ජාජබ /ජවිපෙ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන අරගලයකින් නොව කැරැල්ලකින් අවසන් විය හැකි බව යෞවනයෝ අනතුරු අගවති !

යෞවන සමාජ සම්මේලනයට අත නොතබනු ! ජාජබ /ජවිපෙ ආණ්ඩුවට බල කර යෞවන සමාජයේ තරුණ තරුණියන් පිරිසක් අද (06) සවස මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවත්විණ.
ජාජබ /ජවිපෙ ආණ්ඩුවට සම්බන්ධ කොටස් ගම් වල යෞවන සමාජ වලට බලහත්කාරයෙන් රිංගා එම සමාජ වල ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලය ඇල්ලීමට එරෙහිව යෞවන සමාජ වල තරුණ තරුණියන් එම පෙළපාලිය සහ උද්ඝෝෂණය පවත් වන ලදි.
නාවින්න රිචඩ් පිරිස් ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට ක්‍රීඩාංගණයට රැස් වු යෞවන සමජ තරුණ තරුණියෝ එතැන සිට

අම්මේ තාත්තේ – මේ අහන්න
අයියේ අක්කේ – පෙරට එන්න
ව්‍යාපාරෙ -අපේ බෙිරගන්න
සටන් බිමට -එකතු වෙන්න
සමගිය සහ – මිත්‍රත්වය
නැති කරන්න-උඹලාට බෑ
අපි අවෙි -අන්න ඒකට
උඹලාට අද -කියලා දෙන්න
එකට හටිය -කොල්ලො කෙල්ලො
රතු තරුවක් -ඔළුවේ ගහලා
අපි බෙදුවා -උන් රැකෙන්න
පා පක්ෂ – ගෙනත් දාලා
උඹලා ඔය -බොද කරන්නේ
අනාගතේ -තරුණ හීන
රතු තරුවෙන් – බෙිර ගන්න
තරුණ අපේ – පාට හීන
පාලකයිනි -මේ අහන්න
කුජිත වැඩ -නවත්වන්න
අපි බෙදනවා -සෙල්ලම
වහා දැන්ම -නවත්වන්න
එරංග ලොක්කාට -එන්න කියපන්
සුපුන් ලොක්කාට -එන්න කියපන්
මේවාට උත්තර -දෙන්න කියපන්
කරන්න බැරි නම් – යන්න කියපන් යැයි කියමින් සටන් පාඨ ලිවු පුවරු ඔසවාගත් තරුණ තරුණියෝ හයිලෙවල් පාර ඔස්සේ මහරගම තරුණ සේවා සභාව වෙත ගමන් කළහ.
පෙළපාලියෙන් පැමිනි විරෝධතාකරුවෝ මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිට රැස් වී පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ.




