ලංකාවේ ආහාර අර්බුදය උත්සන්න වි ඇතැයි ලෝක ආහාර වැඩසටහන හෙළි කරයි

0
0042e8be6ab54fb1e83d32ab91e765b1bb2877aa

එස්.කේ.අයිරාංගනී

“ලෝක ආහාර වැඩ සටහන”, පසුගිය දෙසැම්බරයේ නිකුත් කල ‘ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිලිබඳ අධීක්ෂන වාර්තාවෙන්’, රටේ ආහාර අර්බුදයේ ව්‍යසනකාරී තත්වය හෙලිදරව් කෙරුනි.

එයට අනුව ලංකාවේ පවුල්වලින් සියයට 33ක් ආහාර අනාරක්ෂිතභාවයට ඇද වැටී සිටිති. පවුල් වලින් සියයට 67ක් අකමැති ආහාගනිමින් ද සියයට 43ක් ආහාර සීමා කරමින් ද සියයට 35ක් ආහාර වේල් අඩු කරමින් ද ජීවත් වෙති.

වතුකරයේ කුටුම්බවලින් සියයට 38ක්, ග්‍රාමීය ව සියයට 34ක්, නාගරික ව සියයට 28ක් ආහාර අර්බුදයේ බර දරමින් සිටිති. ස්ත්‍රී මූලික පවුල් අතරින් සියයට 37 ක් හා පුරුෂ මූලික පවුල් අතරින් සියයට 32ක් මෙම අර්බුදයෙන් බැටකති. රටෙහි සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 30ක් ප්‍රමානවත් ලෙස ආහාර පරිභෝජනය නොකරන අතර මේ තත්වය තවත් නරක අතට හැරෙනු ඇතැ යි වාර්තාව සඳහන් කරයි.

ලංකාවේ ආහාර අර්බුදය උත්සන්න වි ඇතැයි ලෝක ආහාර වැඩසටහන හෙළි කරයි
ආහාර අනාරක්ෂිතභාවයෙන් බැටකන වතුකම්කරු පවුලක් [Photo: WSWS]

පලාත් වශයෙන් ගත්කල ඉහලම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා කෙරෙන්නේ ඌව පලාතෙනි. එහි පවුල්වලින් සියයට 43 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලේ.

එලවලු බහුලව ද, සහල් ඇතුලු ධාන්‍ය වර්ග සහ පලතුරු ඊට අමතරව ද වගා කරන ගොවි ජනතාවක් සිටින ඌව පලාතේ, මෙවන් ඉහල ආහාර අනාරක්ෂිතභාවයක් වැඩී ඇත්තේ කෙසේදැයි විමසා බැලීමට, පසුගිය දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවෝ බන්ඩාරවෙල ප්‍රදේශයේ සංචාරයක නිරතවූහ.

බන්ඩාරවෙල නගරයේ සිට කිලෝමීටර් 8 ක් පමන දුරින් පිහිටි කොන්තහෙල පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක් සඳහන් කලේ, ආහාර මිලදී ගැනීමට ප්‍රමානවත් තරම් ආදායමක් දෙමාපියන්ට නොමැති කමින්, තම පන්තියේ සිසුවෙකු පෙර දිනයේ පාසල් නොපැමිනි බවයි.

ඒ පිලිබඳව විමසූ විට සිසුවා සඳහන් කල කරුනු ඇය මෙසේ පැවසුවාය: “ඇහුවහම කිව්වෙ තාත්තටවත් අම්මටවත් රස්සාවක් නෑ කියල. කන්න දෙයක් ගේන්න ගෙදර සල්ලි තිබුනෙ නැති නිසා දවස් දෙකක් බත් කාල නෑ. බඩගිනි නිසා ඉස්කෝලෙ ආවෙ නැතිලු. ඊයෙ තාත්තා කාගෙද වැලි වගයක් ගොඩ දාල හොයා ගත්ත සල්ලිවලින් හාල් ගෙනල්ල රෑට පරිප්පු එක්ක බත් කෑවලු. ”

ලංකාවේ ආහාර අර්බුදය උත්සන්න වි ඇතැයි ලෝක ආහාර වැඩසටහන හෙළි කරයි
පරිගනක ක්‍රියාකාරිනියක් සහ තරුන මවක් වන රාධිකා


පරිගනක ක්‍රියාකාරිනියක් වන රාධිකා නම් තරුන මව මෙසේ සඳහන් කලාය: “බඩු ගනන් යන්න ඉස්සර දරුවට බිත්තරයක්, පලතුරක් හැම දා ම දුන්නා. දැන් එහෙම බැහැ. මස් මාලු කන්නෙ කලාතුරකින්. මන්දපෝෂනය තවත් වැඩිවෙයි, අපේ පඩි වැඩිවෙලා නැහැ. ජීවත් වෙන්න හරි අමරුයි.”

උපුටා ගත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් ( www. wsws .org )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *