නිදහසට ධෛර්ය අවශ්‍යයි, ධෛර්ය නුඹ තුළින්ම පැන නැගිය යුතුය.

සරත් මද්දුමාගේ විසිනි.
පසුගිය අගෝස්තු 16 දා (2025.08.16 ) ජර්මනියේ Altusried හි Allgäu එළිමහන් වේදිකාවේ නාට්‍යක් නැරබීමේ අවස්ථාව මට ලැබුණි. එම අවස්ථාව සංවිධානය කළේ ස්වීට්සර්ලන්තයේ මාක්ස් ලෙනින්වාදී කණ්ඩායමයි. මාත් තිලකරාජන් සහෝදරයාත් එහි ගියෙමු.
එම නාට්‍යයට රංගනයෙන් නළු නිළියන් පන්සිය දෙකක් සහභාගීවන බව නාට්‍ය සංවිධායකයින් දන්වා සිටි අතර අශ්වයින් , ගවයින් , එළුවන් ද යොද ගෙන තිබුණි.
නිදහස් වේදීකාව විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබුණි.
නාට්‍ය ප්රස්තුත වී තිබුනේ1525 ගොවි නැගිටීමයි. ඔවුන් එය හැදින්වූයේ ගොවි යුද්ධය ලෙසයි( Bauernkrieg )
1524/25 ජර්මානු ගොවි යුද්ධයට ප්‍රධාන හේතු වූයේ ගොවීන්ගේ ආර්ථික දුෂ්කරතා සහ සමාජ දුක්ඛිතභාවය, වංශවත් අය සහ පූජකයන් විසින් ගොවි ජනයා පීඩනයට ලක් කිරීමය.
දහසයවන සියවසේදී ජර්මනියේ ගොවියන් වංශවතුන්ගෙන් සහ පූජකයින්ගෙන් පීඩාවින්දහ . විශේෂයෙන්ම නිදහස් නොවූ ගොවීන්ට ( die unfreien Bauern )ණය ගෙවාගැනීමට නොහැකිවූ විට ගොවියන්ට ඉඩම්හිමියන්ගේ වතුවල නොමිලේ වැඩකිරීමට සිදුවිය. එයින් ඔවුන්ගේ නිදහස තවත් අහිමි කරනු ලැබුහ. බලහත්කාර සේවය (Frondienst ) එය හදුන්වන්නේ. එකල දිළිදු ගොවියන්ට ලිවීමට සහ කියවීමට නොහැකි වීමේ වාසිය ප්‍රයෝජනට ගත් පූජකයින් වංශවතුන්ගෙන් වෙනුවෙන් දිළිදු ගොවියන්ට තවදුරත් දුක්ඛිත ජීවිත ගෙවීමට , පීඩනය ඉවසා සිටිම අවශ්‍ය ලෙස ආගමික විස්වාසයන් අවභාවිතා කෙරිණ.

මාටින් ලූතර්ගේ ආගමීක ප්‍රතිසංස්කරණ එන්නෙත් එම කාළයේය. ගම්වලින් රැකියා සොයා නගරයට සංක්රමණියවූ ශීල්පීන් හරහා ඔහු තමන්ගේ ශුභාරංචිය (Die Gute Nachricht ) සංනිවේදනය කිරීමට පටන් ගත්තේය. අකුරු කියවීමේ හැකියාව නිසා බයිබල් කියවීමට ගත් මහජනයා තම පල්ලියේ පූජකයින් කරන දේශනවලට වඩා වැඩි යමක් එහි අන්තර්ගත බව තේරුම් ගත්හ. මාටින් ලූතර් අපේක්ෂා කොළද ගොවි ජනයා නිදහසේ අපේක්ෂාවන් දේශපාලනිකව තේරුම් ගත්තේය ගොවියන් 1524 වංශවතුන්ට , පූජකයින්ට සහ ඉඩම්හිමියන්ට එරෙහිව ගැසූ කැරළි 1525 වනවිට යුද්ධයක් දක්වා වර්ධනය වෙන්නේ ඒ වැනි පසුබිමක් තුළය.
ගොවි යුද්ධයේදී ලූතර් ගොවීන්ට එරෙහිවූ අතර ඔවුන් තම පාලකයන්ට පක්ෂපාතී වීමේ දිවුරුම කඩ කර ඇතැයිද ,සොරකම් ,කොල්ලකෑම් සහ ඝාතනයන් සිදුකර ඇතැයිද චෝදනා කළේය.
යුද්ධය අතර තුර 12 වන වගන්තියේ ප්රකාශනය ගොවියන් වෙතින් ඉදිරිපත් කරන අතර එය ඔවුන් ඉදිරිපත් කරන්නේ මෙමින්ගන් හී ස්වාබියන් සංගමයට එරෙහිවය . ස්වාබියන් සංගමය වංශවතුන් , ඉඩම්හිමියන්ගේ එකතුවි. https://www.google.com/url?q=https://historisches-lexikon.li/Schw%25C3%25A4bischer_Bund%23:~:text%3DEiner%2520der%2520bedeutendsten%2520B%25C3%25BCnde%2520war,Wittelsbacher%2520nach%2520Schwaben%2520eind%25C3%25A4mmen%2520wollte.&sa=U&sqi=2&ved=2ahUKEwjvj5GWu5aPAxWQ8gIHHftGMK8QFnoFCIIBEAU&usg=AOvVaw1cGO6S0sqEIx_NoPxjzeYp
එය 1215 මැග්නා කාර්ටා ගිවිසුමෙන් පසු යුරෝපයේ එළිදක්වූ මානව හිමිකම් පිළිබද ලිඛිත ප්රකාශනය ලෙස සැලකෙයි.
1215 මැග්නා කාර්ටා ගිවිසුම යනු වංශවත් අයගේ කැරැල්ලට ප්‍රතිචාර වශයෙන් එංගලන්තයේ ජෝන් ලැක්ලන්ඩ් රජු විසින් අත්සන් කරන ලද වැදගත් ඓතිහාසික ලේඛනයකි.
https://www.google.com/url?sa=i&source=web&rct=j&url=https://www.deinemenschenrechte.de/what-are-human-rights/brief-history/magna-carta.html%23:~:text%3DDie%2520Magna%2520Carta%252C%2520auch%2520%2522gro%25C3%259Fer%2520Freibrief%2522%2520genannt%252C,Wendepunkt%2520in%2520der%2520Bem%25C3%25BChung%252C%2520Freiheit%2520zu%2520etablieren.&ved=2ahUKEwjN34GzkpSPAxXxxQIHHa5EEk4QmL8OegQIARAd&opi=89978449&cd&psig=AOvVaw3cSQkBGa0RMIjvQRhZpwXm&ust=1755599091519000
1525 ගොවීන්ගේ ඉල්ලීම්:
අංක 12 වගන්තිය (ව්‍යවස්ථාව )යනු ශුභාරංචිය මත පදනම් වූ, වංශවත් අයගේ සහ පූජකයන්ගේ පීඩනයට එරෙහිව ගොවීන්ගේ ප්රකාශනයකි.
ඔවුන් ඉල්ලා සිටියේ වෙනත් දේ අතර:
තමන්ගේම දේවගැතිවරයා තෝරා පත් කර ගැනීමට සහ සේවයෙන් පහ කිරීමට සභාවට ඇති අයිතිය.
සේවයේ වහල්භාවය අහෝසි කිරීම සහ කිසිදු ගෙවීමක් නොකර සේවය ලබාගැනීම අඩු කිරීම.
සාමූහික ඉඩම් නැවත ලබා දීම.
සාධාරණ බදු ක්‍රමයක්.
*නාට්‍යයේ එක් ජවනිකාව වංශවතුන් සහ ගොවියන් අතර සටන්විරාමයක් ගැන සදහන් වුවද 1525 යුද්ධය ජයග්‍රහණය කළේ නැත .ජර්මානු ගොවි යුද්ධය අවසන් වූයේ කැරලිකරුවන් රාජකීය හමුදාවන් අතින් සම්පූර්ණ පරාජයට පත්විණි. ඔවුන්ගේ පරාජයෙන් පසු, බොහෝ ගොවීන් සහ ඔවුන්ගේ නායකයින් වධහිංසා පමුණුවා, මරා දැමු හෝ දඬුවම් කරන ලදී. කෙසේ වෙතත්, මිලිටරි පරාජය නොතකා, නැගිටීම දිගුකාලීනව වහල්භාවය දුර්වල කිරීමට හේතු වූ අතර නිදහස සහ මානව හිමිකම් සඳහා සැලකිය යුතු අරගලයක් ලෙස සාමූහික මතකයට බලපෑම් කළේය.
ම්ලේච්ඡ මර්දනය:
1525 මැයි 15 වන දින ෆ්රැන්කන්හවුසන් සටන වැනි ලේ වැකි සටන් වලින් පසුව, බොහෝ ගොවීන් සහ නායකයින්ට දඬුවම් කරන ලදී.
යුද්ධයේදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තු 30,000 සිට 100,000 කට වඩා වැඩිය.
කුමාරවරුන්ට සහ වංශවතුන්ට හොඳින් පුහුණුව ලත් භට පිරිසක් සිටි අතර, ගොවීන්ට ඔවුන්ගේ සරල උපකරණ සමඟ ඔවුන්ට එරෙහිව සිටීමට අවස්ථාවක් නොතිබුණි. ගොවියන් සමූලඝාතනය කර ගොවි යුද්ධය පරාජය කෙරිණ . වංශවතුන් තම කුලී හෙවායන්( Landknachten ඔවුන් ගොවියන් අතරින්ම ගොවියන්ට එරෙහිව සටන් කිරීමට පාවිච්චි කළවුන් ) අමතරව විශේෂ පුහුනුව ලත් කුලීහේවායින් ද ගෙන්වා ගත්තේය.
1525 මැයි 15 වන දින ෆ්රැන්කන්හවුසන් සටන වැනි ලේ වැකි සටන් වලින් පසුව, බොහෝ ගොවීන් සහ නායකයින්ට දඬුවම් කරන ලදී.
ගොවීන්ගේ යුද්ධය පසුකාලීන විප්ලව සඳහා ආශ්වාදයක් බවට පත් වූ අතර නිදහස සහ මානව හිමිකම් සඳහා වැදගත් මුල් අරගලයක් ලෙස සැලකේ.
https://www.google.com/url?sa=i&source=web&rct=j&url=https://www.br.de/radio/bayern2/sendungen/radiowissen/geschichte/deutscher-bauernkrieg-gemeiner-mann-ende-folgen-100.html&ved=2ahUKEwj6vobclpSPAxUs-QIHHVOeOu4QmL8OegQIARAW&opi=89978449&cd&psig=AOvVaw3J5QEA7FQz1yVd2K_QGz_J&ust=1755600251322000
1524/25 ජර්මානු ගොවි යුද්ධයට ප්‍රධාන හේතු වූයේ ගොවීන්ගේ ආර්ථික දුෂ්කරතා සහ සමාජ දුක්ඛිතභාවය, වංශවත් අය සහ පූජකයන් විසින් පීඩනයට ලක් කිරීම, ස්වාමිවරුන් විසින් “පැරණි නීතිය” උල්ලංඝණය කිරීම සහ පුද්ගලික නිදහස සහ ස්වයං නිර්ණය සඳහා ඇති ආශාවයි. ප්‍රතිසංස්කරණය පිළිබඳ අදහස් සහ පත්‍රිකා බෙදා හැරීමේ හැකියාව නැගිටීම පැතිරීමට දායක වූ අතර, මාටින් ලූතර් අදහස් කළේ මෙය නොවුනත්, කිතුනුවකුගේ නිදහස මත පදනම්ව ඔවුන්ගේ ඉල්ලීම් සකස් කිරීමට ගොවිහු පෙළඹවූහ.
- ගොවි යුද්ධයේ ඉල්ලා සිටි ඉල්ලීම්හී මූලික හරය ස්වයං තීරණය පිළිබද අයිතියයි.
කාල් මාක්ස් ජර්මානු ගොවි යුද්ධය අර්ථකථනය කළේ ගොවීන් සමාජීය හා ආර්ථික යුක්තිය ගැන සැලකිලිමත් වූ නමුත් අවසානයේ ඔවුන්ගේ සංවිධානාත්මක ශක්තිය නොමැතිකම නිසා අසාර්ථක වූ ගැඹුරු පන්ති ගැටුමක ප්රකාශනයක් ලෙසය. ඔහු යුද්ධය ජර්මානු ඉතිහාසයේ වඩාත්ම රැඩිකල් කරුණක් ලෙස දුටුවේය, ගොවීන් එය සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වුවද, දේශපාලන හා සමාජ ක්රමයේ විප්ලවීය පරිවර්තනයක අවශ්‍යතාවය පැහැදිලි කළ එකක් සංසිද්ධියක් ගෙන හැර දැක්විය.
ගොවි යුද්ධය පිළිබඳ මාක්ස්ගේ දෘෂ්ටිකෝණය
පන්ති ගැටුම:
මාක්ස් ගොවි යුද්ධය සැලකුවේ පාලක පන්තීන්ට එරෙහිව නැගී සිටීමට සූරාකෑමට ලක් වූවන් ගත් මුල් උත්සාහයක් ලෙස ය.
සමාජ හා ආර්ථික අරමුණු:
ගොවීන් වැඩි නිදහසක්, බර සාධාරණ ලෙස බෙදා හැරීමක් සහ වහල්භාවය අහෝසි කිරීම සඳහා සටන් වැදුණි.
අසාර්ථකත්වය සහ ඓතිහාසික වැදගත්කම:
මාක්ස් ගොවීන්ගේ නිදහස සහ යුක්තිය සඳහා වූ ඉල්ලීම්වලට ගරු කළද, ඔහු ඔවුන්ගේ අසාර්ථකත්වය සැලකුවේ ඔවුන්ගේ සංවිධානය හා විප්ලවවාදී නායකත්වය නොමැතිකමේ ප්‍රතිඵලයක් ලෙස ය.
මෙම ගොවි යුද්ධය ජර්මානු ඉතිහාසයේ වඩාත්ම රැඩිකල් හා වැදගත් සිදුවීම්වලින් එකක් බවට පත් කළේය.
ගොවීන්ගේ යුද්ධ සමයට සම්බන්ධය
ප්‍රතිසංස්කරණ හා සමාජ නොසන්සුන්තාව:
ගොවීන්ගේ යුද්ධය ප්‍රතිසංස්කරණ සමයේදී සිදු වූ අතර එය ආගමික වෙනස්කම් සමඟ ඇති වූ සමාජ ආතතීන්ගේ ප්රකාශනයකි.
https://www.google.com/url?q=https://schmidt.hist.unibe.ch/semester/ss2007/1525/index.htm&sa=U&sqi=2&ved=2ahUKEwiJkve3oJSPAxXF0AIHHd98KdQQFnoECCQQAQ&usg=AOvVaw0Xazlr_2mfysnvidb2Ve3P
මහජන නැගිටීම් හී කම්කරු – පීඩිත පාංතික දේශපාලන නායකත්වයක් නොමැතිකමෙන් එකී අරගලයන්ගේ අපේක්ෂා අත්පත්කර ගැනීමට නොහැකිවීමේ ගැටලුවට ගොවි යුද්ධයෙන් වසර පන්සියයක් ගිය තැනදීත් අපි අත්විඳිමින් සිටිමු.
ආසන්න උදාහරණය ලෙස 2022 ලංකාවේ ඇතිවූ මහජන නැගිටීම ගෙනහැර දැක්විය හැකිිය ජනතාව පෙලූ පීඩනයට එරෙහීව දේශපාලන නායකත්වයක් නොමැතිව ඇරඹුනු එම නැගිටිමේ සාධනීය දෑ ඉතිහාසයට එක්වුවද , අරගලය අතර තුර ප්‍රකාශිත අපේක්ෂාවන් දිනාගත නොහැකිවිය.
ආරම්භයේදීම එම මහජන නැගිටීම ප්‍රතික්ෂේප කළ ජ.වි.පෙ. වැඩේ සාර්ථකව ඉදිරියට යන විට ඊට සම්බන්ධ වීය.
ජාතික ජන බලවේගය අරගලයේ අපේක්ෂාවන්ද පිට්පොකට් ගසා ගනිමින් මැතිවරණ ජයග්‍රහණයක් අත්පත්කර ගත්තේය.
මැතිවරණ ජයග්රහණයෙන් පසු ඔවුන් මීට අවුරුදු පන්සියයකට ඉහතදී පීඩිත ගොවීන්ට එරෙහිව ගොවීන් අතරින් වංශවතුන් නිර්මානය කළ කුලී හේවායන්ගේ (Landknachten )කාර්යයය තමන්වෙත පවරාගෙන ඇත.
කිසිදු හිරිකිතයකින් / විනයකින් තොරව ඔවුන් නව ලිබරල් ධනවාදී උවමනාවන් ක්‍රියාවට නන්වනු දක්නට ඇත.
IMF නියෝග ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් ඉන්නේ ජේ.ආර් ගේ සිට රනිල් රාජපක්ෂ දක්වා සියලු ජනතා ද්‍රෝහීන් පරාජය කරමින්. එය අධිරාජ්‍යවාදීන්ගේ නොමද ප්‍රීතියට හේතුවක් ය. බලයෙන් උමතුවී කිසිදු ජාත්‍යන්තර ගිවිසුමක් , සැලසුමක් ගැන තොරතුරු ඔවුන් ජනතාවට නොදෙන්නේය.
වඩාත්ම බියකරු දේ , අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඔවුන් අව වරප්රසාදිත ජනයාගේ දරුවන් සාක්ෂරතාව හීනයන් කිරීමට ද වැයම් දරයි. දිළිදු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උදුරාගන්නා ඔවුන් ” පුනරුද යුගයට ගැලපෙන වැඩවසම් ක්රමයද” ප්‍රති නිර්මානය කරමින් සිටී.
