රැදවියන් 28 ක් මරා දමලා -17ක් වෙඩි කළා -11 කට මොට ආයුධ වලින් පහර දිලා – මහේස්ත්‍රාත්වරිය
මිගමුව බන්ධනාගාරය තුළ අපරාධයක් සිදු වී ඇති බවත් වහාම පරික්ෂණයක් ආරම්භ කරන්නැයි නියෝග කළ මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා එම පරික්ෂණය සිදු කරන්නේ කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන අකාරයෙන් සමානව බව ඊයේ (23) එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ පැවසුවාය.
රැදවියන් 17 දෙනෙකු වෙඩි වැදිම හේතුවෙන් මිය ගිය ගොස් ඇති අතර රැදවියන් 11 දෙනෙකු මොට ආයුධ බලය යෙදීම හේතුවෙන් මරණයට පත් වී ඇතැයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.
මිගමුව බන්ධනාගාරයේ අති වු සිද්ධියෙන් රැදවියන් 28 දෙනෙකු මිය ගොස් ඇති අතර මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබු වෛද්‍ය වාර්තා කෙරෙහි අවධානය යොමු කරමින් මහේස්ත්‍රාත්වරිය එසේ ප්‍රකාශ කළාය.
මහේස්ත්‍රාත්වරිය එසේ පැවසුවේ රැදවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂක හා නීතිඥ සේනක පෙරේරා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව කරුණු ඉදිරිපත් කරන්නේ එකපාර්ශ්වයක් වෙනුවෙන් පමනක් බවත් මිය ගිය රැදවියන් 21 දෙනා සිටියේ බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ බව පෙන්වා දුන් නීතිඥවරයා දෙපාර්ශ්වය මිය යෑම ගැන අපේ එකඟතාවයක් නැති බවත් දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන වගන්තිය අනුව පරික්ෂණ සමබරව සිදු වෙනවාදැයි සොයා බැලීමේ බලය ඇත්‌තේ මහේස්ත්‍රාත්වරියට බවත් පැවසීය.

බන්ධනාගරය තුළ පලමු සිද්ධිය ඇති වන්නේ ජුලි 05 වනදා වන අතර දෙවන සිද්ධිය ඇති වන්නේ ජුලි 06 වනදාය. දෙවන සිද්ධියෙන් රැදවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මිය යන අතර දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇති වුනා නම් එක් පාර්ශ්වටක් බන්ධනාගරයෙන් ඉවත් කර ගැනීමට නිලධාරීන් පියවර නොගත්තේ මන්ද යන්න ඔබතුමිය සොයාබැලිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ මෙය සිදු වෙලා තියෙන්නේ නොසැලකිල්ල නිසා බවත් ආයුධ ගබඩාවේ කදුළු ගෑස් විදිනයක් තිබුනා ද? එය ප්‍රධාන ජේලර්වරයි විසින් සොයා බැලුවාද ?මේවැනි රැදවියන් විශාල පිරිසක් සිටින තැනක අනිවාර්යනේ කඳුළු ගෑස් විදිනයක් තිබිය යුතු අතර ඒ වැනි විදිනයක් තිබුනා නම් රැදවියන් විසුරුවා හැරීමට තිබුනු බවත් මේ ගැන සොයා බලන්නැයි නීතිඥ පෙරේරා මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළේය.
මිගමුවේ රදවා සිටි රැදවියන් මේ වන විට වෙනත් බන්ධනාගර වල රඳවා සිටින අතර ඔවුන්ට උපදෙස් දීමට නීතිඥවරු එම බන්ධනාගාර වලට ගිය විට බන්ධනාගර නිලධාරීන් ඉදිරිපිට උපදෙස් ලබා දෙන්නැයි බල කරමින් නීතිඥ වාත්තීයට පවා අභියෝග කරන තත්වයක් නිර්මානය වෙලා ඇතැයි පෙන්වාදුන් නීතිඥවරයා නිලධාරීන් සමග ගැටුනු රැදවියන්ට බරපතළ තත්වයන්ට මුහුණ දීමටත් සිදු වි ඇති බව පෙන්වාදුන්නේය.
අධිකරණයෙන් ඇප දුන් අයට ඇප ලබා නොදී, බන්ධනාගාර නිලධාරීන් රඳවාගෙන සිටින බව පැවසු නීතිඥ පෙරේරා රැදවියන්ට මේ නිසා විශාල අගතියක් සිද්ධ වන බවත් සියලුම රැදවියන්ගේ සාක්කි සහ අයිතිවාසිකම් ආරක්ෂා කරදිම සදහා මැදහත් වන්නැයි මහේස්ත්‍රාත්වරියන්ගෙන් ඉල්ලා සිටියේය.
බන්ධනාගාර නිලධාරියෙක් බන්ධනාගර දොරටුවේ විවරයෙන් ඇතුළ වෙඩි තබන රූප රාමු මාධ්‍ය වලින් පවා දැක ගන්නට ලැබුනු අතර එසේ වෙඩි තබද්දී , රැදවියන් කී දෙනෙකුට එම උණ්ඩ වැදුනා ද යන්න සොයා බැලිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය අනුව එම වරද මිනීමැරීමේ වරද යටතට ගැනේන බව නීතිඥ පෙරේරා අධිකරණය හමුවේ වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 363 ගෙන් සහ රැදවියන් 969 කින් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරක්ෂණ දෙපාර්මේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.මෙම සිද්ධිය සම්බන්ධ සැකකරුවන් 40 දෙනෙකු අන්වර්ථ නම් වලින් හදුනා ගෙන තිබෙන බවත් අධිකරණයට දැනුම් දුන්නේය
මෙතෙක් කළ පරික්ෂණ වලින් ගැටුමට ආසන්න හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිස් නිලධාරීන්ට තොරතුරු සැපයු පිරිසට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරය මෙහෙවා ඇත්තේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් බවට කරුණු අනාවරණය වෙලා තියෙනවා ස්වාමීනි.
ජුලි 05 වනදා බන්ධනාගාර මුලස්ථානයෙන් ජේලර් රාජ්කුමාර අතුළු නිලධාරීන් දහයක් (10) මීගමුවට යවන අතර ජුලි 06 වන දින රැදවියන් පාලනය කිරීම සදහා එම නිලධාරීන් ගිනි අවි දහයක් සමඟ බන්ධනාගාරයට ඇතුල් වී තිබෙනවා. එම රයිෆල් වර්ගයේ ගිනි අවි වලින් පිට වී ඇත්තේ උණ්ඩ දහයක් පමන බවට පරික්ෂණ වලදී තහවුරු කර ගෙන තිබෙනවා.
බන්ධනාගර අවි ගබඩාව ආශ්‍රිත සී.සීටි.වි.කැමරා පද්ධතිය කොස්ගම හමුදා කඳවුරේ සහාය ලබා ගෙන පරික්ෂා කළ බව පැවසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුනු දැක්වු නිලධාරීයා එම සී.සී .ටි.වි.කැමරා වල ඩි.ආර් ඩි .යන්ත්‍රය වැඩිදුර පරික්ෂණ සදහා මොරටු විශ්ව විද්‍යාලයට බාර දුන් බව අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
පහරදිම , බන්ධනාගාර පරිශ්‍රයට අලාභානි කිරීම යන සිද්ධීන් යටතේ පරික්ෂණ සිදු කරන අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 03 ක් මගින් පරික්ෂණ සිදු කරන බව අධිකරණය දැනුවත් කළේය.
තිස් එක් දෙනෙකුගේ(31) මරණ පරික්ෂණ අවසන් වි ඇතැයි පැවසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධරයා මෙම සිද්ධියෙන් ඉන්දියන් ජාතිකයෙකු ද මිය ගොස් ඇති අතර ඒ පිළිබදව ඉන්දියන් තානාපති කාර්යාලය දැනුවත් කළ බවත් ඔහුගේ මරණ පරික්ෂණය ඥාතීන් පැමිනෙන තෙකි ප්‍රමාද කර ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය.
ජුලි 06 වනදා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මිගමුව බන්ධනාතාරයට ඇතුල් වී 3,4,සහ5 යන වාට්ටු වලින් සොයා ගත් ජංගම දුරකතන ඇතුළු නඩු භාණ්ඩ රැසක් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට ලබා දී ඇති බවත් එම නඩු භාණ්ඩ 55-56 සහ 56-57 වශයෙන් නම් කර අධිකරණයට ඉදිරිපත් සුරක්ෂිතව තබන්නැයි ඉල්ලිමක් ද කළේය.