සමන්ත ප්‍රීතිකුමාර ඊනියා චෝදනා වලින් නිදහස් ! ඔහුගේ බිරිදට රුපියල් ලක්ෂ විසිපහක් ගෙවන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වගඋත්තරකරුවන්ට නියම කරයි !

0
Capture

මෙම නඩුවේ 1වන 2වන 3වන 4වන 5වන 6වන 7වන සහ 8වන විත්තිකරුවන් අන්තොනි ගමගේ සමන්ත ප්‍රීතිකුමාර යන වින්දිත තැනැත්තාට හිමි 1978 ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සුරක්ෂිත කර ඇති 11,12, 13(1) සහ 13(4) ව්‍යවස්ථාවේ සදහන් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව මගින් සිදු කළ විමර්ශනයෙන් අනතුරු නිගමනය කරනු ලැබ ඇත.

එම විමර්ශනය සිදු කර කර ඇත්තේ තමන්ගේ නිත්‍යානුකුල ස්වාමී පුරුෂයා වන අන්තොනි ගමගේ සමන්ත ප්‍රීතිකුමාර වන අය ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරීයේ කලමනාකාර සහායක ලෙස සේවය කළ බවත් ඔහුව 2023 ජනවාරි 10 වන දින පොලිස් මත්දුව්‍ය නාශක කාර්යාංශය නිලධාරීන් විසින් අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රදවා තබාගෙන කෲර ලෙස වධහිංසනයට ලක් කර මරණයට පත් කර ඇති බව සමන්ත ප්‍රීතිකුමාරගේ බිරිද වන ශ්‍රියානි දිල්රුක්ෂි ප්‍රියදර්ශනි විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව හමුවේ කළ පැමිනිල්ලකට අනුවය.

සමන්ත ප්‍රීතිකුමාර 2023 ජනවාරි 10 වෙනිදා 2.30 ට පමන දවල් කෑම පාර්සලයක් ගැනීම සදහා එම වෘත්තිය පුහුණු ආයතනය ඉදිරිපිට අපනශාවකට පැමින ඇති බවත් පසුව ඔහු කෑම එක රැගෙන අපනශාලාවෙන් පිට වෙද්දී , සිවිල් ඇදුමෙන් සැරසුනු පිරිසක් සමන්ත ප්‍රීතිකුමාරව අතින් අල්ලාගෙන සුදු වැන් රථයක නන්වාගෙන පැහැර ගෙන ගිය බව ඔහුගේ ලගම මිත්‍රයෙකු අප සමග පැවසීය. සමන්ත ප්‍රීතිකුමාර පැහැරගෙන යන අවස්ථාවේ එම මිත්‍රයාද සිට ඇත්තේ එම ආපනශාලාවේය. ඔහුව මත්දුව්‍ය නාශක පොලිසියට පාවා දුන්නේ මොහු ද යන්න බරපතළ සැකයක් පවති . මෙම ඝාතන සිද්ධියට ආදාළ විමර්ශන සිදු වෙද්දී , එම මිත්‍රයා රට අතහැර විදේශ ගත විය.

සමන්ත ප්‍රීතිකුමාරට අමානුෂික ලෙස වධබන්ධනයට ලක් කළ ඝාතනයේ විත්තිකරුවන් වන්නේ උ.පො.ප. නිලංක , පො.සැ.8824 බාලසුරිය ,පො.කො.රියදුරු 9000 කළුආරච්චි, ලො.කො. 93682 අභිෂේක , පො.කො. 83808 විකුම් ආරියසිංහ ,පො.කො.31996 හේරත් ,පො.කො. 925573 මාධුෂාන් ,පො.කො. 61323 සංජිව සම්පත් සහ උ.පො.ප. තිලෝක නුවන් යන වෙති.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පහත සදහන් නිර්දෙශ ඉදිරිපත් කර සිටි.

01) පලමු වගඋත්තරකරු විස්න රුපියල් ලක්ෂ දහයක (1,000.000) මුදලක් ද 2වන, 3වන , 4වන, 5වන, 6වන. 7වන සහ8 වන වගඋත්තරකරුවන් විසින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයක (100,000) ක මුදලත් ද වශයෙන් රුපියල් ලක්ෂ විසිපහක් (2500.000) ක මුදලක් පැමිනිලි පාර්ශවයට වෙත ගෙවීමට නියම කෙරිණ.

02) වගඋත්තකරුවන් සම්බන්ධයෙන් සම්බන්ධව පරික්ෂණයක් සිදුකර ඔවුන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිස්පති විසින් කටයුතු කළ යුතුය.

03) ශ්‍රි ලංකා මානව හිමකම් කොමිෂන් සභාව විසින් පුද්ගලයන් අත්අඩංගුවේ සිටියදී මියයාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව පොලිස් නිලධාරීන් කටයුතු කරන්නේ ද යන්න අධික්ෂණය කිරීම සදහා සුදුසු නිලධාරියෙකු පත් කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කළ යුතුය.

04)1994 අංක 24 දරණ වධහිංසා වැළැක්විමේ සම්මුති පනත යටතේ නීති කෘත්‍යයන් ආරම්භ කිරීම සදහා ඒ පිළිබදව පරික්ෂණයක් සිදුකර නීතිපති වෙත යොමු කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කළ යුතුය.

2025 අගෝස්තු 28 දිනට පෙර මෙකී නිර්දේශ ක්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කොමිෂම සභාවට ලැබීමට සලස්වන ලෙස 1999 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව කොමිෂන් සභාව පනතේ (7) වගන්තිය ප්‍රකාරව වගඋත්තරකරුවන් වෙත දන්වමු.

පොලිසිය කියන විට ලියන පුවත්පත් සහ ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය විශේෂයෙන්”දෙරණ සහ හිරු” සමන්ත ප්‍රීතිකුමාර පොලිසිය මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස හදුන්වන ගාල්ලේ තෙල්වත්තේ පොඩි ලැසි නැමත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහරින ගෝලයෙකු යැයි හංවඩු ගැසීය. නමුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සමන්ත ප්‍රීතිකුමාරව නීති විරෝධීව අත්අඩංගුවේ තබාගෙන වධහිංසා පමුනුවා මරා දමා ඇතැයි නිගමන කර වගඋත්තරකරුවන්ට රුපියල් ලක්ෂ විසිපහ් මුදලක් පැමිනිලිකාර පාර්ශ්වයට ගෙවන්නැයි නියම කර තිබේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11,12,13(01) සහ 14 (04) යන ව්‍යවස්ථාවේ සදහන් කරුනු පහතින් පල වේ.

11) කිසිම තැනැත්තෙකුටම වධ හිංසාවලට හෝ කෲර වධ ,අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුතුය.

12) (01) නීතිමය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණ දසර්ව සාධාරණව විය යුත්තේය.

13) (01) නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය අනුකුලව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය. යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුතුය.

13 (04) නීතියෙන් නියම කරනු ලබන කාර්ය පටිපාටියට අනුකුලව නිසි අධිකරණය විසින් කරනු ලැබු ආඥිවක් අනුව මිස, කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනය යටත් කිරීම හෝ කිසිම තැනැත්තකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේය. එහෙත් විමර්ශනයක් පවත්වන තෙක් හෝ නඩු විභාගයක් පවත්වන තෙක් හෝ යම් තැනැත්තකු සිරභාරයට ගැනීම ,අත්අඩංගුවේ තබාගැනීම , රදවා තබාගැනීම හෝ අන්‍යාකාරයකින් ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම දඩුවමක් නොවන්නේය.

සමන්ත ප්‍රීතිකුමාරගේ මුහුණේ සහ හිසේ තුවාල 49 ක් තිබි ඇති අතර ඔහු මිය ගොස් ඇත්තේ රත්තපාත කම්පනය නිසාවෙන් වන අතර මොට ආයුධයකින් පහර දීම නිසා සිදු වු බහු පටක තුවාල විම ඊට හේතු වී තිබිණ.

අධිකරණ වෛද්‍ය මතය.

01)මරණ පරික්ෂණයෙන් හෙළි වුයේ හිස,කද පිටුපස තට්ටමේ අත්පා මත පටක වලට මැද සිට දරුනු රුධිර වහනයක් සහිතව බහු මෘදු පටක තුවාල සහිත බවය.මේ හේතුවෙන් ඇති වු hypo -volemic shock මරණයට හේතු වී ඇති බව දක්වා ඇත.

02)තුවාල මොට ආයුධ වලින් සිදු වු තුවාල බවත් සදහන් කර ඇත.

03)තුවාල වල ආකාරය අනුව හිතාමතා සිදු කළ ප්‍රචණ්ඩත්වය පිළිඹිබු කරන අතර අහඹු ස්වභාවය (Accidental nature) සහ තමා විසින් සිදුකර ගත් තුවාල යන්න බැහැර කළ බව දක්වා ඇත.

04)ස්වාභාවික රෝගී තත්ත්වයක් මරණයට සදහා හේතු වු බවට සාක්ෂි නොමැතිව බවත් සදහන් කර ඇත.

05)මරණයට පෙර ඇල් කොහොල් භාවිතය හෝ මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වු බවට හෝ සාක්ෂි නොමැති බවත් සදහන් කර ඇත.

සමන්ත ප්‍රීතිකුමාර සිද්ධිය මුල සිටම වාර්තා කළ අතර මත්ද්‍රව්‍ය නාශක අංශය ඔහුව මරා දමන්නේ කිසියම් කොන්ත්‍රාත්තුවක් මත බව ලංකා ස්කයි නිව්ස් හෙළි කළෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *