හමාස් විමුක්තිකාමීන් එක්සත් ජනපද ප්‍රාණඇපකරුවන් දෙදනෙක් නිදහස් කරති

0
Screenshot-2023-10-20-at-10.15.32 PM-copy-1697829407

හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් ලෙස රදවාගෙන සිටි සිරකරුවන් අතරින් ඇමරිකානුවන් දෙදනෙක් ,මානුෂික හේතුමත නිදහස් කිරීමට තිරණය කළ බව හමාස් සංවිධානයේ හමුදා ප්‍රකාශක අබු ඔබයිඩ් පවසයි .

මෙම සිරකරුවන් දෙදනා නිදහස් කළේ කටාර් රාජයේ ප්‍රයත්නයට ප්‍රතිචාර වශයෙන් බවත් අබු ඔබයිඩ් වැඩිදුරටත් පැවසීය .

හමාස් විමුක්තිකාමීන් විසින් මෙසේ නිදහස් කර ඇත්තේ , අවුරුදු 59 ක් වයසැති ජුඩිත් රනන් හා අයගේ දුව වන 17 හැවරදි නටාලියා රනන් යන අය වෙති .

හමාස් විමුක්තිකාමීන් විසින් ඔක්තෝම්බර් (07) ඊශ්‍රාලයට ඇතුල් වී එල්ල රොකට් ප්‍රහාරයක් එල්ල කළ අතර එහි දී ඊශ්‍රායල විදේශිකයන් ද ඇතුළු ඊශ්‍රායල ජාතිකයින් දෙසීයකට ආසන්න පිරිසක් පැහැරගෙනවිත් ප්‍රාණඇපකරුවන් ලෙස රදවාගෙන සිටියහ . එම ප්‍රහාරයෙන් ඊශ්‍රායල ජාතිකයන් 1400 ක් මිය ‌‌ගොස් 500 පමණ පිරිසක් තුවාල ලැබුහ. මිය ගිය 1400 අතර ඊශ්‍රායල හමුදා භටයින් 355 ක් සිටින විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි .

ඊිිශ්‍රායලය මගින් එල්ල කළ අති දැන්ත ගුවන් ප්‍රහාර වලික් පලස්තීන් ජාතිකයින් සහ ළමුන් 5000 අයන්න පිරිසක් මිය ගොස් ඇතැයි එම මාධ්‍ය වාර්තා කරයි.

තොරතුරු සහ ජයාරූපය අල් ජාසීරා ඇසුරින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *