මැගසින් බන්ධනාගරයේ රැදවියා ඝාතනයේ සැකකරුවන් පෙරෙට්ටුවේදී හදුනා ගනී
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම බන්ධනාගාරයේ නිලධාරීන් දෙදනෙකු (02) අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක දෙකේ අද (07) සවස පැවති හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සාක්කිකරුවන්ට සැකකරුවන් හදුනා ගැනීමට නොහැකි විය.
මෙසේ අමානුෂික ලෙස පහර දී මරා දමන්නේඅවරුදු 36 ක් වයසැති රාජපක්ෂ මිණිමුතු පතිරහැන්නලාගේ තුෂාර සම්පත් නැමැත්තාවය. ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ (06) පැවති පෙරෙට්ටුව සදහා සාක්කිකරුවන් අටදෙනෙකු සහභාගි වී ඇති අතර එම සාක්කිකරුවන් අට දෙනාගෙන් හතර දෙනෙක් පලමු ,දෙවන සහ තුන්වන සැකකරුවන් නිවැරැදිව හදුනා ගත් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සේනක පෙරේරා පැවසීය.
ඊයේ (05) හදුනා ගැනීමේ පෙරෙට්ටුව සදහා හල්වත්තගේ සම්පත් කුෂාන්, මීගහගේ දොන් සුරේශ් දර්ශන පෙරේරා සහ දිසානායක මුදියන්සේලාගේ උපුල් දිසානායක යන අය ඉදිරිපත් කර තිබුණි.
මත්ද්‍රව්‍ය සිද්ධියක් මුල් කරගෙන සැකකරුවන් විසින් මරණකරුට පොලු වලින් පහර දී ඇති අතර පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තුවාලකරු මිය ගොස් තිබේ. එදිනම බොරැල්ල පොලිසිය එම මරණකරුගේ ඥාතීන්ගේ පැමිනිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ.
මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත තිබේ. දිසානායක ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්නා බව බොරැල්ල පොලිසියේ වගකිව නිලධාරීයෙකු අප කළ විමසීමකදී පැවසීය.
දිසානායක මෙම අපරාධයේ සැකකරුවෙකු වන අතර ආයතන මට්ටමෙන් විනය පරික්ෂණයක් පවත්වා ඔහුව ගලවා ගැනීමේ මෙහෙයුමක් බන්ධනාගාරයේ තුළ ක්‍රියාත්මක වන බවත් වාර්තාවේ.
අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකුට විනය පරික්ෂණ තියලා හරි යන්නේ නැහැ. අපරාධ නීතියට අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර බව බොරුල්ල පෙලිසියේ නිලධාරීයෙකු අප සමග කළ සොයා බැලිමකදී පැවසීය.
හදුනා ගැනීමේ පෙරෙට්ටුව සදහා ඊයේ (05) අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් බන්ධනාගාරයට අයත් විශේෂ බස් රථයකින් අලුත් කඩේ අධිකරණයට රැගෙන ආ අතර පෙරෙට්ටුව අවසන් වී ඔවුන් තිදෙනා පමනක් එම බස් රථයෙන් රැගෙන ගියේය.
බන්ධනාගාරයට රැගෙන යන්න අපෙත් තුන්දෙනෙකු ඉන්නවා යැයි බන්ධනාගාර නිලධාරීයෙකු තවත් නිලධාරීයෙකුට පවසනවා නීතිඥවරයෙකුට ඇසි ඇත. බන්ධනාගාර නිලධාරීන් අපේ වන්නත් අනෙකුත් රැදවියන් හෝ සිරකරුවන් අපේ නොවන බව පමනක් නොව අසමානතාවය ද එයින් ගම්‍ය වේ.
බන්ධනාගාරයේ ආරක්ෂාව යතේ සිටින සිරකරුවෙකුට හෝ රැදවියෙකුට අමානුෂික පහර දී මරා දැමු පසු ඔහු තවදුටත් බන්ධනාගාර නිලධාරීයෙකු නොව අපරාධ සිද්ධියක සැකකරුවෙකි. සිවිල් බන්ධනාගාර නිලධාරීන් පිරිවරාගෙන අධිකරණයට රැගෙන විත් මංචු නොමැතිව විශේෂ බස්රථයක එම සැකකරුවන් පමනක් රැගෙන යෑමෙන් ඔප්පු වන්නේ බන්ධාගාර පද්ධතිය අපරාධකරුවන් ආරක්ෂා කරන බවයි.
වෙනදාට අලුත් කඩේ උසාවි සංකීරණය ඉදිරිපිට විවිධ ජඩ මාධ්‍ය ආයතන වල ජනමාධ්‍යවේදීගෙන් පිරි පැවතිය ද ඊයේ කිසිදු ජනමාධ්‍යවේදියෙකු එම ස්ථානයේ රැදි නොසිටියේ අහම්බෙන් නොව එම අපරාධකරුවන් ආරක්ෂා සහ ජනමාධ්‍යවේදීන් අතර සහසම්බන්ධය පෙන්වන්නකි. හිරු මාධ්‍ය ජාලය සිරගතව සිටින දුමින්ද සිල්වගේ සහෝදරයාට අයත් ආයතනයකි. දුමින්ද සිල්වා බන්ධනාගාරගතව සිටින බැවින් බන්ධනාගාරයට එරෙහිව කිසිදු ප්‍රවෘත්තියක් පල නොකිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද වාර්තාවේ.
බොහෝ මාධ්‍ය මෙම සිද්ධිය වාර්තා කළේ ,මරණකරුට විවිධ චෝදන එල්ල කර අපරාධකරුවන් ශුද්ධවන්තයන් කර සහ ඝාතන යුක්ති යුක්ත කරමින්ය.