ගුවන් හමුදා රගර් ක්‍රීඩකය ඝාතනය කිරීම කොන්ත්‍රාත් එකාක්ද? / වැරදීමක්ද?

ශාන්ත විජේසුරිය විසිනි ‌

මොරගහහේන මාවෝස්ඇල ප්‍රදේශයේදී මාර්තු 07 වනදා පුද්ගලයන් දෙනෙකු ත්‍රිරෝද රථයකින්  ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කළේය . මෙසේ වෙඩි තබා ඝාතනය කළේය , පිළියන්දල  සිද්ධමුල්ල පුබුදු මාවතේ පදිංචි වසන්ත පෙරේරා සහ  නො – 63/2 හිරිපිටිය පන්නිපිටිය ලිපිනයේ පදිංචි රූපසිංහ ආරච්චිගේ නයනානන්ද හෙවත් මිනිස්සු ඔහුට ආදරයට කතා කරන්නේ උක්කුම් මහත්තයා හෙවත් උක්කුම් අයියා කියාය . 

නයනානන්ද හෙවත් උක්කුම් මහත්තයා

2003 වර්ෂයේ පෙරේරා, නයනානන්ද ඇතුළු පිරිසක් රත්නපුරයේ සිදු කළා යැයි කියන රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා රත්තරන් මංකොල්ලයක් සම්බන්ධයෙන් සෑම මසකම පලමු ඉරිදා රත්නපුර පොලිසියේ  අත්සන් කරන්නට අධිකරණය නියෝගකර තිබුණි . ඒ අනුව මාර්තු 07 වන එසේ අත්සන් කර නැවත ඔවුන් පැමිණෙමින් සිටියදී මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත.

නයනානන්දගේ වම් උරහිසට , බඩට සහ බෙල්ලේ වම් පැත්තට මිලීමිටර් 09 උණ්ඩ 09 ක් ඇතුල් වී තිබු අතර ඔහු ත්‍රිරෝදය ඇතුලේම මැරි වැටි සිටියේය . නයනානන්දට වෙඩි 09 ක් තබා ඇති අතර මරණ පරික්ෂණයේදී වෛද්‍යවරයාට සොයා ගැනීමට හැකි වුයේ උණ්ඩ තුනක් පමණි. ඉතිරි උණ්ඩ ත්‍රිරෝද රථයේ හෝ එම ස්ථානයේ තිබි ද හමු වී නැත. උණ්ඩ අතුරුදන් වුණේ කගේ උවමනාවටද යන්න බරපතළ සැකයක් මතු කෙරේ.

පෙරේරාගේ බඩේ දෙපැත්තට සහ තට්ටමට වෙඩි තුනක් වැදි තිබුණි. වසන්ත වෙඩි වැදි බිම වැටි සිට ඇති අතර ඔහු මිය ගොස් ඇත්තේ හොරණ මුලික රෝහලට ගෙන ගොස් පැය ගණනාවකට පසුව බව ඔහුගේ ඥාතීහු පවසති .වසන්තව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහිදී පොලිසිය දැඩි සත්තාර එකකයේ සේවය කළ සේවකයන් ඉවත් කර ඔහුගෙන් කටඋත්තරයක් බලා ගත් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි . ඔවුන්ට වෙඩි තබා ඇත්තේ මෝටර් රථයකින් පැමිණි පිරිසකි . මොහුන් ගමන් කර ඇත්තේ WP-WH -0890 අංකය දරණ රතුපාට ත්‍රිවිල් රථයෙන් වන අතර එම ත්‍රිරෝද රථය නයනානන්දට අයත් එකකි . එම ත්‍රිරෝද රථය පදවාගෙන ගොස් ඇත්තේ පෙරේරාය.

වසන්ත පෙරේරා

නයනානන්දට සහ පෙරේරාට වෙඩි තබා ,ඝාතනය කර ඇත්තේ ජපාඩිගේ තනුජ සම්පත් හෙවත් හදපාන් ගොඩ හදයාගේ කුලී ඝාතකයෝ වෙති . හදපාන්ගොඩ හදයා මේවන විට රටින් පැන ගොස් විදේශ රටක සැග වි සිටි . හදයා පිටරට සිට එම ඝාතන මෙහෙවන බව පොලිසිය පවසයි .

නයනානන්ද තිදෙරු පියෙක් වන අතර රැකියාවක් වශයෙන් කර ඇත්තේ නිවාස ඉදිකර විකිණීමය . පෙරේරා දෙදරු පියෙක් වන අතර ත්‍රිරෝද රථ රියදුරෙකි .

2004 කළා යැයි පොලිසිය කියන රත්තරන් බඩු මංකොල්ලයෙන් පසු කිසිදු අපරාධයකට හෝ පාතාල කල්ලියකට හෝ ඔවුන් සම්බන්ධ වී නැති බව පොලිස් බුද්ධි අංශ තහවුරු කරයි .

හදපාන්ගොඩ හදයාට ආරවුල තිබි ඇත්තේ නයනානන්ද සමගය .පෙරේරාට වෙඩි කා ජිවිතයෙන් සමු ගන්නට සිදු වුයේ මිතුරා නිසාය. නයනානන්දට පමණක් වෙඩි තැබුවේ නම් සාක්කි ඉතිරි වන නිසා පෙරේරාට ද කුලී ඝාතකයා වෙඩි තබන්නට ඇත.

නයනානන්ද මිට මාස හයකට පමණ පෙර හදයාගේ කුලී ඝාතකයන් විසින් හෝමාගම ජයනි ගම දී වෙඩි තබා මරා දැමු ,චමිලගේ සමීප මිත්‍රයෙකි . චමිල වාහන අමතර කොටස් අලෙවි කළ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු හදයා සමග පොඩි කළේ සිට එකට හැදුණු වැඩුණු  අයෙකි . ආරවුල හේතුව චමිල සහ හදයා අතර ඇති වු බහින්බස් විමකි .චමිල වාහන අමත කොටස් ව්‍යාපාරය පටන් ගන්නට පෙර ඔහු යුද හමුදාවේ සේවය කොට ඇත.

හදයා ලංකාවේ සිටි කාළේ කීපවතාවක් චමිල මරා දැමීමට කීප අවස්ථාවක් උත්සහ කර ඇති අතර පසුව අවුරුදු 75 ක් වයසැති ඔහුගේ තාත්තාගේ දකුණු අතේ ඇගිලි දෙකාක් කඩු පහරකින් වෙන් කළේය . චමිල මරා දමන්ට බැරි වුනොත් ඔහුගේ පුතා මරා දමන බවට හදයා චමිලට තර්ජනය කර තිබුණි. .හදයගේ තර්ජන නිසා හෝමාගම පොලිසියෙන් චමිලගේ ගෙදරට පොතක් දමා අත්සත් කළේය . චමිලගේ මරණයෙන් පස්සේ නයනානන්දට තර්ජන තියේනවා කියලා හෝමාගම පොලිසියෙන් ආරක්ෂා දෙන්න හදලා තියෙන බවත් නයනානනන්ද  ආරක්ෂාව ප්‍රතික්ෂේප කළ බව ඔහුගේ ඥාතීයෙකු අප සමග පැවසීය .

දිලන්ත රාජපක්ෂගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන් මහජනයා විරෝධය පාන අයුරු

චමිල ඝාතනය කරන්නට පෙර හදයා පිටරට  සිට ඔහුව මරා දමන බවට සිදු කරන ලද දුරකතන සංවාද එක්තරා ගුවන් විදුලි නාලිකාවක විකාශනය කෙරිණ .එම ගුවන් විදුලි නාලිකාවේ වගකිම් විරහිත කම ද චමිලගේ ඝාතනයට රුකුල් දුන්නේය .චමිල ඝාතනය කළ පසු නයනානන්ද පුහුදල්ගහ වත්ත  නිවස මාස හයකට පමණ අතහැර ගොස්  සිට නැවත පැමිණ ඇත.

නයනානන්ද පදිංචි පන්නිපිටිය හිරිපිටිය පුහුදල්ගහ වත්තේ ප්‍රධාන අයිස් සහ හෙරෝයින් බෙදා හරින්නා ගයාන් හෙවත් ගයියා බව පුහුදල්ගහ වත්ත ප්‍රදේශවාසිහු පවසති . ගයියා හදයාගේ ප්‍රධාන ගෝලයෙකි .  ගයියාට එරෙහිව නයනානන්ද පොලිසියට ඔත්තු දෙන බව ඔහුට චොද්නා එල්ල වී ඇත.  නයනානන්ද තමා එරෙහිව ඔත්තු දෙන බව ගයියා හදයාට දුරකතනයෙන් කතා කර නිතර කරදර කරන බවත් පසු හදයා නයනානන්දව ඝාතනය කිරීමට ඔහුගේ කුලී ඝාතකයන්ට බාර දී ඇති බව නයනානන්දගේ මිත්‍රයෙකු ලංකා ස්කයි සමග පැවසීය . නයනානන්දව හදයා මැදිහත් ඝාතනය කරන්නේ ඔහු චමිල මිත්‍රයෙකුටත් වඩා ගයියාගේ බලපෑම මත බව වාර්තාවේ .

නයනානන්ද ඔහුව ඝාතනය කිරීමට හදයගේ කුලී ඝාතකයින් සැරිසරණ බව දැනගත් නයනාන්ද හදයගේ බිරිදගේ ඥාතියෙකුට හමු වී ඒ පිළිබදව දැනුවත් කර ඇති බවත් පසු එම ඥාතීයා හදයා සමග කතා කර කලින් ඒ වැනි ප්‍රශ්නයක් තිබුණා දැන් එහෙම දේයක් නැතැයි කී පසු නයනානන්ද  එම ඥාතියගේ වචනය විශ්වාස කර ගමන් බිමන් ගිය බව ඔහුගේ ඥාතියෙකු අප සමග පැවසීය.හදයාගේ කුලී ඝාතකයින් නයනානන්දව මරා දැමු පසු එම ඥාතියා ඔහුගේ මළ ගෙදර පැමිණි අවස්ථාවේ නයනානන්දගේ බිරිද ඔහුට බැණ වැදි ඇති අතර , මට කරන්න දෙයක් නැහැ ගයියාගේ කීමට තමයි මරලා තියෙන්නේ යනුවෙන් හදයගේ බිරිදගේ ඥාතියා පිළිතුරු දෙමින් පවසා ඇත.

ගයියා කිසිම දවසක රැකියාවක් කර නැතත් තට්ටු  තුනක නිවසක සුඛෝපභෝගීව ජිවත් වන බවත් ඔහු විවාහ වි සිටින්නේ මැලේසියන් කාන්තාවක් සමග බවත් හෝමාගම, කොට්ටාව සහ මත්තේගොඩ පොලිසි වලට අත හැර වියදම් කරන බව ඔහුගේ ලගම ගෝලයෙකු ලංකා ස්කයි පාඨයෙකු සමග පවසා ඇත.

නයනානන්ද සහ පෙරේරා මාර්තු 07 වනදා රත්නපුර පොලිසියට යද්දී , ඝාතනය කරන්න යන බව දැන ගන්නට අසමත් වු පොලිස් බුද්ධි අංශ එම ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි මාර්තු 08 පාන්දර පාදුක්ක මිරියගල්ලේ පදිංචි දිලන්ත ලක්මාල් රාජපක්ෂව පැහැරගෙන ගොස් අරුක් වත්ත අංගමුව ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කරන ලදි .

 තිස්තුන් හැවිරිදි වියේ පසු වු රාජපක්ෂ ගුවන් හමුදාවේ රගර් සංචිතයට අනුයුක්තව සේවය කර ඇති අතර අවිවාහක තරුණයකි .ඔහු ගුවන් හමුවේ කඹ ඇදිමේ සංචිතය ද නියෝජනය කර ඇත.

නයනානන්ද සහ පෙරේරා ඝාතනය කළ මාර්තු 07 වෙනාදා රාජපක්ෂ සිට ඇත්තේ කදාන ප්‍රදේශයේය . ඔහු කදානේ සිටි බවට සාක්ෂි ද ඇත.

මාර්තු 08වන දා පාන්දර රාපක්ෂගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළ් වු දකුණු කොළඹ අපරාධ  කොට්ඨාශයේ නිලධාරීන් එම නිවස පරික්ෂා කර ඇත.පසුව රාජපක්ෂගේ පියාට සහ මවට සිටින තැන් වලම සිටින්නැයි අණ කළ එම නිලධාරීන් දුරකතන භාවිතා නොකරන්නැයි නියෝග කර ඇත. නිවස පරික්ෂා කරන්නේ ඇයි දැයි රාජපක්ෂගේ පියා දකුණු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් ගෙන් විමසා ඇති අතර මත්ද්‍රව්‍ය ඇද්දැයි , පරික්ෂා කරන බව එම නිවස පරික්ෂා කළ නිලධාරියෙකු පවසා ඇත. නිවස පරික්ෂා කළ නිලධාරීන්ට නිවසේ තිබි කිසිම මත්ද්‍රව්‍ය ලැබි නැති අතර අවසානයේ නිවසේ වටිනා කියන බඩු නැති නොවු බවට රාජපක්ෂගේ පියාගෙන් කොළයකට අත්සන් ගෙන ඇත. නිවස පරික්ෂා කළ නිලධාරීන් දිලන්ත රාජපක්ෂ ගැන ඔහුගේ දෙමවිපියන්ගෙන් විමසා නැත. පොලිස් නිලධාරීන් පිටව ගිය පසු රාජපක්ෂගේ මව ඔහුගේ කාමරයට ගොස් බලද්දී, පුතා  කාමරයේ නොසිටි බව ඇය ලංකා ස්කයි නිවිස් සමග පැවසුවාය .පොලිස් නිලධාරීන් පිටව ගොස් ටික වේලාවකට පසු යතුරු පැදියක් පණ ගන්වාගෙන  යන සද්දයක් රාජපක්ෂගේ මවට ඇසි ඇත.

රාජපත්ෂ මාර්තු 07 වනදා රාත්‍රී 8.30 ට පමණ නිවසේ සිට ඇති අතර වැඩට යෑම සදහා හෙට (08)  උදේ 6.00 ට අවදිකරන්නැයි තමාට කියා පුතා නින්ද‌ට ගිය බව රාජපක්ෂගේ මව අප සමග කීවාය . සමහර දවස් වලට පුතා යාලුවෝ කතා කළාහම එළියට යනවා ඒ නිසා ගෙදර දොරවල් ඇර තබන බව රාජපක්ෂගේ මව වැඩිදුරටත් පැවසුවාය .

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් රාජපක්ෂව පැහැරගෙන ගොස්  මරා දමා තිබෙන්නේ නිවසේ සිටියදී බව මවගේ ප්‍රකාශ වලින් මෙන්ම රාජපක්ෂ ගැන නොවිමසා මත්ද්‍රව්‍ය ඇද්දැයි නිවස පරික්ෂා කිරිමෙන් අනාවරණය වේ .

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය අංගමුව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා වාහන පරික්ෂා කර ඇති බවත්, එහි දී රාජපක්ෂ යතුරු පැදියකින් පැමිණ ඇති අතර යතුරු පැදිය නතර කරන්නැයි පොලිසිය ඔහුට නියෝග කරද්දී , ඔහු පොලිසියට වෙඩි තබා පලා යන්නට උත්සහ කර ඇති බවත් පොලිස් මාර්ග බාධයේ සිටි නිලධාරීන් පලා යෑමට උත්සහ කළ රාජපක්ෂට වෙඩි තැබිම නිසා ඔහු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි . දකුණු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් ඔහුගේ නිවසට යද්දී ,රාජපක්ෂ එහි  නොසිටියේ නම් , ඔහුව අත්අඩංගුවට ගන්න අවශ්‍යතාවයක් කොළඹ අපරාධ කොට්ඨාශයට තිබුණේ නම් රාජපත්ෂව අත්අඩංගුවට ගැනීමට තිබු හොදම ස්ථානය ඔහුගේ නිවසය .එදින ඔහු නිවසෙන් පිටව ගොස් නැවත කොයි මෙහොතේ හෝ නිවසට පැමිණේන  බැවින්ය . රාජපක්ෂගේ නිවස පිහිටි මිරියගල්ලට අංගමුවෙන් මෙන්ම කුඩුමුල්ල සහ වේරගොඩ හරහා ද පැමිණිය හැක . පාදුක්ක පොලිසියේ ද සහයක් නොමැතිව රාජපක්ෂ පැමිණෙන්නේ අංගමුව කියා දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය මාර්ග බාධකයක් දැමුවේ කෙසේද?

නයනානන්දට සහ පෙරේරා මිලිමිටර් නමයේ ස්ව්‍යංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබුවා යැයි කියන රාජපක්ෂ පොලිසියට වෙඩි තබා ඇත්තේ මෙරට නිෂ්පාදනය කළ ගල්කටස් වගීයේ ගිනි අවියකිනි . රාජපක්ෂ පොලිසියට වෙඩි තබා පලා යන්නට උත්සාහ කළා නම් ඔහුගේ පපුවට වෙඩි වැදුනේ කෙසේද?  රාජපක්ෂ මාර්ග බාධයකය පසු කරගෙන ගියා නම් බොහෝවිට වෙඩි වදින්නේ ඔහුගේ පිටුපසටය . නැතිනම  බඩේ දකුණට හෝ  වම් පැත්තටය .එය නිර්ණය වන්නේ මාර්ග බාධකය පිහිටා තිබුණේ රාජපක්ෂගේ වමෙන් ද නැතිනම් දකුණෙන්ද? යන්න මතය. රාජපක්ෂට වෙඩි තබා ඇත්තේ පිටුපසින් නොව ඉදිරියෙන්ය.  රාජපක්ෂගේ තුවාලයේ ගැඹුර සහ  පළල අනුව වෙඩි තැබුවේ කොමණ  දුරක සිට ද යන්න අධිකරණ වෛද්‍යවරයාට නිගමනය කළ හැකිය . පොලිසිය පවසන්නේ රාජපක්ෂ පොලිසියට වෙඩි තබාගෙන ඉදිරියට ආ බවයි . ගල්කටස් කුවක්තුවකින් එක වර පිට කළ හැක්කේ එක් උණ්ඩයක් පමණි . පොලිසිය කියන විධියට රාජපක්ෂ පොලිසියට වෙඩි තබා ඇත්තේ යතුරු පැදිය පැදගෙන යන ගමන් තනි අතින්ය.

දකුණු කොළඹ අපරාධ කොටිඨාශය රාජපක්ෂට වෙඩි තබා ඝාතනය කර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු සහ කුලී ඝාතකයෙකු යැයි හංවඩු ගසයි . රාජපක්ෂ ජිවත්ව සිටියදී ඒ වැනි චෝදනා සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් පාදුක්ක පොලිසියේ අපරාධ අංශයට ලැබි නැතැයි එහි ස්ථානාධිපති ජයසිංහ අප එම පොලිස් ස්ථානයට ගොස් කළ සොයා බැලීමේ දී ප්‍රකාශ කළේය .

රාජපක්ෂව මරා දමන්නේ විශේෂ කාරය බලකා සෙබළුන් ද අනුයුක්ත කුලී මැර කල්ලියක් විසින් වන අතර ඔහු බාල සොහොයුරා ද විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කරයි . රාජපක්ෂගේ ලොකු බාප්පා විශේෂ කාර්ය බලකායේ හිටපු අයි .පී වරයෙකි . ඔබත් විශේෂ කාර්ය බලකායේ සෙබලෙක් ,මහජනයාට එරෙහිව මේ සිදු කරන අපරාධ ඔබ අනුමත කරනවා දැයි ලියුම්කරු විමසු අවස්ථාවේ රාජපක්ෂගේ බාල සොහොයුරා බිම බලා ගත්තේය .

රාජපක්ෂ ගුවන් හමුදාවේ රගර් ක්‍රීඩකයෙකි . සෑම තරගයකට සහභාගි වීමට පෙර තහනම් ඖෂධ   භාවිතා කර ඇද්දැයි පරික්ෂා කරනු ඇත . එම පරික්ෂණයට මාස හයක් ඇතුළත තහනම් ඖෂධ භාවිතා කර ඇත්නම් සොයා ගත හැක . රාජපක්ෂව මරා දමන අවස්ථාවේ ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බව මරණ වාර්තාවේ සදහන් වේ . මෙය ද බරපතළ සැකයට තුඩු දෙන සිද්ධියකි .රාජපක්ෂට වෙඩි තබන අවස්ථාවේ ඔහු විසින් පැදගෙන ආ බව කියන යතුරු පැදිය එම ස්ථානයේ වැටි තිබුණු  අතර එම යතුරු පැදිය සිරිලාවත් නැතැයි ඔහුගේ වැඩිමහල් සෙහොයුරා පවසයි . දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් රාජපක්ෂව නිවසේ සිට පැහැරගෙන යද්දී ,ඔහු ඇද සිට ඇත්තේ කොට කලිසමකි . රාජපක්ෂ වෙඩි තබා මරා දමා ,ඩෙනිම් කලිසමක් අන්දවා ඇත. රාජපක්ෂ කිසිම අවස්ථාවක් කොට කලිසමට උඩින් දිග කලිසම් නොවාදින බවත් ඔහු මරා දැමු  ස්ථානයේ තිබු දුරකතනය සහ සෙරප්පු දෙක මල්ලිගේ නොවන බව රාජපක්ෂගේ වැඩිමහල් සොයුරා අප සමග පැවසීය .

රාජපක්ෂට හදපාන්ගොඩ හදයා සමග ආශ්‍රයක් පැවති බව සත්‍යයකි . මල්ලීට හදයා සමග සම්බන්ධයක් තිබුණා. මල්ලී කවදාවත් හදයාගේ කොන්ත්‍රාත් කළෙත් නැහැ . හදයා මල්ලීව අපරාධ වැඩ වලට යොදා ගත්තේ නැති බවත් ඔවුන් අතර පැවතියේ මිත්‍ර සම්බන්ධයක් බව රාජපක්ෂගේ වැඩි මහල් සොයුරා අප සමග පැවසීය .

මල්ලීට ගමේ මිනිස්සු ආදරේයි මල්ලීත් එවගේම මිනිසුන්ට ආදරේයි .මල්ලීට ඉක්මනින් කෙන්ති ගියත් හිත හොද එකා යැයි රාජපක්ෂගේ වැඩි මහල් සොයුරා හැගිම් බරව කතා කරගෙන ගියේය .

 දකුණු අපරාධ කොට්ඨාශය රාජපක්ෂව වැරදි තොරතුරක් මත ඝාතනය කළා ද නැතිනම් කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කළා ද යන්න පිළිබදව ලංකා ස්කයි නිවිස් වෙත බරපතළ සැකයක්  ඇත. ගුවන් හමුදාපති සිද්ධිය සිදු අවස්ථාවේ පරික්ෂණයක් ඉල්ලා සිටිය ද පොලිසිය රාජපක්ෂ සම්බන්ධයෙන් ගෙන ගිය අවලාදත් සමග ඔහු පසු බැස්සේය . ගුවන් හමුදාපතිට පුද්ගලයෙකු රකිනවා වෙනුවට ධනපති රාජ්‍ය රැකීමට ඔහු බැදී සිටි .

“මුන් අපේ පුතාව නිරපරාදේ මරාගත්තා . මෙකට කියන්නේ යුක්තියේ මෙහෙයුම කියලා නොවෙයි .මිනිස්සුන්ට කෙළවන මෙහෙයුම කියලා .ඔකුන් එනවේලාවේ මම හිටියේ නැහැ .මම හිටියා නම් ඔකුන්ව ගහලා පන්න ගන්නවා . ඔයා මොන කැනල් එකෙන් ද? මම ලංකා ස්කයි නිවිස් වෙබ් අඩවියෙන් .පොලිසිය වගේම මාධ්‍යයත් මේවාට වගකියන්න ඔනා .මම ඊයේ කැමරා කාරයෝ දෙන්කේ පන්න ගත්තා” යැයි ඇස් වල කදුළු පුරවාගෙන දරා ගත නොහැකි වේදනාවකින් රාජපක්ෂගේ නැන්දා ආණ්ඩුවටත් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ටත් හෙණ ඉල්ලා සිටියාය .

පොලිසිය පාතාල නායකයෙකු යැයි කියන රත්මලානේ රොහා ඝාතනය කිරීම සදහා දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් කෝටි හතරක මුදලක් බලා ගත්තා යැයි එක්තරා ගුවන් විදුලි නාලිකාවක් මගින් චෝදනා කළේය . මෑතක අජිත් ධර්මපාල(හිටපු පොලිස් නිධාරියෙකු වන) ගේ යුටියුබි නාලිකාව මගින් පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සහ රත්මලානේ රොහාගේ ප්‍රතිවාදියා වන අංජු අතර සිදු වු දුරකතන සංවාදයක් විකාශනය කළේය . ඔයා මේ වැඩේ කරලා විශ්වාසය තහවුරු කළොත් රෝහාගේ ප්‍රශ්නයත් විසදලා දෙන්නම් යැයි තෙන්නකොන්  පාතාල නායකයෙකු යැයි කියන අංජුට පවසයි. අංජු ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබා ජිවත් වෙයි.

දකුණු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඔහුව මරා දැමීමට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර එම නඩුව මැයි මස 16 වෙනිදා දක්වා කල් ගොස් ඇත.

රාජපක්ෂගේ දේහය පිටුපසින් ගමන් කරන පිරිසක්

රාජපක්ෂ හදයා සමග සම්බන්ධයක් තිබුණු පමණින් හෝ අපරාධයකට සම්බන්ධ යැයි කියා හෝ පොලිසියට පුද්ගලයන්ට දඩුවම් කරන්නට  කිසිදු අයිතියක් නැත. ධනපති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව වරදක් කර ඇති බවට සාක්කි මගින් ඔප්පු වී ඇති පුද්ගලයෙකුට දඩුවම් කිරීමේ බලය ඇත්තේ අධිකරණයට පමණි .

රනිල් -රාජපක්ෂ ආණ්ඩුව කුලී අපරාධ කණ්ඩායම් මුදා හරිමින්, ධනපති ක්‍රමය මුහුණ දෙන දැවැන්ත ආර්ථීක අර්බුදයට පේනමානයක් විසදුම් නොමැති තත්වයක් තුළ කම්කරු -පීඩිත මහ ජනයාගේ මිනී කදු ගසා බිය ගන්නා තබා ගැනීමට ධනපති පාලකයෝ උත්සහ කරති .රනිල -රාරපක්ෂ ආණ්ඩුව ටිරාන් අලස් සහ තෙන්නකොන් ඉදිරියට දමාගෙන ගෙන යන්නේ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමක් නොව කම්කරු – පීඩිත මහ ජනයා මර්දනය කිරීමේ මෙහෙයුමකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *