ටොම් මූඩි ඉවතට

Tom Moody is out

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරය දැරු ටොම් මුඩි එම ධුරයෙන් ඉවත් විමට එකඟත්වය පල කළ බව ක්‍රිකට් ආයතනය පවසයි .

ඕස්ට්‍රේලියන් ජාතික මුඩි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් වි ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම අනුවය .

මුඩි ගේ සේවය තවදුරටත් අනවශ්‍ය බව ඔහු සමඟ පැවැති සාකාච්ජාවේදී දැනුම් දුන් බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශ මත 2021 වසරේ මාර්තු 01 වැනිදා සිට වසර තුනකට මුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට පත් කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *