මහජනයාට කන්න නෑ, ජනාධිපති අධිආරක්ෂක කලාප පිහිටුවයි

The public does not have food, the President establishes high security zones
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ රාජ්‍ය ආයතන 18 ක් සහ ප්‍රදේශ ගණනාවක් අධිආරක්ෂක කලාප ලෙස නම් කර ඇත.
මෙම ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය කොළඹ, නීතිපති දෙපාර්තමේන්තු, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්‍ෂක අමාත්‍යංශය, යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අරලියගහ මන්දියර, ආරක්‍ෂක ලේකම් නිල නිවස සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස (එම ප්‍රදේශය තුළ පිහිටි තානාපති මුක්තිය හිමි ස්ථාන හැර) සහ ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්‍ෂිත කලාප බවට නම් කර තිබේ.