කම්කරුවන්ගේ අභියෝග – අද දවසේ අභිලාෂ

0
DSC_2963

“කම්කරුවන්ගේ අභිලාෂ , අද දවසේ අභියෝග “යන මැයෙන් එක්සත් පොදු සේවක සංගමය අද (27) පෙරවරුවේ කොළඹ නව පුරහල (නව නගර ශාලාවේ) ශාලාවේ සමාජික සමුළුවක් පැවැත්විණ.

මාර්ග සංවර්ධන අධිකාරීයේ වසර 10 කට ආසන්න කාලයක් අනියම් පදනම යටතේ‌ සේවකයන් 1039 ක් සේවය කරන අතර එම කම්කරුවන් ස්ථීර කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරන්නැයි එක්සත් පොදු සේවක සංගමය ආණ්ඩුවට බල කර එම සමාජික සමුළුව පැවැත්විය. අනියම් කම්කරුවන් ස්ථීර කරන්නැයි බල කර ගෙන ගිය සටන් වල ප්‍රතිඵලයක් ලෙස පුරප්පාඩු 850 ක් පිරවීමට මාර්ග සංවර්ධන අධිකාරියේ ලේකම්තුමා එකග වී ඇත. ඉතුරු සියලුම සේවකයින් වහා ස්ථීර කරන්නැයි එක්සත් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අයි.ඩි.නිහාල් අජිත් එම සමාජික සමුළුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

මෙම සමාජික සමුළුව සදහා ආරාධිතයන් ලෙස මාර්ග සංවර්ධන අධිකාරීයේ සභාපති ,අධ්‍යක්ෂක ජනරාල් අතුළු පිරිසක් සහ වෘත්තිය සමිති නායකයින් රැසක් සහභාගි වී සිටියහ.

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

මාර්ග සංවර්ධන අධිකාරීයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂකවරු

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

සමාජවාදී ජනතා සංසදයේ ගිජින්ද්‍ර විජේසිංහ

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

ලංකා බැංකු සේවක සංගමයේ උප ලේකම් ලක්මාල් වික්‍රමසිංහ

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

සමාජවාදී ජනතා සංසදයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකා පේලි

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

සමාජවාදී ජනතා සංසදයේ මහාචාර්ය සුමනසිරි ලියනගේ

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනි නීතිඥ ස්වස්ථීකා ආරුලිංගම්

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

මාර්ග සංවර්ධන අධිකාරීයේ අධ්‍යක්ෂක ජනරාල් කේ .ඩබ්. කණ්ඩම

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

එක්සත් පොදු සේවක සංගමයේ භාණ්ඩාගාරික ආර් .ඩබ්. ධනසිරි

අනියම් සේවකයින් ස්ථීර කිරීමට අමතරව ප්‍රධාන ඉල්ලීමක් ලෙස ස්ථීර සේවකයන් සදහා ලබා දෙන වෛද්‍ය නිවාඩු 21න් දැනට ස්ථීර මාර්ග නඩත්තු කම්කරුවන් සදහා ලබා දෙන්නේ 07 ක් බැවින් ඉතුරු දින 14 ලබා දෙන්නැයි එක්සත් පොදු සේවක සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.

එම සමාජික සමුළුවට ඉරිපත් කළ අනෙකුත් ඉල්ලිම්.

01) දැනට ක්‍රියාත්මක කරමින් යන අනියම් සේවකයන්ගේ ස්ථිර කාර්යය මණ්ඩලයට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේදී සමාන්‍ය පෙළ විභාගයට‌ පෙනී සිටිමට නොහැකිවු සේවකයන්ට ද අමාත්‍ය මණ්ඩල තීරණ වලට අනුව රාජ්‍ය පරිපාලන ඡක්‍රලේඛ 28/2016උපයෝගී කර ගනිමින් NVQ level 03 සහතික මත ඔවුන් ද ස්ථිර කාර්යය මණ්ඩලයට අනුයුක්ත කරන්නැයි ඉල්ලයි.

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

02) දැනට පළාත් භාර අධ්‍යක්ෂකවරුන් යටතේ ස්ථීර පත්වීම් ලබා ඇති නඩත්තු කම්කරු සේවකයින් නව බදවා ගැනීමේ පටිපාටියට අනුව ප්‍රධාන කාර්යාලය යටතට අනුයුක්ත කරන්නැයි ඉල්ලයි.

03)දැනටමත් මාර්ග සංවර්ධන අධිකාරීයේ අනෙකුත් සේවකයන්ට ලැබෙන රක්ෂණාවරණය මාර්ග නඩත්තු කම්කරුවන්ට ද ලබා දෙන්නැයි ඉල්ලයි.

04)කම්කරු පාලකවරුන් හා මාර්ග නඩත්තු කම්කරුවන් සදහා ශ්‍රේණි ‍‍‍‍‍උස්ස විම් ලබා දෙන්නැයි ඉල්ලයි.

05)පුරප්පාඩු වු කම්කරු පාලක තනතුරු සදහා සුදුසුකම් ලද කණ්ඩායම් නායකයන්ගෙන් එම පුරප්පාඩු පුරවන්නැයි ඉල්ලයි.

06)දැනට අධිකාරීයේ තුළ මුර කටයුතු ආවරණය කිරිමට යොදවා ඇති කම්කරුවන් ඉවත් කොට මුර සේවාවන් පවත්වාගෙන යාම පුද්ගලික ආරක්ෂක සමාගම් වෙත පැවරීමට ගෙන ඇති තිරණය අහෝසී කරන්නැයි ඉල්ලයි.

07)මාර්ග සංවර්ධන අධිකාරීයේ නඩත්තු කම්කරු තනතුර සදහා නව සේවකයන් බදවා ගැනීමේදී සෘජුවම මාර්ග සංවර්ධන අධිකාරියට කම්කරුවන් ගැනීමේ ක්‍රමවේදයක් සාදන්නැයි ඉල්ලයි.

08)දැනට මාර්ග නඩත්තු කටයුතු වල යොදවා ඇති කම්කරුවන් ආරක්ෂක මෙවලම් ක්‍රමවත් ලබා දීමේ වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ඉල්ලයි.

09)දැනට අධිකාරිය වෙත සේවා ලබා දෙන මෑන් පවර් සේවකයන් ගැනීම වහා නැවැත්වීම අවශ්‍ය වන අතර දැනට රාජකාරීයේ යොදවා ඇති මෑන් පවර් සේවකයින් නිවැරදි වැඩ පිළිවෙලකින් අධිකාරීයට අනුයුක්ත කර ගන්නැයි ඉල්ලයි.

මෙම සමාජික සමුළුවට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජන්‍ය කරමින් දහක පමන පිරිසක් සහභාගි වී සිටියහ.

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

සමාජික සමුළුවට සහභාගි වු කම්කරුවෝ සහ ආරාධිතයෝ

කම්කරුවන්ගේ අභියෝග - අද දවසේ අභිලාෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *