‍රටේ නීතිය පසිඳලන ආයතනත් මුදල් අවභාවිතා කරයි .

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන්ට නවාතැන් ලබාදීම සඳහා ලබාගත් ගොඩනැඟිල්ලක මහල් දෙකක් සඳහා හාරලක්ෂ පනස් දහසක මාසික කුලියක් ගෙවන බව එම නිලධාරීහු පවසති.

පසුගිය අගෝස්තු මස සිට මෙම ගොඩනැගිල්ල කුලියට ගත්තද එක් මහාලයක කිසිදු නිලධාරියෙකු මෙතෙක් නවාතැන් ගෙන නොමැති බව ඔවුහු සඳහන් කරති .ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් ලබාදුන් මුදල් නාස්තිකාර වියදමක් බවද ඔවුන් පවසති.

රටේ උත්තරීතර නීතිය පසිඳලන ස්ථාන මගින් මෙසේ මුදල් අවභාවිත කිරීම සිදු කරන්නේ කාගේ වුවමනාවටද යැයි නිලධාරීහු ප්‍රශ්න කරති .

WhatsApp Image 2022-05-11 at 1.47.13 PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *