නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කරන අයට එරෙහිව පොලිස් පාතාලයෝ පාදඩ පාතාලයන් යොදා ගනිති

විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ මගින් පැහැරගෙන ගොස් අතුරුදන් කර සිට පසුව පිටිගල පොලිසිය මගින් ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට අප්‍රේල් (22) ඉදිරිපත් කරන ලද ගොනපිනුවල කපිල කුමාර සිල්වා ඇතුළු නම දෙනෙකුට  එරෙහිව පනවන ලද නඩුව ඊයේ (25) එම අධිකරණයේ දී කැද වු අතර  කපිල කුමාර හොරොව්පොතාන නගරයේදී පැහැරගෙන ගොස් දින විසිපහකට පසු පිටිගල පොලිසියෙන් මතු වන බවත් ඔහු  නීති විරෝධීව පැහැරගෙන ගියේ කවුද? රදවාගෙන සිටියේ කොහේද? යන්න පිළිබදව සොයා බැලීම සදහා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් කපිල කුමාරට බරපතළ අනතුරක් ඇති බැවින් බන්ධනාගාරය තුළ ඔහුගේ ආරක්ෂාව තර කරන ලෙසත් පැහැරගෙන ගොස් රදවාගෙන සිටිය දී වධබන්ධනයන්ට සහ මානසික පීඩනයන්ට ලක් කර ඇති බැවින් කපිල කුමාරව අධිකරණ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන ලෙසත් කපිල කුමාර විමර්ශන කටයුතු සදහා බන්ධනාගාරයෙන් පිටත රැගෙන යන්නේ නම් ඒ සදහා අනිවර්‍යයෙන් ඔබතුමීයගේ අවසරය බලා ගතයුතු යැයි නියෝගයක් නිකුත් කරන්නැයි කපිල කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා සහ නීතිඥ දනුෂ්ක ඇල්පිටිය මහේස්ත්‍රාත් මධුෂා වාසලගෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය අධිකරණ අවසරයකින් තොරව කපිල කුමාරව විමර්ශන සදහා පිටතට ගෙන යෑම වලකමින් නියෝගයක් නිකුත් කළේය .

අධිකරණ වෛද්‍යවරයෙකුට කපිල කුමාරව ඉදිරිපත් කරන්නැයි ඉල්ලීම කරන්නට තිබුණේ ඔහු අප්‍රේල්( 22) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ බවත්  එවැනි ඉල්ලීමක් එදින සිදු කර නැතැයි කී මහේත්‍රාත්වරිය නඩුව මැයි (19) වැනි නැවත කැදවන්නැයි නියෝග කළේය .

පසු ගිය දින ගාල්ල පිටිගල සහ ගලගොඩ ප්‍රදේශ වල සිදු වු මනුෂ්‍ය ඝාතන වලට අනුබල දීම ,එම ඝාතන සදහා භාවිතා කළ ආයුධ සගවා තබා ගැනීම යන චෝදනා යටතේ කපිල කුමාරට නඩු පවරා තිබේ

.

මෙම නඩුවේ අනෙකුත් සැකකරුව වෙනුවෙන් නීතිඥ බුද්ධික මල්ලආරච්චි, මුනිදාස හල්පන් දෙනිය ඇතුළු නීතිඥයින් පිරිසක් පෙනි සිටියහ .

විශේෂ කාර්ය බලකායේ බුද්ධ අංශ නිලධාරීන් විසින් කපිල කුමාරව හොරොව්පොතාන  නගරයේදී පැහැරගෙන ගොස් දින 25 ක් අතරුදන් කිරීමට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව සහ අතුරුදන් වු පවුල් එකතුව එක්ව ඊයේ (25) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ . එම විරෝධතා උද්ඝෝෂණය නිහඩ විරෝධතාවයක් ලෙස ආරම්භ කළ ද  විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් උසිගන්වන ලද  සුනඛයන්  කිපදෙනෙකුගේ හැසිරීම නිසා උණුසුම්කාරී තත්වයක් ඇති විය . අතුරුදන් වුවන්ගේ පවුල් එකතුව මගින් අත්පත්‍රිකාවක් මහ ජනයා අතට පත් කරන ලදී . අතුරුදන් වුවන්ගේ පවුල් එකතුවෙන් එම උද්ඝෝෂණය සදහා සහභාගි වි සිටියේ 1988 සහ 89 රජයේ මැර කුළි හමුදා විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද ස්වාමි පුරුෂයන්ගේ බිරිදැවරු සහ දරුවන්ගේ දෙමවිපියෝ වෙති .

ඔවුන් තමන් අත්දැකිම් විරෝධතාවය අවට රැස් වී බල සිටි මහ ජනයා සමග බෙදාගනිමින් වර්තමාන රනිල් ,රාජපක්ෂ ආණ්ඩු ගෙන යන ඊනියා යුක්තිය මෙහෙයුම හෙළා දකිමින් සහ ඊට මොන අයුරිකින් සහාය නොදෙන්නැයි ඉල්ලා සිටියහ .

කපිල කුමාර පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ තැත හෙළා දකිමු ! කපිල කුමාර වහා නදහස් කරනු !  STF කුලී හමුදාවේ මිනී මැරුම් හෙළා දකිමු !  සහ පැහැර ගැනීම්  සහ අතුරුදන් කිරීම් වලට එරෙහි වෙමු ! යන සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නියලුනහ.

කපිල කුමාර වහා නිදහස් කරන්නැයි සහ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් වහා නතර කරන්නැයි බල කර පැවති උද්ඝෝෂණය පැය එක හමාරකට ආසන්න කාලයක් පැවති අතර අධිකරණ කටයුතු පටන් ගැනීමත් සමග විරෝධතාකරුවන් විසිර ගියහ .

කපිල කුමාර වහා නිදහස්  කරන්නැයි සහ පැහැර ,ගැනීම් සහ අතරුදන් කිරීම් වහා නතර කරන්නැයි බල කර පැවති උද්ඝෝෂණය නතර කර පැය භාගයකට පසු පාතාලය මඩින්නැයි ඉල්ලා පුද්ගයින් නමදෙනෙකුගෙන් සමන්විත පිරිසක් කලින් උද්ඝෝෂණය පැවති ස්ථානයේම සටන් පාඨ සහිත පුවරු ඔසාවාගෙන විරෝධතාවයක නිරත වුහ .

එම පුවරු වල පාතාල නරුමයන්ගේ මුදල් වෙනුවෙන් පෙනී සිටිම වහා නතර කරනු ! මිනීමරු පාතාලයට කඩේ යන නන්දීමාල්ට ශාප වේවා! පිටිගල හා ගලගොඩ වෙඩි තැබිම් කළ කපිල කුමාරට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද ? තැන තැන වෙඩ් තබා මරා දැමු මිනිස්සු වෙනුවෙන් කතා කරන්නේ කවුරුන්ද? යනුවෙන් සටන් පාඨ ලියා තිබුණි .

කපිල කුමාරට සහ උද්ඝෝෂණය සංවිධානය කළ සිරුකරු අයිතිවාසිකම් සුරුකිමේ කම්ටුවට සහ අතුරුදන් පවුල් එකතුවට එරෙහිව විරෝධතායේ නිසැලි සිටි පිරිස් මත්ද්‍රව්‍ය ඇබ්බැහි  වු පිරිසක් බව ඇල්පිටිය නගරයේ  හිමියෙකු අප කළ විමසුමකදී පැවසුහ . එම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු තරුණයන්ට එම කොන්ත්‍රාත්තුව බාර දී ඇත්තේ එස් . ටි .එෆ් . එක බවත්  වාර්තාවේ. එම උද්ඝෝෂකයන්ට විශේෂ කාර්ය බලකායේ සන්නාසන්ද්ධ සෙබළුන්ගේ ආරත්ෂාව බලා දී තිබු අතර සන්නාසන්ද්ධ සෙබළු පිරිසක් යතුරු පැදි වලින් අධිකරණය අවට සහ ඇල්පිටිය නගරයේ සැරිසරමින් මහ ජනයා බිය ගැන්වීමට උත්සහ කළහ .

කපිල කුමාරව අධිකරණයට ඉදිරිපත් කර තිබියදී කපිල කුමාරට නීතියට ක්‍රියාත්මක කරන්නේ නැද්දැයි අනියමින් අසන්නේ ඔහුව මරා දමන්නේ නැද්දැයි කියාය . විශේෂ කාර්ය බලකාය විරෝධතාවය සදහා යොදාගත් පිරිස් කරන්දෙණියේ සුද්දාට එරෙහි පාතාලයේ පිරිසක් විය හැකි අතර එසේ නැතිනම් ලියුම්කරු කලින් සදහාන් කළ පරිදි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පිරිසකි . ආණ්ඩුව පාතාලය මර්දනය කරන මුවාවෙන් ආරම්භ කළ ඊනියා යුක්තිය මෙහෙයුම ආණ්ඩුවේ පොලිසියට කීකරු නැති පාතාලයන් මර්දනය කිරීම සදහා අකිකරු පාතාලයන්ගේ ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම් යොදා ගන්නා බවට පොලිසිය ඔප්පු කළ කදිම අවස්ථාවකි .

පාතාලය මඩින මුවෙන් ආරම්භ කළ ඊනියා යුක්තියේ ‌මෙහෙයුම අද වන කොට අදහස් ප්‍රකාශ කිරීමේ සහ උද්ඝෝෂණය කිරිමේ අයිතියට වැට බැදීම ඇත්ත මෙහෙයුම බවට පත්ව ඇත.

ලියුම්කරු පොලිස් පාතාලයේ මගින් සංවිධානය කළ උද්ඝෝෂණයේ විරෝධතාකරුවන් සමග සාකච්ජා කළ අතර එහි දී  ඔවුන් පහත අදහස් ඵල කළහ .

 ලංකා ස්කයි නිවිස් – ඔයාගේ නම මොකක්ද? මගේ නම රංජිත් .

ඇයි ඔයා උද්ඝෝෂණය කරන්නේ ? පාතාලය මර්දනය කරන්න ඔනා .

පාතාලෙන් ඔයගේ කවුරු හරි මැරුවාද? ඔවි මගේ සහෝදරයෙක් මැරුවා .

කවුද මැරුවේ – කට්ටියක් .

සහෝදරයාගේ නම කුමක්ද? සහෝදරයෙක්.

කරන්දෙණිය සුද්දාගේ පාතාලයද? -කට්ටියක්

ඇයි සහෝදරයාව මරපු අයගේ නම කියන්න බය ද? කට්ටියක් මැරුවේ .

සාකච්ජාව මැදට පැන්න විරෝධතාකරුවෙක් සුදේශ් නන්දිමාල් .ලංකා ස්කයි නිවිස් සුදේශ් නන්දිමාල් කියන්නේ මේ සිද්ධියට සම්බන්ධ කෙනෙක් නොවෙයි .  නන්දිමාල් කියන්නේ මිනිස්සුන් පැහැරගෙන ගිහිල්ලා අතුරුදන් කරන්න එපා නීතිය ක්‍රියාත්කම කරන්න කියලා කියන කොනෙක් . ඔයා නන්දමාල් කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ.

 ඔයා අවේ කාගේ හෝ බලපෑමකට ද? නැහැ .මම පාතාලයට විරුද්ධයි .

පොලිසිය පුද්ගලයන් පැහැරගෙන ගිහිල්ලා මරා දමනවා . එකට විරුද්ධ නැද්ද?  අපි විරුද්ධ පාතාලයට .

මහජනයාට පොලිසියට මෙන්ම පාතාල ක්‍රියාකාරකම් වලට එරෙහිව විරෝධතා දැක්විමේ අයිතියක් ඇත. අපි මෙහි දී විරුද්ධ වන්නේ අයිස් පැකට් එකකට හෝ වෙනත් වාසියක් තකා පොලිසයේ කුලී මැරයන්ගේ සහ ආණ්ඩුවේ න්‍යාය පත්‍ර වලට වැඩ කරන පාදඩයන්ටය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *