බන්ධනාගාර අධිකාරී නීතිඥවරුන්ට කොන්දේසි දමයි !

0
WhatsApp Image 2026-07-13 at 15.47.50

මිගමුව බන්ධනාගාරයේ ගැටුම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලද පසිඳු මල්ෂක ( සිර අංකය – 8680) සහ චින්තක රුවන් කුමාර (සිර අංකය – (4500 ) යන රැදවියන්ට නීති උපදෙස් ලබාදීම සදහා ඊයේ (13)  එම බන්ධනාගාරයට ගිය නීතිඥවරුන්ට බන්ධනාගාර නිලධාරීන් අධික්ෂණය යටතේ උපදෙස් ලබාදීමට බලපෑම් කළ නිසා තම කණ්ඩායම හැරි ආ බව නීතිඥ සේන පෙරේරා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

අප කණ්ඩායම එහි ගියේ බන්ධනාගාර අධිකාරීගෙන් කලින් කරන ලද ඉල්ලීමකට බව නීතිඥ පෙරේරා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වේ.

මීගමුවේ ඇති වු  සිද්ධියත් සමග බන්ධනාගාර පද්ධතිය තුළ රැදවියන්ට එරෙහිව දැඩි මර්දනයක් ගෙන යන බවත් තුන්වන පාර්ශ්වයක් අසා සිටිය දී තම සේවාදායකයාට උපදේස ලබාදිම හෝ රැදවියන්ට සත්‍ය ප්‍රකාශ කළහොත් අනතුරක් සිදු විය බවත් නීතිඥ වෘත්තියේ අයිතිවාසිකම් හා රැදවියන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන හැරි එමට සිදු අතර මේ තත්වයන් යටතේ උපදෙස් ලබාදීමේ කාර්යය කළ නොහැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

රැදවියන්ට උපදෙස් ලබාදීම සදහා නීතිඥ සේනක පෙරේරා සමග සුරේන් ටී. පෙරේරා ,ධනුෂක සිල්වා ,මාධව ඊරියගම ,සහ මනුෂිකා කුරේ යන නීති‍ඥ මහත්ම මහත්මිහු වැලිකඩ ගියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *