ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කුලී මැර හමුදා තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම අරඹයි

හොරොව්පොතාන පොලිස් බල ප්‍රදේශයේදී මාර්තු 27 වනදා පැහැරගෙන යන ලද ගොනපිනුවල කපිල කුමාර සිල්වා සම්බබන්ධයෙන් දැනට ඔහුගේ බිරිදගෙන් සාක්ෂි මත පදනම්ව විමර්ශන කටයුතු සිදු කිරීමට එම පොලිසියට නියෝග කරන්නැයි සිරකරු අසිතිවාසිකම් සුරැකීමේ කම්ටුවේ අද (05) නීතිඥවරු මෝසමක් මාර්ගයෙන් , කැබැතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිට නියෝගයක් නිකුත් කළේය .

කපිල කුමාරගේ අතුරුදන් විම සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි .

කපිල කුමාරව මාර්තු 27 වනදා සවස පාන් ගෙඩියක් ගෙන එම සදහා කඩේට ගිය අවස්ථාවේ අතුරුදන් වී ඇත. ඔහුගේ බිරිද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක හොරොව්පොතාන පොලිසියේ දමා ඇත. අතුරුදන්ව සිටින කපිල කුමාර ඔහුගේ මිත්‍රයෙකුට මාර්තු 28 වෙනිිිදා දුරකතනයකින් කතා කර ඇත. පසුව මිත්‍රයා ඒ බව කපිලගේ බිරිදට පවසා තිබිණ . මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට කපිල කුමාරගේ බිරිද පොලිසියට ගිය අවස්ථාවේ මිණිල්ල බාර ගෙන නොමැත.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව කැබැතිගොල්ලෑව අධිකරණයෙන් අද (05) මෝසමක් මාර්ගයෙන් ඉල්ලා සිටියේ හොරොව්පොපොතාන පොලිසිි මගින් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ එම පැමිණිල්ල බාර ගන්නැයි එම පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසටය.

විශේෂ කාර්ය බලකායේ සන්නා සන්නද්ධ නිලධාරීන් පිරිසක් මාර්තු 28 උදේ කපිල කුමාරගේ හොරොව්පොතාන නිවසට කඩා වැදි ආයුධ ඇත්දැයි පරික්ෂා කර ඇත.

කපිල කුමාර අතුරුදන් වන විට රැකියාවක් වශයෙන් සිදු කර ඇත්තේ හෙන් ගොවිතැනය . ඊට පෙර ඔහු යුද හමුදාවට බැදි කටයුතු කර පසුව විශ්‍රාම ගොස් ඇත. ඔහු දෙදරු පියෙකි . ඒක් ගැහැනු දරුවෙක් මෙවර අපොස සමාන්‍ය පෙළ සදහා පෙනි සිටියි .

එදිනම සවස කපිල කුමාරගේ මව සහ පියා පදිංචි 283/3 පොත්තවල පාර අකුරණ කහව නිවසට සුදු වැන් රථයකින් පැමිණි සිවිල් ඇදුමින් සැරසි සිටි නාදුනන පිරිසක් ( පිරිම පුද්ගලයන් 06 ක් සහ කාන්තාවන් දෙදනෙක්) 27 සවස 6 යේ සිට පසුදා එනම් 28 රාත්‍රි 8 දක්වා එක දිගටම ප්‍රශ්න කළ බව කපිල කුමාරගේ මව වන කුමුදුනී ජයසේකර කොළඹ පැවති ප්‍රවෘත්තී සාකච්ජාවකදි පැවැසුවාය .

මගේ පුතා මාර්තු 27 කෑම ගෙන්න කඩෙිට ගිය අවස්ථාවේ අතුරුදන් වෙලා .මේ වෙනකම් ඔහු ගැන තොරතුරක් නැහැ . මගේ පුතාට දුවවලා දෙන්නෙක් ඉන්නවා . මාර්තු 27 සවස 6.30ට නාදුනන පුද්ගලයන් 06 නෙක් සහ කාන්තාවන් 02 අපේ කහව නිවස බලහත්කාරයෙන් ඇතුල් වෙලා පුතා ගැන ප්‍රශ්න කළා . 27 සවස 6.30 ඉදලා පසුදා 28 වෙනාදා රත්‍රි 8.30 වෙනකම් ප්‍රශ්න කිරීම් සිදු කළා . ඔවුන් මුලින්ම අපේ දුරකතන අරගෙන ඊට පස්සේ අපිව තැන් තැන් වලට දැම්මා . මගේ මහත්තයාට පරුෂ වචනයෙන් බැණවැදි පොටිපෝවේ වාඩි කරනවා මම දැක්කා . මහත්තයාට බනිනන කොට මම කිවිවා මහහත්තයා හෘද සැත්කමක් කරලා තියෙන්නේ , කරන ප්‍රශ්නය කිරීමක් මගෙන් කරන්න කියලා .ඊට පස්සේ මගෙන් ප්‍රශ්න කළා . මගේ මානසිකත්වය බිංදුවට වැටෙනකම් මගෙන් ප්‍රශ්න කළා .මම කිවිවේ මොනවාද කිියලාවත් මගෙන් ඇහුවේ මොනවාද කියලාවත් මට මතක නැහැ . ඒ තරමට මාව අපහසුතාවයට පත් කළා . ඒ වෙන කොටත් කපිල කුමාර අතුරුදන් වෙලා කියලා මම දැනගෙන හිටියේ නැහැ . මම අඩලා කිවිවා මගේ මහත්තයා සමග කතා කරන්න දෙන්න කියලා . දුන්නේ නැහැ .මම රැට කාල හිටියේ නැහැ . මම බෙහෙත් බිවිවේ කන්නේ නැතුව . මගේ වෑල් හතරක් අවහිර වෙලා ,සැත්කමක් කරන්න ඉන්න රෝගියෙක් . මට හාන්සි වෙන්න ඉඩ දෙන්න කිව්වා එකට ඉඩ දුන්නත් නැහැ . මාර්තු 28 උදේ මගේ දුරකතනයට කොල් එකාක් ආවා . පස්සේ මම කවුද කතා කරන්නේ කියලා බලන්න කිවිවා . පස්සේ කිවිවා ලොකු නැන්දා කියලා . ඒ කතා කළේ කපිලගේ බිරිද . ඊයේ සවස පාන් ගෙන්න ගිය කපිල තවම ගෙදර ආවේ නැහැ කියලා කිවිවා . මම කිව්වා හොරොව්පොපොතාන පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක දාන්න කියලා . දරුවා අතුරුදන් කියලා මම දැන ගත්තේ ඒ අවස්ථාවේ .

කපිලගේ බාල දුව හිටියේ මා ලග . ඇය මාව බදාගෙන අඩන්න පටන් ගත්තා . ඒ දරුවා අඩන කොට තාත්තා ඉන්නේ අපි ලග කියලා ඒතැන හිටපු නාදුනන පුද්ගලයෙක් කිවිවා . ඔවුන්ගේ අනන්‍යනයතාවය හෙළි කළේ නැහැ . මම දෙපාරක් ඇහුව්වා ඔගොල්ලෝ කවුද කියලා .කිවිවේ නැහැ . 28 ,29 දින හිතාගෙන හිටියා දරුවා ඒ නාදුනන පිරිස ලග ඉන්නවා කියලා .

එම නාදුනන පිරිි මාර්තු 31 නැවත අපේ නිවසට ආවා . ඉතා සුහදශිලීව කතා කළා පස්සේ ඇහුව්වා කපිල කෝ කියලා . පුතා අපි ලග නැහැ . කපිල ඔගොල්ලෝ ලග ඉන්නවා කියලා නේද කිවිවේ . දරුවා අඩනතොට ඔගොල්ලෝ කව්වා තාත්තා අපි ලග ඉන්නවා කියලා . දැන් කියනවා නැහැ කියලා . ඒක තමා අපි ප්‍රශ්න කරන පිළිවෙල කියලා නාදුනන පුද්ගලයෙක් පැවසුවා . ඔගොල්ලෝ එදා පුතා ගැන විස්තර ඇහුව්වාට පුතා කෝ කියලා ඇහුව්වේ නැහැ . පුතා ඉන්නවාද කියලා නිවස පරික්ෂා කළෙත් නැහැ . පිටුපස මට තව ගෙයක් තියෙනවා එක පරික්ෂා කළෙත් නැැ ඔයා ඔය විධියට ප්‍රශ්න කරන්න අවොත් ඔයත් මේ වැඩ වලට සම්බන්ධයි කියලා අරගෙන යනවා කියලා මට තර්ජනය කළා .

පුතා නාදුනන පිරිස් ලග නැහැ කිවිව තැන ඉදලා පුතා ‌හොයන්න මම පටන් ගත්තා . මම වගකිව යුතු අයගෙන් ඉල්ලන්නේ පුතා ඉන්න තැනක් කියන්න .මගේ පුතා සමග කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා .මගේ පුතා මරලා දාලා නම් මිනීය හරි මට දෙන්න කියලා .මට මැරි මැරි ජිවත් වෙන්න බැරි බව කපිල කුමාරගේ එම ප්‍රවෘත්තී සාකච්ජාවේදී වැඩිදුරටත් පැවසුවාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *