ආණ්ඩුව මාධ්‍ය මර්දනයට පිඹුරුපත් සකසයි !

මාධ්‍යවේදීන් සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට සහ ඊනියා ජාතික ප්‍රතිපත්තිය ප්‍රෝඩාව වහා හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කර ලංකා ස්කයි නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය කිරුළපන පොල්හෙන්ගෙඩ ජනමාධ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (05) පෙරවරුවේ විරෝධතාවයක නියැලුණි.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවට සහභාගි වන මාධ්‍යවේදීන් අනිවාර්යෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත ලබා ගත යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින් ජයතිස්සගේ නියෝගයට එරෙහිව මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය එම විරෝධතාවය පැවැත්විණ.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සදහා 2025 අප්‍රේල් 29 වන දා පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී එම අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්ම සදහා සහභාගි වන මාධ්‍යවේදීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන හැදුනුම්පත අනිවාර්යෙන් ලබා ගත යුතු බව ඇමතිවරයා පැවසිය. එහිදී 1988,89 පෙර සහ ලෝකයේ අනෙකුත් රටවල මාධ්‍යවේදීන් භාවිතා කරන්නේ ඔවුන් සේවය කරන ආයතනයේ හෝ මාධ්‍ය සංවිධාන මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත් බව මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය පෙන්වා දෙන ලදී. 1986 අංක 46 දරණ පාර්ලිමේන්තු පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලන(IFJ) මගින් නිකුත් කර ඇති මාධ්‍ය හැදුනුම්පත පිළිගන්නැයි මාධ්‍යවේදී විජේසුරිය ඉල්ලීමක් කළේය. බලයෙන් උමතු වු අමාත්‍ය ජයතිස්ස සහ ජනතා විමුක්ති පෙරමුණේ හෙංචයියෙකු වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් හර්ෂ බණ්ඩාර එම ඉල්ලීම ඉවත දමමින්, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමට පමනක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන හැදුනුම්පත අනිවාර්ය කරන බව පැවසුහ.
මාධ්‍යවේදී විජේසුරිය අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවට සහභාගි වෙද්දී, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත ලබා ගත යුතු යැයි දැනුම් දී තිබුනත් අනිවාර්යෙන් බලා ගත යුතු යැයි කියන ස්ථාවරයේ ඇමති හෝ අධ්‍යක්ෂක ජනරාල්වරයා සිටියේ නැත. නමුත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාව උණුසුම් වෙද්දී. මාධ්‍යවේදීන් ඇමතිව බිත්තියට හේත්තු කරද්දී, රජයේ හැදුනුම්පත අනිවාර්යෙන් ලබා ගැනීම කරළියට පැමිණියේය.

“ශාන්ත අයියේ ඔයා අවාට පස්සේ තමයි “මෙගොල්ලලෝ ප්‍රශ්න අහන්නේ යැයි ඇමති ජයතිස්ස මාධ්‍යවේදී විජේසුරියට පවසා ඇත.
ඇමති ජයතිස්ස රජයේ හැදුනුම්පත අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවට අනිවාර්ය කිරීම සදහා හේතු දෙකක් ගෙනහැර දැක්විය.
01) අතීතයේ පාතාලය සමග සම්බන්ධකම් තිබු වර්තමානයේ පුවත්පතක සේවය කරන පුද්ගලයෙකුට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් හැදුනුම්පතක නිකුත් කිරීම නිසා ආරක්ෂාව තර්ජනයට ලක්වීම.
02) මාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව හා වරප්‍රසාද පිරිනැමිමේදී රජයේ හැදුනුම්පත පිටිවාහලක් කර ගත හැකි බව.
මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය 2025 ජුනි 08 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවට සහභාගි විම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවස්ථාවේ එහි සේවකයන් සහ ආරක්ෂකයින් ඔහුව හරවා එවා තිබුණි.
මාධ්‍යවේදී විජේසුරිය ඊට එරෙහිව වෘත්තිය සමිති නායකයින් සමග ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ගමනේ අනතුර ගැන මහජනයා දැනුවත් කළහ. පසුව ජනමාධ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ජුනි 27 වනදා විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදී. එම විරෝධතාවයට වමේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් , මාධ්‍යවේදීන් , වෘත්තිය සමිති නායකයන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

