ආර්. රාජ්කුමාරිගේ ඝාතකයන්ට වහා දඩුවම් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලති

0
DSC_3323

ආර් , රාජ්කුමාරිට වහා යුක්තිය ඉටු කරනු ! ඝාතකයන්ට වහා දඩුවම් කරනු ! යැයි ආණ්ඩුවට බල අද (12) දහවල් පිටකොටුව ගෑසපහ මංසන්දියේ පැරැණි නගර සභාව ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පෑවැත්විණ .

මෙම විරෝධතාවය තේ කර්මාන්ත මධ්‍යස්ථානය සහ උතුරු,දකුණ සහෝදරත්වය මගින් සංවිධානය කර ඇත.

රාජ්කුමාරි මුද්දක් සොරකම් කළා යැයි රාජගිරිය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අමානුසික ලෙස පහර දී පසුව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ .

වැලිකඩ පොලිසිය මගින් රාජකුමාරිව අත්අඩංගුවට ගෙන ඇත්තේ මැයි 11 වෙනිදාය . ඇය තිදරු මවක් වන අතර බදුල්ල දෙමෝදර නාවලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

රාජ්කුමාරි මුද්දක් සොරකම් කළ බවට වැලිකඩ පොලිසීයේ පැමිණිල්ලක් දමා ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් වන සුධර්මා නෙත්තිකුමාර විසිනි.

නෙත්තිකුමාරගේ පැමිණිල්ලට ඇයව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රාජ්කුමාරි සේවය කර ඇත්තේ බොරැල්ල කොටා පාරේ නිවසකය .

පොලිස් පහර දීම හේතුවෙන් රාජ්කුමාරි මිය ගොස් ඇති බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ඇගේ ස්වාමී පුරුෂයා වන සෙල්වරාජ සුරාජ්ට පැවසා ඇත.

ආර්. රාජ්කුමාරිගේ ඝාතකයන්ට වහා දඩුවම් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලති
ආර්. රාජ්කුමාරිගේ ඝාතකයන්ට වහා දඩුවම් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලති
ආර්. රාජ්කුමාරිගේ ඝාතකයන්ට වහා දඩුවම් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලති
ආර්. රාජ්කුමාරිගේ ඝාතකයන්ට වහා දඩුවම් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *