කපිල චන්ද්‍රසේනගේ මරණ ඝාතනයක් බවට සැකයක්
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සිරුර ඔහුට අයත් නිවසේ උළුවස්සක එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසයි.
කොළඹ පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී මෙසේ සිරුර හමුවී ඇත.
ප්‍රශ්න ගත එයාර් බස් ගනු දෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව කපිල චන්ද්‍රසේන ඇප මත මුදාහැරිය ද ඇපකරුවන්ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අධිකරණයේ විශ්වාසය කැඩූ බවට චෝදනා එල්ල වී ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඊයේ (7) නියෝගයක් නිකුත් කළේය.
චන්ද්‍රසේනගේ දිවි නසා ගැනීමත් මිට පෙර දිවි නසා ගත්තා යැයි කියන මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත රාජපක්ෂ විසින් සිදු කර ගත් ආකාරයේ දිවි නසා ගැනීමක්ද? රාජපක්ෂ නසා ගත් බව වෛද්‍යවරු ප්‍රකාශ කරන්නටත් මත්තෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කිරීම බරපතළ සැකයක් මතු කරයි. චන්සේන අධිකරණයේ විශ්වාසය කඩ කර ඇතැයි මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දන්වන්නේ අල්ලස් කොමිසමයි. ඒ අනුව තමා ඊයේ අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කෙරිණ. දුෂණ චෝදනා ලබන අය මෙසේ මරා දැමීම වළක්වන්නට ආණ්ඩුව අසමත් වී තිබේ. රංග රාජපක්ෂ මරණය සම්බන්ධයෙන් ඇගිල්ල වී ඇත්තේ ආණ්ඩුවටය. රාජපක්ෂ ජවිපෙ හිටපු ක්රියාකාරිකයෙකි.