කම්කරුවන්ට අහිමි කළ ධනපතියන් සහ ව්‍යාජ වම්මු සමරන මැයි දිනය

ලෝක කම්කරු දිනය මෙරට ධනපති පක්ෂ , සුළු ධනේෂ්වර පක්ෂ සහ වාම පක්ෂ අද (01) කොළඹ නගරය රතු ,කොළ ,නිල් , කොළ හා කහ පාට වලින් වරණවත් කරමින් මැයි දිනය සමරන ලදි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මරදානේ ආනන්ද විද්‍යාල අසල ප්‍රයිස් පිටියෙන් සවස ( 01) ආරම්භ කළ පෙළපාලිය ඉබ්බන් වල හයිඩ් පිටිය දක්වා පැමිණි සවස (02) ට රැලිය ආරම්භ කර කළේය . පෙරටුගාමී සමාජවාදී පක්ෂ මෙවර “අයි .එම් .එෆ් . මරගුල, ඉන්දියන් විජිතකරණය පරදවමු !” යන තේමා පාඨය ඔස්සේ මැයි රැලිය පැවත් වන ලදි .

ඊට අමතරව මර්දන අණ පනත් පරාජය කරමු ! බදුබර -බඩු මිල පහත හෙළනු ! PAT -ATA පරදවමු ! ලාභ්‍ය උන්ට ආර්ථීක අර්බුදයේ බර ජනතාවට ! අධිරාජ්‍යවාදී යුද්ධය , ආර්ථීක කොල්ලයට එ‌රෙහි වෙමු ! දිධායක ජනාධිපති ක්‍රමය අහෝසී කරන , ජනතා බලය සහතික කරන ජනතාවාදී ව්‍යවස්ථාවක් දිනා ගනිමු ! යන ඉල්ලීම් ද එහි පුරුවල සටහන්ව තිබුණි .

ජාතික ජන බලවේගය තිඹිලිගස්යාය BRC ක්‍රීඩා පිටියෙන් සවස 2.30 ට පමණ ආරම්භ කළ පෙළපාලිය සවස 4 ‌.30 පමණ විහාර මහ දේවි උද්‍යානය ඉදිරිපිට කන්නන්ගර මාවත දක්වා පැමිණි අතර පසු එම ස්ථානයේ රැලිය පැවැත්විණ .

ජා .ජ .බලවේගයේ මෙවර මැයි දීන තේමා පාඨය “රට හදන විසදුමට ජන බලය එක පෙළට “යනුුුුුවෙන් නම් කර තිබුණි .

තේමා පාඨය අමතරව ,පැය අටේ වැඩ දිනයට අත නොතබනු ! සේවකයන්ට වන්දි ගෙවන සේවය අවසන් කිරීමේ පනතඅහෝසී කිරීමට ඉඩ නොදෙමු ! ජාතික පුනරුදයක් වෙනුවෙන්ජාතික ජන බලවෙිගය දිනවමු ! ප්‍රජාතන්ත්‍රවාදය , මාධ්‍ය නිදහස සුරකින පාලනයක් යන ඉල්ලීම් පාගමන්කරුවන් අත රැදි පුුුුුවරු වල සටහන්ව තිබුණි .

ජතික ජන බලවෙිගය කොළඹට අමතරව , යාපනයේ ,මාතර සහ අනුරාධපුරයේ මැයි රැලි පවත්වන ලදී .

එක්සත් ජාතික පක්ෂයේ මැයි ‌‌රැලිය මැද කොළඹ මාලිගාවත්ත පොලිසිය ඉදිරිපිට පැවැත්විණ .

සමගි ජන බලවේගයේ මැයි රැලිය සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් කොළඹ චැතම් විදියේ පැවැත්විණි . එක්සත් සමාජවාදී පක්ෂෂයේ මැයි රැලිය ග්‍රෑන්ඩ්පාස් හි පැවැත්විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *