සහ සෙල්වරාජා තිරුබාකරට එම ඝාතනයට සම්බන්ධ බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිනිලි පාර්ශ්වය ආපොහොසත්වීම හේතුවෙන් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව තීන්දු දෙමින් ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා පවසා ඇත.
ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ලක්ෂ්මන් කුරේගේ අයිතිවාසිකම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.