පොලිස් පරික්ෂක කොළඹගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය කළ නියෝගය පොලිසිය මග හරි !
නීතිපතිගේ උපදෙස් මත බලපිටිය මහේස්ත්‍රාත් ඩි.ආර්. ජානක පෙරේරා කේ.ඒ . ප්‍රභාත් ඉන්දික වෙඩි තබා ඝාතනය කිරීමේ නඩු අංක 2049/22 නඩුව වසා දැමීමට 2024 දෙසැම්බර් 12 වනදා ගත් තීරණය ,නීතිමය වශයෙන් දෝෂ සහගත බවත් මහාධිකරණයේ ප්‍රතිශෝධන බලය මත පිහිටා එම තීරණය ඉවත් කරන්නැයි මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත කළ නියෝගය අනුව අද (28) එම නඩුව බලපිටිය මහේස්ත්‍රාත් හමුවේ නැවතත් විභාගයට ගැනිණ.
මහාධිකරණ විනිසුරු රුචිර වැල්ලවත්ත එම නියෝගය කළේ නාඔටුන්න ආරච්චිගේ පියුමි වත්සලා නැමති පෙත්සම්කාරීය විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම විභාගයෙන් අනතුරුව
මහාධිකරණ විනිසුරු වැල්ලවත්ත ප්‍රභාත් ඉන්දිකව වෙඩි තබා ඝාතනය කරන ලද විත්තිකරු වන දොන් ලක්ෂ්මන් අමරතුංග කොළඹගේ යන අයව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිපිටියට නියෝග කළේය . ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇල්පිටියට එම නියෝග නොලැබුනා යැයි පොලිසිය අද (28) දින එම විත්තිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබුණි. බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නඩු වසා තැබීමට පෙර විත්තිකරු අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරන්නැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටියට නියෝග තිබුණි. මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කර තිබියදී සාරානුකුලව කටයුතු කරනු වෙනුවට පොලිස් නීති කොට්ඨාශය හරහා මෙම නීති කෘත්‍යයට ආදාළව උධෘත නීතිපතිවරයා වෙත යොමු කරන්නට කටයුතු කර තිබිණි.
ප්‍රභාත් ඉන්දික වෙඩි තබා ඝාතනය කරන් ලද්දේ , අහුන්ගල්ල පොලිස් බල ප්‍රදේශයේ වන අතර අහුන්ගල්ල පොලිසිය අපක්ෂපාතිව විමර්ශන සිදු නොකර බැවින් , එම විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පවරන්නැයි මරණකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කාරීය වෙනුවෙන් ජනාධිපති නීතිඥ බණ්ඩාර විත්තිකරුගේ විදේශ ගමන් බල පත්‍රය තහනම් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කාරීය වන පියුමි වත්සලාට මරණ තර්ජන එල්ල වි ඇති බැවින්, පෙත්සම්කාරීයට ආරක්ෂාව ලබා දෙන්නැයි සාක්කිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරීයට නියෝග නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥවරයා මහේස්ත්‍රාවරියගෙන් ඉල්ලීමක් කළ අතර නියෝගයක් අවශය නැහැ . අධිකාරීයෙන් ඉල්ලීමක් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය පවසා ඇත.
නඩුව 2026 අගෝස්තු 25 වනදා නැවත කැඳවනු ලැබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් නාඔටුන්න ආචාරිගේ පියුමි වත්සලාට අයත් අංක 213 වෙලේගෙදර බෙලිදෙණිය කොට්ටේගොඩ යන ලිපනයේ පිහිටි නිවසේ සිටියදී 2022 සැප්තැම්බර් 12 වන දින රාත්‍රියේ කේ .ඒ. ප්‍රභාත් ඉන්දික අත්අඩංගුවට ගෙන අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් අමානුෂික ලෙස වධ බන්ධනයන්ට ලක් ,නළලට වෙඩි තබා ඝාතනය කර තිබුණි.
ඉන්දික ප්‍රභාත් යන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යෑම සම්බන්ධයෙන් ඉහත කී නඩු අංක ඒ.ආර්.2049/22 යටතේ පවත්වන ලද මහේස්ත්‍රාත් පරික්ෂණයට ආදාළව මහේස්ත්‍රාත් ජානක පෙරේරා විසින් 2024ජුලි 09 වනදා නියෝගයක් ප්‍රකාශයට පත් කළ අතර එහිදී මරණකරුගේ මරණය ගිනි අවියකින් වෙඩි තැබීම නිසා හිසට බෙල්ලට ,පපුවට සහ උදරයට සිදු වු බහුවිධ තුවාල හේතු කොටගෙන වු මරණයක් බවට තීරණය කෙරිණ.
ඉදිරිපත් වු සාක්ෂි සලකා බැලිමෙන් පසුව පැ.සා.02 ( දොන් ලක්ෂ්මන් අමරතුංග ) විසින් ඔහුගේ ආත්මාරක්ෂාව උදෙසා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් සිදු වී නොමැති බවට ගම්‍ය වන බව ද ඉන්දික ප්‍රභාත් නැමැති සැකකරුගේ මරණය චේතාන්විතව සිදු කරන ලද වෙඩි තැබීමකින් සිදුව ඇති මරණයක් බවට පෙනි යන බව ද මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇති අතර මරණකරුට වෙඩි තබා මරණය සිදු කළ පැ.සා.02( කොළඹගේ)සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇල්පිටිය නියෝග කර තිබිණ.
කොළඹගේ බෙිරි ගැනීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාතය අරුණ ජයසේකර සමඟ හිටපු පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති හා නීතිඥ වරුණ ජයසුන්දර ජනාධිපති අරුණ කුමාර දිසානායකව ආරක්ෂ මණඩලයෙදී මුහුණ ගැසී ඇත. එහි දී ජයසුන්දරගේ ප්‍රශ්නය විසදා දෙන්නැයි ජනාධිපති දිසානායක නීතිපතිවරයාට පවසා තිබිණ. ඒ අනුව නීතිපතිවරයා තමන්ගේ බලය උපයෝගී කරගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පැවති නඩුව වසා දමන්නැයි නියෝග කළේය.
ශ්‍රි ලංකාවේ සාමය හා නීතිය ආරක්ෂා කිරීමට ස්ථාපිත කර ඇති පොලිසියට ඝාතකයෙකුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේසත්‍රාත් අධිකරණයකින් සහ මහාධිකරණයකින් නියෝග කර තිබියදීත් ජ්‍යෙෂ්ඨ අධිකාරීවරයා විවිධ කතා කියමින් එම අධිකරණයට නියෝග මග හැර ඇත. මෙම නියෝග මග හැරීම ඇතුළේ එළිමහනට දොරේ ගලන්නේ පොලිසියේ පක්ෂපාති භාවයටත් වඩා නීතියේ පන්ති ස්වභාවයයි.
ධනපති සමාජය තුළ සියල්ල නිර්නය වන්නේ ප්‍රාග්ධනය මතය. මුදල නොමැති නම් නඩු කිව නොහැකිය. ප්‍රභාත් ඉන්දිකගේ බිරිඳ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නඩුව වසා දැමිමට තීරණය කරද්දී, මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුමක් ඉදිරිපත් කරන්නේ පියුමි වත්සලාට මුදල් වියදම් කිරීමට හැකියාව තිබු නිසාය. මුදල් තිබුන ද සේවාදායකයාට අවංකව සේවය කරන නීතිඥයන් සොයා ගැනීම ද මුදල් සොයා ගන්නවාටත් වඩා අමාරුය. අප ජිවත් වන ධනපති සමාජය තුළ නීතියට අනුව කටයුතු කරන්නට සිද්ධ වන නමුත් කම්කරු -පීඩිත ජනයාගෙන් අප ඉල්ලා සිටින්නේ ධනපති නීතිය විශ්වාස නොකරන ලෙසත් ධනපති ක්‍රමය පෙරළා දැමීමෙන් මෙපිට නීතිය ඉදිරියේ සියලුම දෙනා සමාන යන්න ප්‍රෝඩාවක් බවත්ය.