හමුදාපතිගේ ගොන් රැළ ජාතික ආරක්ෂාවට මුවා නීතිය අතට ගනී!
මෝනිං (morning) පුවත් පතේ වෙබ් අඩවියේ කර්තෘ මෙන්ම තුර්කි රාජයේ රූපවාහිනීයේ (TRT) ශ්‍රී ලංකා නිල ප්‍රවෘත්තී සම්බන්ධීකාර ලෙස කටයුතු කරන මාධ්‍යවේදි ලහිරු දොලෝස්වලගේ මෝටර් රථය පෙරේදා (15) සවස 07 ට පමන රාජගිරියේ ඇතුල් කොට්ටේ පාලම අසල සංඥා බුබුලු ( court light ) ඉදිරියේ නතර කරගෙන සිටියදී පිටුපසින් පැමිනි යුද හමුදාපතිගේ පෙර ගමන් රථය මාධ්‍යවේදියාගේ වාහනයේ පිටුපස හප්පා ඇති බවත් පසු වැලිකඩ පොලිසියට ගිය අවස්ථාවේ හමුදාවේ තිහක (30) පමන පිරිසක් එම පොලිසියට පැමින දොලෝස්වල විසින් එම සිද්ධිය විඩියෝ කළ දර්ශන මකා දමන්නැයි බලපෑම් කර හමුදාවට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග වලට නොයන බවට කටඋත්තරයක් ලබා ගෙන ඔහු , බිරිඳ සහ දරුවන් දෙදනා මුද්‍ර හැර ඇත
මාධ්‍යවේදී දොලෝස්වලගේ වාහනය හප්පා ඇත්තේ හමුදාපතිවරයාගේ නිල රථයට (යුහ 0001) සදහා පරිවාරක රථයක් ලෙස ගමන් ගත් යුහ 18035 අංකය දරණ ලැන්ඩ් කෲසර් (Land Cruiser) වර්ගයේ මෝටර් රථයයි.
හමුදාපතිවරයාගේ පෙර ගමන් රථය විදුලි බුබුලු දල්වාගෙන ඉදිරියට යෑම සදහා ඉඩ ඉල්ලා ඇති අතර දකුණට හෝ වමට වාහනය අයින් කර ඉඩදීම ඉඩක් නොතිබුනු නිසා කලර් ලයිට් එක දක්වා පැමින වාහනය නතර කළ පසු හමුදා වාහනය පිටුපසින් පැමින තමන්ගේ වාහනය හැප්පු බව ඔහු පවසයි. යුද හමුදා වාහනයට ඉඩ නොදුන් නිසා කුපාඩිකමට දොලොස්වලගේ වාහනය හැප්පුවා විය හැකිය. අපිට වැදගත් ගමනක් යන්ට තිබෙනවා යැයි කොමාන්ඩෝ නිලධාරීයා මාධ්‍යවේදීයාට තර්ජනය කරන ස්වරූපයෙන් හැසිරී ඇත.
හමුදාවේ සහ පොලිසියේ බලපෑම් හමුවේ දොලොස්වල එම විඩියෝව මකා (Delete) තිබිණ. මෙම රිය අනතුරු අඩංගු දර්ශන ඇතුළත් විඩියෝව දොලොස්වල එම අවස්ථාවේම ශ්‍රී ලංකා වාත්තීය ජන මාධ්‍යවේදීන් ගේ සංගමයට සහ ඔහු වැඩ කරන ආයතනයටත් යවා ඇති අතර මොන යම් විධියකින් හෝ එම විඩියෝව හෝ එම අනතුර ගැන සමාජ මාධ්‍ය හෝ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කළහොත් ජාතික ආරක්ෂාවට බලපෑම් කළා යැයි දොලෝසවලට එරෙහිව කටයුතු කරන බව කොමාන්ඩෝ බලකායේ නිලධාරියෙකු අපි “ත්‍රීපෝසස් “කියා ඔහුගේ පාපුවට අතින් ගසමින් තරජනයක් කර ඇත.
මහත්තයා ඔයාට මොකද කෙරෙන්න ඔිනේ මට මේ සිද්ධිය ගැන පැමිනිල්ලක් දාන්න අවශ්‍යයි. මහත්තයා පැමිනිල්ලක් දමන්නැයි වැලිකඩ ස්ථානාධිපතිවරයා දොලොස්වලට පවසා ඇත. පැමිනිල්ල ලියන්න සුදානම් වෙනවාත් සමග හමුදාවේ හතලික පමන පිරිසක් වැලිකඩ පොලිසියට පැමින ඇති අතර පොලිස් නිලධාරීයාට පැමිනිල්ල ලිවිය යුතු ආකරය කියමින් සහ රිය අනතුරක් සිදු නොවු බව කියමින් ඔවුන් ඔහුව මානසික පිඩාවකට ලක් කර අත. කටඋත්තරයක් දීලා සමාදාන වන්නැයි පොලිසියට දොලොස් වලට බලපැම් කළ බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. පොලිිිසිය මෙහි දී මුළුමනින්ම හමුදා නිලධාරීන්ගේ අණසකට යටත්ව කටයුතු කර තිබේ.
හමුදා පිරිස් වලට අමතරව මිල්ටරි පොලිසියේ ඉහළ නිලධාරියෙකු ද පොලිසියට පැමින ඇති අතර මේක හානියක් නොවෙයි ,පොලිසියට කටඋත්තරයක් දීලි සමාදාන වන්නැයි එම නිලධාරීයා දොලොස් වලට බලපෑම් කර ඇත.
මට මේක දුර දිග ගෙනියන්න අවශ්‍ය නැහැ. පුරවැසියන්ට පීඩාකාරී වන ලෙස වාහන ධාවනය කරන්න එපා කියලා හමුදා වාහනය පදවාගෙන ආ රියදුරුට අවවාද කරන්නැයි මාධ්‍යවේදී දොලොස්වල පොලිසියෙන් ඉල්ලා ඇත. අපි ඔයාගේ වාහනය වැද්දුවේ නැහැ . ඔයාගේ වාහනයට හානියකුත් වෙලා නැහැ. ඔයා කියනවා නම් වාහනය හැප්පුනා කියලා. ඔයාගේ වාහනය රස පරික්ෂකට දානවා. වාහනය ගන්න මාස ගණනක් ගත වෙයි. අපිට නම් රජයේ ඔනෑ තරම් වාහන තියෙන්වා යැයි කොමාන්ඩෝ (Commando ) නිලධාරීය දොලොස්වල බිය වැද්දීමට කටයුතු කර තිබිණ.
මෙම සිද්ධිය සැලවු වහාම ඊයේ (16) රාත්‍රි 07 පමන මම වැලිකඩ පෙලිසියේ දුරකතනය කතා කර මේ පිළිබදව විමසා සිටියේය. එම දුකතනයට සවන් දුන් නිලධාරිය යුද හමුදා රථයක් වාහනයක් හප්පා ඇති බව පිළිගත් අතර ඒ සිද්ධිය ආදාළව කටඋත්තර ලබා ගනිමින් සිටින බව පැවසීය.
මම ඊයේ (16) දහවල් (02) ට පමන වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතනයට කතා කර , යුද හමුදාපතිගේ පෙර ගමන් රථය එම රථයට ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථයක් හප්පා සිදු කළ අනතුරක් ගැන වාර්තා වෙනවා . එම සිද්ධිය සත්‍යයක් දැයි විමසු අවස්‍තාවේ වැනි සිද්‍ධියක් ගැන වාර්තා වි නැතැයි ඔහු පැවසීය.
මාධ්‍යවේදී දොලොස්වල AIB 396/183 අංකය යටතේ වැලිකඩ පොලිසියට පැමිනිල්ලක් දමා තිබියදීත් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා එවැනි සිද්ධයක් දන්නේ නැතැයි පට්ට කේබරයක් ඇද බා ඇත.
මාධ්‍යවේදී ලහිරු දොලොස්වල ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවෙදින්ගේ සංගමයේ සමාජිකයෙකි.
ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය හමුදාවේ මැර තර්ජන හෙළා දැක නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් පල වේ.
2026 ජූලි 16
අනුර කුමාර දිසානායක මහතා
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.
ගරු ජනාධිපතිතුමනි,
මාධ්‍යවේදීන් වෙත සිදුකරන යුද හමුදා සහ පොලිස් හිරිහැර වහා නවතනු!
‘ද මෝනින්’ (The Morning) පුවත්පතේ වෙබ් අඩවි කර්තෘ සහ තුර්කි රාජ්‍ය රූපවාහිනියේ (TRT) ශ්‍රී ලංකා නිල ප්‍රවෘත්ති සම්බන්ධීකාරක මෙන්ම අප සංගමයේ ද සාමාජිකයෙකු වන මාධ්‍යවේදී ලහිරු දොලොස්වල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ඊයේ (ජූලි 15) දින සිදු වූ අමානුෂික සහ අනීතික හමුදා සහ පොලිස් හිරිහැර කිරීම් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) වශයෙන් අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින ආරක්ෂක අංශ විසින්ම සිවිල් පුරවැසියන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ මූලික අයිතිවාසිකම් මේ අයුරින් පාගා දැමීම බරපතළ තත්ත්වයකි.
මාධ්‍යවේදී ලහිරු දොලොස්වල මහතා සිය රාජකාරි කටයුතු නිමවා බිරිඳ සහ දරු දෙදෙනා ද සමඟ වාහනයෙන් නිවස බලා යමින් සිටියදී, මේජර් ජෙනරාල් නිලයට අයත් තරු තුනේ ලකුණ සහිත යුද හමුදාපතිවරයාගේ නිල රථය (යුහ 0001) සඳහා පරිවාරක රථයක් ලෙස ගමන් ගත්, යුහ 18035 දරණ ලෑන්ඩ් කෲසර් (Land Cruiser) මෝටර් රථය පිටුපසින් පැමිණ දොලොස්වල මහතාගේ වාහනයේ ගැටී අනතුරක් සිදු කර ඇත.
අනතුරින් පසුව දොලොස්වල මහතා ජංගම දුරකතනයෙන් එම ස්ථානය විඩියෝ පටිගත කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී, අදාළ පරිවාරක රථයේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ කොමාන්ඩෝ (මේජර්) නිලධාරියා විසින් එය වහා නවත්වන ලෙසත්, සිද්ධිය මාධ්‍යට දැනුම් නොදෙන ලෙසත් පවසමින් දරුණු ලෙස තර්ජනය කර තිබේ. මෙම බලහත්කාරී හැසිරීම හේතුවෙන් වාහනය තුළ සිටි ඔහුගේ බිරිඳ සහ කුඩා දරු දෙදෙනා දැඩි තැතිගැන්මකට හා මානසික කම්පනයකට පත්ව ඇත.
දොලොස්වල මහතා මේ පිළිබඳව පැමිණිලි කිරීමට වැලිකඩ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී, එහි පැමිණි යුද හමුදාපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු 30 දෙනෙකුගෙන් පමණ සමන්විත හමුදා පිරිසක් පොලිසිය ද සමඟ එක්ව ඔහුට තර්ජනය කරමින්, යුද හමුදා රියදුරාට එරෙහිව පැමිණිලි කිරීමට බාධා පමුණුවා ඇත.
පසුව වැලිකඩ පොලිසියේ උසස් නිලධාරීන්ගේ මැදිහත් වීම මත AIB 396/183 අංකය යටතේ පැමිණිල්ල සටහන් කර ඇතත්, එහිදී ද හමුදා නිලධාරීන්ගේ තර්ජන මධ්‍යයේ පොලිසිය විසින් එම පැමිණිල්ල විකෘති කර ලියා ඇත. පසුව තර්ජනය කොට දොලොස්වල මහතාගෙන් ඊට අත්සන ලබාගෙන තිබේ. එමෙන්ම, ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ සිද්ධියට අදාළ දර්ශන බලහත්කාරයෙන් මකා දමා ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් කිසිදු මාධ්‍ය ආයතනයකට දර්ශන ලබා නොදෙන ලෙසත්, එසේ කළහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවටත් තර්ජනය කර ඇත. පැය 4කට අධික කාලයක් මුළුල්ලේ මුදාහළ මෙම මිලේච්ඡ තර්ජනයන් හමුවේ දොලොස්වල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පත් වූ දැඩි මානසික කම්පනය තවමත් පහව ගොස් නොමැත.
රටේ ජනමාධ්‍යවේදීන් ඇතුළු පොදු මහජනතාව වෙත යුද හමුදාවේත් පොලිසියේත් ඇතැම් නිලධාරීන් විසින් මුදාහරින මෙවැනි අනීතික තර්ජන සහ බලහත්කාරී හිංසන ක්‍රියාවන්ගෙන් යළි යළිත් තහවුරු වන්නේ රට තුළ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බව සහ වත්මන් ආණ්ඩුව හමුවේ රට අරාජිකත්වයට පත්වෙමින් තිබෙන බවයි.
එබැවින්, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ලෙස රටේ ජනාධිපතිවරයාගෙන් සහ වගකිවයුතු බලධාරීන්ගෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වශයෙන් ඉල්ලා සිටින්නේ රට තුළ ක්‍රියාත්මක වන මෙම අරාජික සහ අවාසනාවන්ත තත්ත්වයන් වහාම වැළැක්වීමට රාජ්‍ය නායකයා ලෙස ඍජුව මැදිහත් වී ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. රාජකාරි බලතල අනිසි ලෙස භාවිත කරමින්, මාධ්‍යවේදී ලහිරු දොලොස්වල මහතා බියගන්වා, පොලිසියේ රාජකාරියටද බාධා පමුණුවමින් හමුදාවේ කීර්තිනාමයට ද කැළලක් එක් කළ මෙම අනීතික ක්‍රියාවට සම්බන්ධ සියලු හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.
මෙරට මාධ්‍ය නිදහස සහ පුරවැසි මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා මෙම සිදුවීමට අදාළව අපක්ෂපාතී යුක්තියක් ඉටු වනු ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩිව අපේක්ෂා කරයි. මෙකී තර්ජනය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් අප අවධානයෙන් පසු වන අතර මේ පිළිබඳ අප සංගමය ද දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.
ස්තූතියි,
මෙයට විශ්වාසී,
රංග බණ්ඩාරනායක මිතුන් ජයවර්ධන
සභාපති ලේකම්
පිටපත්:
· මහජන ආරක්ෂ අමාත්‍යවරයා
· ජනමාධ්‍ය අමාත්‍යවරයා
· යුද්ධ හමුදාපතිවරයා
· පොලිස්පතිවරයා