නීතිපති ‍උපදෙස් මත ඉන්දික ප්‍රභාත්ගේ නඩුව වසා දැමීමට බලපිටිය මහේස්ත්‍රාත් ගත් තීරණය මහාධිකරණය ඉවත් කරයි !

0
IMG-20240714-WA0122

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් නාඔටුන්න ආචාරිගේ පියුමි වත්සලාගේ අංක 213 වෙලේගෙදර බෙලිදෙණිය කොට්ටේගොඩ නිවසේ සිටියදී 2022 සැප්තැම්බර් 12 වන දින රාත්‍රියේ පැහැර ගෙන ගොස් නළලට වෙඩි තබා ඝාතනය කරන ලද, කේ.ඒ. ප්‍රභාත් ඉන්දිකගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂක දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේ යන විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට පනුවන්නැයි බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග කළේය.

මහාධිකරණ විනිසුරු වැලිවත් එසේ නියෝග කරමින් බලපිටිය මහේස්ත්‍රාත් ආර් . ඩී .ජානක පෙරේරා විසින් කේ .ඒ. ප්‍රභාත් ඉන්දික ඝාතනය කිරීමේ නඩුව 2024දෙසැම්බර් 10 වනදා අවසන් කිරීම සදහා ගත් තීරණය ,නීතිමය වශයෙන් දෝෂ සහගත බව මෙම අධිකරණයේ ස්ථාවරය වන අතර එකී තීරණය මහාධිකරණය සතුව ඇති ප්‍රතිශෝධන බලය මත පිහිටා ඉවත් කරන්නැයි මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත රේජ්ස්ටාර්වරියට විධානය කර සිටියේ.

මහාධිකරණ විනිසුරුවරයා එසේ විධානය කර ඇත්තේ නාඔටුන්න ආචාරිගේ පියුමි වත්සලා නැමැති පෙත්සම්කාරීය විසින් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ විභාග වු ඒ.පී. 2049/22 නඩුව නීතිපතිගේ  උපදෙස් මත 2024 දෙසම්බර් 10 වනදා වසා දැමීමට මහේස්ත්‍රාත්වරය ගත් තීරණයට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කළ ප්‍රතිශෝධන ඇයදුම් පත විභාගයට ගත් අවස්ථාවේදීය.

ඒ අනුව ප්‍රතිශෝධන අයදුමට අවසර ලබා දෙන අතර මුල් නඩු වාර්තාවද මෙම නියෝගයේ පිටපතක් ඉදිරි නඩු කටයුතු සඳහා වහාම බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

කෙසේවුද ඒ හේතුකොටගෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120(3) වගන්තිය අනුව ප්‍රකාරව අපරාධ විමර්ශනයකින් අවසන් වාර්තාව කැඳවා ගැනීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් නීතිපතිවරයා ගේ ස්ථාවරය ද සැලකිල්ලට භාජනය කරමින් , පෙර කරන ලද අධිකරණ නියෝගය යළි සමාලෝචනයට ලක් කිරීම හෝ වැඩිදුර නඩු කටයුතු පවත්වාගෙන යාම හෝ නඩු කටයුතු අවසන් කිරීම හෝ  සඳහා වු තම අභිමතය පිහිටා තවදුරටත් කටයුතු කිරීමට මහේස්ත්‍රාත්වරයාට ඇති අධිකරණ බලයට කිසිදු නීතිමය බාධාවක් පැන නොනගින බව ද මහාධිකරණ විනිසුරුවරයා  අවධාරණය කළේය.

.ඉන්දික ප්‍රභාත් යන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යෑම සම්බන්ධයෙන් ඉහත කී නඩු අංක ඒ.ආර්.2049/22 යටතේ පවත්වන ලද මහේස්ත්‍රාත් පරික්ෂණයට ආදාළව මහේස්ත්‍රාත් ජානක පෙරේරා විසින් 2024ජුලි 09 වනදා නියෝගයක් ප්‍රකාශයට පත් කළ අතර එහිදී මර‍ණකරුගේ මරණය ගිනි අවියකින් වෙඩි තැබීම නිසා හිසට බෙල්ලට ,පපුවට සහ උදරයට සිදු වු බහුවිධ තුවාල හේතු කොටගෙන වු මරණයක් බවට තීරණය කෙරිණ.

ඉදිරිපත් වු සාක්ෂි සලකා බැලිමෙන් පසුව පැ.සා.02 ( දොන් ලක්ෂ්මන් අමරතුංග ) විසින් ඔහුගේ ආත්මාරක්ෂාව උදෙසා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් සිදු වී නොමැති බවට ගම්‍ය වන බව ද ඉන්දික ප්‍රභාත් නැමැති සැකකරුගේ මරණය චේතාන්විතව සිදු කරන ලද වෙඩි තැබීමකින් සිදුව ඇති මරණයක් බවට පෙනි යන බව ද මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇති අතර මරණකරුට වෙඩි තබා මර‍ණය සිදු කළ පැ.සා.02( කොළඹගේ)සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටිය නියෝග කර තිබිණ‍.

මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කර තිබියදී සාරානුකුලව කටයුතු කරනු වෙනුවට පොලිස් නීති කොට්ඨාශය හරහා මෙම නීති කෘත්‍යයට ආදාළව උධෘත නීතිපතිවරයා වෙත යොමු කරන්නට කටයුතු කර තිබේ.

නීතිපතිවරයා 2024 නොවැම්බර් 04 වනදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පිටපතක් සහිතව අධ්‍යක්ෂක නීති පොලිස් මුලස්ථානය වෙත ලිපියකින් දන්වා යවන ලදී. එම ලිපිය අනුව අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමානවත් කරුණු නොමැති බැවින් ,සිද්ධියට ආදාළ වැඩිදුර නෛතික පියවර ගැනීමට අපේක්ෂා නොකරන බවයි. ලිපියේ අන්තර්ගතය සලකාබැලිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා 2024 දෙසැම්බර් 12 වනදා නියෝගය ප්‍රකාශයට පත් කරමින් ,තවදුරටත් නීතිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට  අපේක්ෂා නොකරන බවට ද එසේ එහෙයින් නඩුවේ කටයුතු අවසන් කරන බවටද තීරණය කෙරිණ.

මෙහිදී විවාදයට තුඩු දී ඇත්තේ 2024 දෙසැම්බර් 12 වනදා මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත් කරන ලද එම නියෝගයයි.

මහේස්ත්‍රාත්වරයා මර‍ණ පරික්ෂණය අවසානයේ 2024 ජුලි 09 වනදා වැඩිදුර විමර්ශන අරභයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටිය  වෙත පැහැදිලි නියෝගයක් නිකුත් කර ඇති බවත් ,එසේ තිබියදී ඊට සාරානුකුල කටයුතු කරනු වෙනුවට පොලිස් නීති කොට්ඨාශයේ හරහා මෙම නීති කෘත්‍යයට ආදළ උධෘත නීතිපතවරයා වෙත යොමු කරන්නට යේදී ඇති බවත් නීතිපතිවරයා 2024 නොවැම්බර් 04 දින ලිපිය හරහා මෙම නීති කෘත්‍යයට ආදළ කිසිදු පුද්ගලයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමානවත් කරනු/සාක්කි අනාවරණයවී නොමැති බවට අධ්‍යක්ෂක නීති -පොලිස් මුලස්ථානය වෙත උපදෙස් ලබා දුන්න ද එම ලිපියේ උපදේස පිළිපැදීමට මහේස්ත්‍රාත්වරයා බැදි නොසිටින බවද නෛතික තත්වය වරදවා වටහාගෙන නීතිපතිවරයාගේ තීරණ පාදක කරගනිමින්, නඩු කටයුතු අවසන් කිරීමට මහේස්ත්‍රාත්වරයා 2024 දෙසැම්බර් දින ගනු ලැබු තීරණය නීතිමය වශයෙන් දෝෂ සහාගත බවටද පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.

මෙවැනි අවස්ථාවක නීතිපතිවරයා විසින් ලබා දෙන උපදේස ක්‍රියාත්මක කිරීම මහේස්ත්‍රාත්ගේ කාර්යභාර්ය වන බවත් ඒ අනූව නීතිපතිවරයා විසින් 2024 නොසැම්බර් 04 දින ඉදිරිපත් කරන ලද උපදෙස් ලිපිය වඩාත් පුළුල් අර්ථකනය කිරීමෙන් අනතුරුව එනම් ලඝු නොවන මුලික විමර්ශනයක් පවත්වා ගොනුව නීතිපතිවරයා වෙත යොමු කළ ද නීතිපතිවරයා ස්ථාවරය අනුව අධි චෝදනා පත්‍ර ගොනු කිරීමක් සිදු නොවන තත්ත්වයක් තුළ එකී උපදෙස් අනුව කටයුතු කරමින් , මහේස්ත්‍රාත්වරයා විසින් 2024 දෙසැම්බර් 10 වන දින කරන ලද නියෝගය නිකුත් කර ඇති බවත් එකී නියෝගය අපරාධ නඩු සංග්‍රහ පනතේ 396 වන වගන්තිය සාරානුකුලව නිකුත් කර ඇති නිත්‍යානුකුල නියෝගයක් වන අතර එකී නියෝගය කිසිසෙත්ම  නීතියට පටහැනි නොවන බව වගඋත්තකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කළේය.

අපරාධ නඩු සංග්‍රහයේ 393 වන වගන්තියේ සිට 401 වන වගන්තිය දක්වා නීතිපතිවරයා විසින් කරනු ලබන නඩු කටයුතු සහ බලතල පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහ කර ඇති අතර ඒ හරහා  අපරා නඩු කටයුතු පවත්වාගෙන යාමෙහි නීතිපතිවරයාට අර්ධ අධිකරණ බලතල ( Quasi Juditial power) හිමිව  ඇති බවද විවාදයක් නැත. කෙසේ වුවද  අධිකරණයට පෙනී යන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ  396-397 වගන්ති වලට ආදළාව ලඝු නොවන පරික්ෂණයක් පවත්වනු ලැබ ඇති තත්ත්වයක් යටතේ පමනක් වන බවය. කෙසේ වෙතත්  මෙම ප්‍රතිශෝධන  අයදුමට විෂයගතව  ඇත්තේ ලඝු නොවන පරික්ෂණයක් ආරම්භ කර ඇති තත්ත්වයක්  යටතේ නොවන අතර ,ප්‍රශ්නයක් නීති කෘත්‍ය තවදුරටත් විමර්ශනය අදියරේ පවති .එම පසුබිම තුළ ඉහත කී වගන්තිවල දැක්වෙන විධානයන් විමර්ශනය අදියරේ පවතින ප්‍රශ්නයක් නීත්‍ය කෘත්‍යයට ආදළා කර ගත හැකි නොවෙයි. ඔ්නෑම අවස්ථාවක දී නීපති ‍උපදෙස් පැතීමට පොලිසිය විමර්ශකයන්ට නීතිමය බාධා නොමැති වුවද ,එවැනි අවස්ථාවකදී නීතිපතිවරයා විසින් පොලිසියට ලබා දෙන උපදෙස් මත පමනක් පිහිටා කටයුතු  කිරීමට අධිකරණය බැදී නොසිටින බව මෙහිලා සඳහන් කළ යුතු බව පෙත්සම්කාරීය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *