ආනයන භාණ්ඩ පරික්ෂා කිරිමේ බලය ප්‍රමිති ආයතනයට පවරන්න

0
DSC_8145

ආනයනය කරන ලද පාන් පිටි වල ගුල්ලන් සහ පණුවෝ ඇති බවත් පාන් පිටි වල පණුවන සිටින නිසා ජනතාව මස් සහ මාළු වෙනම මිලදී ගත යුතු නැති බවත් ආනයනය කරන විශේෂයෙන් පාන් පිටි වල සහ සහල වල ප්‍රමිතිය පරික්ෂා කිරිමේ සම්පුර්ණ බලය ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයට පැවැරිය යුතු බව ආපන හිමියන් ගේ සංගමයේ කැදවුම්කරු අසේල සම්පත් පැවැසීය .

සම්පත් එසේ පැවැසුවේ රටට ආනයනය කර ඇති පාන් පිටි ප්‍රමිතියෙන් තොර බවට අපන ශාලා හිමියන් ගේ සංගමය අද (25) උදේ ආ නාරාහේන්පිට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැමිණිල්ලක් කරන්නට ගිය අවස්ථාවේ දීය .

සම්පත් , ත්‍රිරෝද ර, සංගමයේ ලලිත් විජේර.ත්න සහ පාරිභෝගික කාන්තා සංවිධානයේ ලක්මාලි ප්‍රනාාන්දු තවත් පිරිසක් පැමිල්ල දැමිම සදහා ප්‍රමිති ආයතනයට ගියහ .

පැමිණිල්ල දැමීමෙන් අනතුරුව ලක්මාලි ප්‍රනාන්දු පාන්පිටි කිලෝවක් මාධ්‍යවේදීන් ඉදිරිපිට පෙනේරයකින් හලා එහි ඇති පණුවන සහ ගුල්ලන පෙන්විය .

ආනයන භාණ්ඩ පරික්ෂා කිරිමේ බලය ප්‍රමිති ආයතනයට පවරන්න
ආනයන භාණ්ඩ පරික්ෂා කිරිමේ බලය ප්‍රමිති ආයතනයට පවරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *