කපිල කුමාරව පැහැරගෙන ඇත්තේ , STF බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියෝගයකින් බව හෙළි‌ වෙයි .

ශාන්ත විජේසුරිය විසිනි

කපිල කුමාරව හොරොව්පොතාන නගරයේදී පැහැරගෙන ගොස් දින 25 ක් අතුරුදන් කර , රහසිගත ස්ථානයක රදවා තබාගෙන කයික හා මානසික වධබන්ධනයන්ට ලක්කර පිටිගල පොලසීයට බාර දී ඇත්තේ විශේෂ කාර්ය බලකායේ මහනුවර බුද්ධි කොට්ඨාශයට අණ දෙන ‌ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ කණ්ඩායමක් බව අතුරුදන් වුවන්ගේ පවුල් එකතුවේ අසංක අබේරත්න හෙළි කරයි .

ජයසුන්දරගේ කණ්ඩායම කපිල කුමාරව අත්අඩංගුවට ගන්නේ ,විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශය රැස් කළ තොරතුරු මත පදනම්ව බව අබේරත්න අනාවරණය කරයි .

කපිල කුමාරව පැහැර ගන්නේ මාර්තු 27 වැනිදා සවස 6.30 ට පමණ බවත් එදිනම සවස 7ට පමණ කපිල කුමාරගේ මවගේ නිවසට බලහත්කාරයෙන් ඇතුල් වු සිවිල් ඇදුමෙන් සැරසුනු පිරිසක් පසුදා (28) වෙනිදා රාත්‍රි 8 .30 පමණ වනතෙක් ඔවුන්ව නිවාස අඩස්සියේ තබා ගනිමින් එම නිවසේ දී රැදි සිට ඇති බවත් මාර්තු 28 වැනිදා පාන්දර 4ට පමණ අනුරාධපුර කැකිරාවේ පදිංචි කපිල කුමාරගේ මල්ලි වන කැලුම් කුමාර සිල්වාව විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශ තොරතුරු මත දඹුල්ල විශේෂ කාර්ය බලකා කදවුරෙන් අත්අඩංගුවට ගත් බව බොරැල්ල ඇන්. ඇම් . පෙරේරා මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදි අබේරත්න හෙළි කළේය .

කපිල කුමාරගේ මල්ලි වන කැලුම් කුමාරව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර බුද්ධී කොට්ඨාශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර නියෝගය මත අබෙිරත්න නැමති නිලධාරයෙකුගේ අධිකෂණය යටතේ දඹුල්ල විශේෂ කාර්ය බලකා කදවුරේ දෙවන අණ දෙන නිලධාරියගේ කණ්ඩායමක් විසින් බව අබේරත්න අනාවරණය කළේය .

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය .

කපිල කුමාරව සොයා ගන්න වෙහෙසුනු සියළුම දෙනාට ස්තුති වන්ත වෙනවා . කපිල කුමාරව සොයා ගන්න පුළුවන් වෙයි කියලා කවුරුත් විශ්වාස කළේ නැහැ . කපිල කුමාරගේ අතුරුදන් කිරීම යනු බලහත්කාරී සහ ස්වෙච්ජාවෙන් නොවන අතරුදන් කිරීම වලට එරෙහිව 2017 අත්සන් කළ ගිවිසුමට ආදළ නීති ලංකාව තුළ ස්ථාපිත කළා පස්සේ සිදු වන පලමු අතුරුදන් කිරීම . කපිල කුමාරව සොයා ගැනීමත් සමග සංවිධාන වල අවශ්‍යතාවය තව තවත් දැනෙන්න පටන් ගත්තා .2022 හා 2023 පිටිගල, අම්බලන්ගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශ වල සිදු වු අපරාධ සම්බසම්බන්යෙන් විමර්ශනයක් තිබුණා .ඒ විමර්ශන සිදු කළේ ,විශේෂ කාර්ය බලකාය මගින් .

කපිල කුමාරව නිත්‍යානුකුල අත්අඩංගුවට ගන්නේ නැතිව හොර පාරෙන් , කැලෑ නීතිය ක්‍රියාත්මක කරලා ,බලෙන් කුදලලා අරගෙන යනවා .මේක පැහැදිලිවම බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ලා අතුරුදන් කිරීමට දරපු උත්සහයක් . විශේෂ කාර්ය බලකායට හෝ රජයට කියන්න පුළුවන් විමර්ශන තොරතුරු එළියට යන නිසා පැහැර ගත්තා කියලා .ඒවා ආදාළ නැහැ .අපි පැහැදිලිවම කියනවා විමර්ශන කරන්න පුළුවන් ගැටළුවක් නැහැ . කුමණ හේතුවක් මතවත් පුද්ගලියෙක් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම මොන හේතුවක් මත හෝ සාධාරණියකරණය කරන්න බැහැ . ඊට නීතියෙන් පොලිසියට ‌හෝ විශේෂ කාර්ය බලකායට හෝ වෙනත් ආරක්ෂක අංශයකට ඉඩක් නැහැ .එක පවතින නීතියට පටහැනියි .

සමහරු කිව්වා කපිල කුමාරව මරලා සොයලා වැඩක් නැහැ කියලා . කපිල කුමාරගේ අම්මා දිගටම විශ්වාසයෙන් හිටියා පුතා කොහොම හරි සොය ගන්නවා කියලා .මගේ පුතාව මරන්න දෙන්නේ නැහැ කියන තැන හිටියා . අම්මාගේ ශක්තිය අපටත් ශක්තියක් වුණා . අපි හැමෝම එකට ඉන්නවා නම් ඔනෑම අපරාධයක් වළක්වන්න පුළුවන් කියන පණිවිඩය අම්මා අරගෙන ආවා .

කපිල කුමාරගේ තොරතුරු මත තමා කැලුම් කුමාරව අත්අඩංගුවට ගත්තේ . කපිලව මරලා කියද්දී , විශේෂ කාර්ය බලකායේ සෙබළුන් කපිලගේ බිරිදට පොටෝ එකාක් පෙන්නලා අහලා තියෙනවා මේ ටී ෂර්ට් එක කෝ කියලා . කපිලව පැහැර ගනීද්දි ඇදගෙන හිටියේ ඒ ටි ෂර්ට් එක කියලා කපිලගේ බිරිද කිවිවාට පස්සේ මේ බැග් එක අහවල් තැන ඇති එකේ ඩෙනිම් කලිසමකුත් ඇති බව එස්.ටි.එෆ්. නිලධාරයෙක් පොටෝ එක පෙන්නලා කියලා තියෙනවා . මේ තොරතුරු ලැබුණේ කපිලගෙන් ඒ කියනනේ කපිල පැහැරගෙන ගිහිල්ලා රදවාගෙන ඉන්නේ විශේෂ කාර්ය බලකාය මගින් කියන එක තහවුරු වෙනවා .

අපි කපිල කුමාරගේ අතුරුදන් විම, රාජගිරයේ අතුරුදන් වුවන්ගේ කාර්යාලයට, කොළඹ මානව හිමිකම් කොමිසමට සහ එක්සත් ජාතීන්ගේ මානව ක්‍රියාකාරී කම්ටුවට පැමිණි කළා . ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කර්යාලය පමණ පැමිණිලි කරලා දින දෙකාක් ඇතුළත ,ආණ්ඩුවට නිර්දේශ නිකුත් කළා වහාම මේ පැමිණිල්ල පිළිබදව සොයා බලන්න කියලා . ඒ පැමිණිල්ල හේතුවක් වුණා කපිල කුමාරව එළියට දෙන්න .

අපි කපිල කුමාරව ඉල්ලා හබයාස්කොපුස් නඩුවක් ගොනු කළොත් නියොජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට උසාවි එන්න සිදුවන බව දැන ගත්තා . කපිල කුමාරව පිටිගල පොලිසියට බාර දෙන්න කියලා ඔහු නියෝග කරන්නේ ඒ අනුව . ජයසුන්දර කියන්නේ නීතිඥ වෘත්තීයේ හිටපු කෙනෙක් .නීති උපාධියක් තියෙන අයෙක් .නීතිය ගැන හොදට දන්නවා . ජයසුන්දර නීතිය ගැන දැගෙන තමා කපිල කුමාරව පැහැර ගන්නේ . කපිල කුමාර පැහැර ගන්න අණ කළ සහ ඊට සහභාගි වු සියලුම දෙනාට ඉදිරියේ දී අඩුවම් ලබන්න සිදු වන බව නම් අනිවාර්‍යයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *