ගෝඨාභයගේ ගුවන් ගමන් විස්තර ඉල්ලයි

0
45col6125942199_6718822_01032018_SFM_CMY

පසුගිය වසරේ අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවනින් කළ ගමන් පිළිබද සියලු තොරතුරු ඉල්ලුම්කරුට ලබා දෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොම්ෂන් සභාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නියෝග කර ඇත.

කොමිෂන් සභාවට එම තොරතරු පිටපතක් ද සමග අප්‍රේල් මස 28 දිනට පෙර ලබාදෙන ලෙස නියෝග කර ඇත . සමාජ හා සාමායික කේන්ද්‍රය වෙනුවෙන් මාධ්‍යවේදී තරිදු ජයවර්ධන එම තොරතුරු ඉල්ලීම කර ඇති අතර තොරතුරු ඉල්ලීමට ආදාළ කාලය වන්නේ 2022 මාර්තු 31 දින සිට එම වසරේ ජුලි 25 දක්වාය .

ශ්‍රී ගුවන් හමුදාවට අයත් යානාවලින් ගිය අවස්ථා , ඊට ආදාළ දින ,ගමන් ආරම්භක හා අවසන් ස්ථාන,ජනාධිපතිවරයා සමල ගිය සංඛ්‍යාව , ඒ සදහා වැය වු මුදල ,එම වැය ිරීම් සිදුකළේ ගුවන් හමුදාවවෙන්ද , රජයෙන්ද නැතහොත් ජනාධිපතිවරයාගේ පෞද්ගලිකමුදලින්ද යන කරුණු ඒ මගින් විමසා ඇත.

ලසන්ත රුහුණගේ -අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *