අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !

0
DSC_4288

වෙනිසුලාවේ තෙල් නිධි කොල්ල කෑම සදහා ඒක්සත් ජනපදය සිදු කළ ආක්‍රමණය හෙළා දකිමු! වෙනිසුලාව අක්‍රමණය කිරීම ගැන ආණ්ඩුවේ නිවට ,නිහඩ පිළිවෙත හෙළා දකිමු! අධිරාජ්‍යවාද‍ි යුද වියරුව පරාජය කරමු ! යන මැයෙන් කොළඹ කොල්ලුපිටියේ ශ්‍රී ලංකා ඇමරිකානු තනාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් අද (05) සවස පැවැත්විණ.

එම විරෝධතා උද්ඝෝෂණය ජන අරගල ව්‍යාපාරය මගින් සංවිධානයරෝධතා උද්ඝෝෂණය ජන අරගල ව්‍යාපාරය මගින් සංවිධානය කර තිබුණි.

සෙනසුරාදා පාන්දර වෙනිසුලාව ආක්‍රමණය කර ජනා‍ධිපති නිකොලස් මදුරේ සහ ඔහුගේ බිරිද සීලියා ෆ්ලෝරේස් සාපරාධී ලෙස පැහැර ගත්හ.

මෙම ආක්‍රමණයේදී අවම වශයෙන් 40 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය කිරීම හරහා ජාත්‍යන්තර නීතිය සහසික ලෙස උල්ලංඝණය කර ඇත.

වෙනිසුලා ආක්‍රමණය ඇමරිකන් අධිපත්‍යය ප්‍රතික්ෂේප කර සියලුම රටවලට කළ අනතුරු ඇගවීමකි.

විරෝධතාකරුවන් අධිරාජ්‍ය විරෝධී සහ ට්‍රම්ප් විරෝධී වැකි ලියන ලද පුවරු ඔසවාගෙන සහ එපා එපා -බලන් ඉන්න ජනතාවනි – පෙරට එන්න වෙනිසුලාව -ජනතාවට අපි ඔිනි – සහාය වෙන්න. ට්‍රම්ප් කියන -පිස්සු යකා යුධ භීතිය – වපුරනවා රටින් රටට – ගිනි තිය තියා ජන ජිවිත -වනසනවා. මුන්ට ඔිනි -කොල්ලක කන්න තෙල් පම්පත -කොල්ලක කන්න මත් උවදුර – පිටින් දාලා – ගෙල් සංචිත කොල්ල කන්න. ඇමරිකානු -දඩ බල්ලෝ ලේ පුසුඹට -තෙල් පුසුඹට ඉරාකයත් -ලිබියාවත් ඉරානයත් – ගාසාවත් ගිනි තියනෝ. කරව් කරව් -නතර කරව් උමතු යුද්ධය -නතර කරව් ලෝකෙ වටෙන් – අපි එනවා තොපිට එරෙහි -වෙන්න බොලව් යන සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාකරුවන් විරෝදතාවයේ නියලුනහ.

අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !
අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !
අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !
අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !
අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !
අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !
අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !
අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !
අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !
අධිරාජ්‍යවාදී යුද වියරුව පරදවමු !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *