මිනිස්සු ජේසුස්ට වඩා බිෂෝප්ව විශ්වාස කළා , ජේසුස්ව දේව අපාරධකාරයෙක් කියලා හංවඩු ගසා මරා දමනවා. අද වෙන්නෙත් ඒ දේම තමයි ! අරුණ ‌රෝෂාන්ත

ශාන්ත විජේසුරිය විසිනි .

නිගමුව පිටිපන නෙල්ල වත්ත ලෙල්ලම අයිතිය පදනම් කරගෙන අගරදගුරු  මැල්කම් රංජිත් කාදිනල්වරයා සහ පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය අතර සටනක් නිර්මාණය වි ඇත. එම සටන  අධිකරණය දක්වා ගොස් තිබේ . පිටිපන ලෙල්ලම තමන්ට බාර දෙන්නැයි කාදිනල්වරයා කළ ඉල්ලීම  පිටිපන ධීවර සමිතිය ප්‍රතික්ෂේප කිරීමත් සමග එම ගැටුම තවත් දිග්ගැස්සි ඇත.

මෙම ගැටුම 1999 දක්වා දිව යයි . 1999 යේ එක්සත් ධිවර සමිතිය ලබන ආදායමෙන් 10%  පිටිපන මීසමේ පල්ලියට බලා දිය යුතු යැයි යෝජනාවක් මහා සභාවේ දී සම්මත විය . එම යෝජනාව අනුව සෑම මසකම ධිවර සමිතියේ ආදායමෙන් 10% පල්ලියට පරිත්‍යාග කර තිබේ . ධීවරයෝ පිටිපන මීසම (2002) භාර සිටි සිස්වාන් ගුරු පියතුමාගෙන් සමිතිය පල්ලියේ ගිණුමට බැර කළ  මුදල් වල  වාර්තාවක් ඉල්ලා ඇත . එහි දී සිස්වාන් ගුරු පියතුමා  එම වාර්තාව ලබා නොදී ,එක්සත් ධීවර සමිතියට එරෙහිව කතෝලික මහජනයා  උසිගැන්වීමට කටයුතු කර ඇත. පියතුමාට එක්සත් ධීවර සමිතියේ සභාපතිකම ඉල්ලා නොලැබුණු තැන එවකට භාණ්ඩාගාරිකව සභාපති ලෙස පත් කරන්නැයි ඔහු කළ ඉල්ලීමද ධීවරයෝ ප්‍රතික්ෂේප  කළ බව පිටිපන මීසම එක්සත් ධීවර සමිතියේ සභාපති හා සමස්ත ලංකා ධීවර හා වෘත්තීය සමිතියේ සභාපති අනුර රෝෂාන්ත පවසයි .

පිටිපන එක්සත් ධීවර සමීතියේ සමාජික ධීවරයන් ඔවුන් අල්ලාගෙන එන මාළු  අලෙවි කර ඇත්තේ කුට්ටිදුව කියන පිටිපන පල්ලියට අයිති ඉඩමකය . පසුව ධිවරයන් සිදු ආසාධාරණකම් නිසා ධීවරයන් සහ වෙළදුන් අතර ගැටුමක් හටගෙන ඇති  අතර පසු එක්සත් ධීවර සමිතියේ  සමාජිකයෝ පිටිපන වැල්ල වත්ත දැන් ලෙල්ලම තිබෙන ස්ථානය ඉදිරිපිට පාරේ මාළු විකුණා ඇත. එවකට එම ඉඩම හිස් පැවති අතර පසු  සමිති නායකයෝ එම ඉඩම අයිතිකරුගෙන් මිල දී  ගෙන තිබුුුණහ .

පිටිපන ලෙල්ලම එක්සත් ධිවර සමිතිය මගින් මිල දී  ගෙන ඇත්තේ වර්ෂ 1959 යේ දීය . පර්චස් 130 කින් සමන්විත වු එම ඉඩම මිල දී ගෙන ඇත්තේ රුපියල් 19 .000 වැනි මුදලකටය . ඉඩම මිල දී ගන්නා අවස්ථාවේ සමිතිය සතුව තිබි ඇති මුදල රුපියල් 10.000 කි . ඉඩම මිල දී ගැනීම සදහා අවශ්‍ය ඉතිරි මුදල (9000) එවකට පිටිපන මීසම භාර සිටි චාර්ල්ස් පියතුම එවකට කොළඹ අගරදගුරු තෝමස් බෙන්ජමින් කුරේ කාදිනල්වරයාගෙන් ණයක් වශයෙන් ඉල්ලා දී ඇත. එම ණය  මුදල ලබා දීමට එකග වු බෙන්ජමින් කුරේ කාදිනල්වරයා ඉඩමේ ඔප්පුව ඔහුගේ නමට ලියන්නැයි කොන්දේශීයක් දමා ඇත . 1961  දී ධීවරයෝ කාදිනල්වරයාගේ ණය මුදල ගෙවා දැමුවද සමිතිය නමට ඔප්පුව ලියා ගැනීමට 1963  දෙසැම්බර් 31 දක්වා ධීවරයන්ට කාදිනල්වරයා පිටුපස බඩ ගෑමට සිදු වුහ . ඔප්පුව ලියා ඇත්තේ ඉංග්‍රීසියෙනි . ඉංග්‍රීසි නොදත් ධිවරයෝ  පල්ලියේ පියතුමන්ලා හා ගමේ ප්‍රභුන් කෙරෙහි තිබු ගෞරවය සහ විශ්වාසය මත ඔප්පුවේ  ලියා තිබෙන්නේ මොනවාදැයි සොයා බැලීමට උනන්දු වී නැත.  නමුත් බැටළුවන් එඩේරුන් කෙරෙහි තැබු විශ්වාසය බිද දමා ඇතැයි ධීවරයන් පසුව දැන ගත්තේය . කාදිනල්වරයා සමිතියට එම ඉඩම පවරා දී ඇත්තේ තැගි  ඔප්පුවකින්ය .   

ධිවරයන්ගේ සල්ලි වලින් මිල දී ගත් එම ඉඩම බිෂෝප් වරයා සමිතියට පවරණ ගමන් කොන්දේසි කිපයක් එම තැගි ඔප්පුවට ඇතුළත් කර  පල්ලියේ අධිපත්‍ය  ධිවරයන් මත පවත්වාගෙන යෑමට කෛරාටික ලෙස කටයුතු  කර ඇත.

(01) සමිතියට ලෙල්ලම බදු දෙන්න අවසර නැහැ .  (02) විකුණන්න බැහැ ,පල්ලියේ අවසර නැතිව .  (03) අන්සතු කරන්න බැහැ . (04) ආරවුලක් ඇති වි සමිතිය නැති වුනහොත් ලෙල්ලම අයිතිවෙන්නේ අගරදගුරුට යන කොන්දේසි එම ඔප්පුවේ සදහන් වේ. බදු දෙන්න බැහැ කියන කොන්දේසිය 1959යේ සිට කඩ කර ඇති බවත් තමාට පෙර සිටි සියලුම සභාපතිවරු ලෙල්ලම බදු දුන් බව රෝෂාන්ත පැවසීය . එක්සත් ධීවර සමිතියේ ප්‍රධාන අනුශාසක ධුරය දරන්නේ අගරදගුරු හිමිපාණන් වන අතර මෙතෙක් එම ධුරය දැරු බිෂෝප්වරු ලෙල්ලම බදු දෙද්දී ඊට එරෙහි නොවුයේ මන්දැයි රෝෂාන්තන් ප්‍රශ්න කර සිටියේය . පිටිපන පල්ලියට අයිති කුට්ටිදුව ලෙල්ලම ද බදු  දි  ඇත.

1959යේ සිට 2024 ජනවාරි  වන තෙක්  පිටිපන ලෙල්ලම සමිතියේ දේපලක් වුවත් ඒය සම්පුර්ණයෙන්ම පාලනය කළේ මුදලාලීලා සහ මැරයෝ වෙති .  එක්සත් ධීවර සමිති නායකයෝ  2024 ජනවාරි සිට ලෙල්ලමේ බලය ඔවුන් අතට ගත්හ . ලෙල්ලමේ මේ දක්වා සමිතියට මසකට රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් ලැබි තිබේ . ‌1999 යේ රෝෂාන්ත සභාපති වෙන කොට සමිතියට ලෙලිලමෙන් ලැබි ඇති මාසාක ආදායම රුපියල් 23.000 කි. සමිතිය ලෙල්ලමේ බලය තහවුරු කර ගැනීමත් සමග මසකට රුපියල් ලක්ෂ දහයක් ආදායමක් උපයා ඇත. මෙම ආදායමත් සමග කලබල වු පල්ලිය හතර වන කොන්දේසීය අනුව සමිති තුළ ආරවුලක් ඇති කර ලෙල්ලම ඩැහැ ගැනීම සදහා කුමන්ත්‍රණය කරන බවට ධීවරයෝ බිෂෝප්ට චෝදනා කරති.

  2005 -2006 වර්ෂ වල හිටපු අගරදගුරුවරයා  පිටිපන එක්සත් ධිවර සමිතියේ නිලධාරි මණ්ඩලය ඉවත් කරන්නැයි කොළඹ අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටියේය . පසුව එම නඩුව විභාගයට නොගෙනම අවසන් කරන ලදි . බිෂෝප් 2006 නැවත  පිටිපන එක්සත් ධිවර සමිතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය . බිෂෝප්වරයා සමග සාකච්ජා කර ප්‍රශ්නය විසදා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථාවක් දෙන ලදි . බිෂෝප් සහ රෝෂාන්ත අතර පැවති සාකච්ජාවේදි  රෝෂාන්ත ලිඛ්තව කරුණු ඉදිරිපත් කරන අතර ඔවා වැඩක් නැහැ ලෙල්ලම බාර දෙන්න කියා බිෂෝප්වරයා පවසා ඇත. එම නඩු පල්ලියට අවසානයේ ඉල්ලා අස් කර ගැනීමට සිදු විය .  පසුව පල්ලියේ ඉල්ලීම අනුව එවකට අගවිනිසුරු සරත් එන් සිල්වා සුදුසු අධිකරණයක නඩුව පවත්වගෙන යෑමට අවසර දෙන ලදි . ඒ අනුව පල්ලිය සමිතියට ඒරෙහිව මීගමුව දිසා අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් ලබා ගත්තේය . එම අතුරු තහනම් නියෝගයට අනුව නඩු පවත්වාගෙන යන කාලය තුළ  (01) සමිතියේ දේපල පවත්වගෙන යෑමට බාරුකරුවෙකු පත් කරන්න කියලා . (02) සමිතියේ නිලධාරි මණ්ඩලය හා සමාජිකයින් ඉවත් කරන්න කියලා (03) ආදායම් සම්බන්ධ තිබෙන ගනුදෙනු ගිණුම් වාර්තා හා අතඅතැති මුදල් බාර දෙන්න කියලා .  අධිකරණය මගින් එම කොන්දේසි වලින් 1කට සහ 02 කට අවසර දෙන ලද අතර සමිතියේ නිලධාරි මණ්ඩලය හා සමාජිකයින් ඉවත් කරන්නැයි කරන ලද ඉල්ලීමට අධිකරණය අවසර දි නැත.  පල්ලිය මෙම නඩුව ගොනු කරන්නේ 2008 වර්ෂයේය . එම නඩු  2024 මැයි 04 වැනිදා විභාගයට ගැනීමට නියමිතය .

බිෂොප් මන්දිරය, පල්ලි  ,ඉඩම් සහ පාදර්ස්ලා අපේ . අපේ මුතුන් මිත්තෝ තමයි මේවා හැදුවේ.  අදටත් මේවා නඩත්තු කරන්නේ අපි .මම බිෂොප් උන්වහන්සේගෙන් අහන්නේ ලැජ්ජ නැද්ද අපේ ඉඩම් කොල්ලකන්න යැයි රෝෂාන්ත ප්‍රශ්න කර සිටියේය .

           “ක්‍රිස්තියනි සංඝයේ ආදායම කොටස් සතරකට බෙදා තිබිණි .පළමු කොටස  රදගුරුවරයාට සදහා ද දෙවැනි කොටස පහල පෙළ පුජක පක්ෂය සදහා ද තුන්වැනි කොටස ක්‍රිස්තියනි සංඝය නඩත්තු කිරීම සදහා ද වෙන් කෙරුනු අතර අවශ්‍ය පුද්ගලයන් අතර බෙදා හැරුණේ, සිව් වැනි කොටසය .ඒ නිසා දිළිදු ක්‍රිස්තියානි ජනගහනයට ලැබුණේ රදගුරුවයාට තනි වම ලබා ගන්නා මුදලට සමාන මුදලකි. ——————— ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම බවට පත් වු වහාම ධනවතුන් මෙන්ම දිළිදු ජනයා ත්‍යාගය ගෙන ආ යුතු යයි ජුජක පක්ෂය දැඩි ලෙස ඉල්ලා සිටියේය .හය වෙනි සියවසේ සිට ජුජක පක්ෂය විශේෂ බද්දක් පැනවිය . ඒ අනුව භෝග අස්වැන්නෙන් දහයෙන් පංගුවක් ක්‍රිස්තියානි සංඝයට ගෙවිය යුතුව තිබිණ .මේ බද්ද ඉසිලිය නොහැකි බරක් මෙන් ජනතාවට දරුණු ලෙස පීඩවට පත් කළේය .මධ්‍යතන කාල පරිචිජේදයන් තුළ රදළ තන්ත්‍රය විසින් පීඩාවට පත් කරන ලද ගොවින්ට එය සැබැවින් ම අයථා ලෙස තමන්ගෙන් පැහැර ගැනීමක් විය . දහයෙන් පංගුව සැම ඉඩම් කැබැල්ලකින් ම සෑම දේපොළකින් ම අය කර ගැනිණි . ඒහෙත් ප්‍රවේනිදාසයා විසින් එය ගෙවන ලද්දේ තම ශ්‍රමයෙනි . මේ අයුරින් ක්‍රිස්තියානි සංඝයෙහි උපකරාය සහ සහයෝගය තමනට අහිමි  වී ගියා පමණක් නොව  ,ජුජකයන් අනෙක් සුරාකන්නන් සමග මිතු සන්ධානයකට එළඹෙන ආයුරි දිළිදු ජනතාව දුටුවෝය . අනෙක් සුරාකන්නන් වුයේ රාජ කුමාරවරුන් ,රදලයන් ,සහ මුදල් ණයට දෙන්නන්ය . මධ්‍යතන යුගවල දී වැඩ කරන ජනතාව ප්‍රවේනිදාසත්වය මගින් දිලිදු භාවයේ ගිලුණු අතර ක්‍රිස්තියනි සංඝය  ඒන්න එන්නට ම පොහොසත් විය” . (සමාජවාදය සහ ක්‍රිස්තියානි සංඝය (පිටුව 45) – රෝසා  ලක්සම්බර්ග් – පරිවර්තනය =සේපාල විජේසිංහ )

කිතු දහම ආරම්භයේ දී පීඩිත ජනයගේ ව්‍යාපාරයක් විය .පසුව පීඩිත ජනයා සුරාකන ව්‍යාපාරයක් මෙන්ම පීඩිත ජනයා පීඩාවට පත් රාජ්‍යයේ මර්දන උපකරණයක් බවට පත් විය . ක්‍රිස්තියාකි ආගම පමණක් නොව සියලු ආගම් වල පන්ති ස්වභාවය එයයි . විශේෂයෙන් ම අවිහිංසාව මත පදනම් වු ථෙරවාදී බුදු දහම දෙමළ     ජනයාට එරෙහිව ශ්‍රී ලංකා  රාජ්‍ය ගෙන ගිය ජන ඝාතක සංහාරක යුද්ධය , යුක්ති යුක්ත කිරීම සදහා  දෘෂ්ටිවාදාත්මක අවි සපයන නියෝජිතයන් බවට පත් වුහ .  සමහර හාමුදුරුවරු සිවුර ගලවා දමා යුද හාමුදාවට බඅදුණහ .

පිටිපන එක්සත් ධීවර සමිතිය සහ අගරදගුරු මැල්කම් රංජිත් අතර අරගලය පිඩකයා -පීඩිතයා අතර අරගලයකි . ආගම නුතන රාජයේ මර්දන උපකරණයක් වන අතර ධනපති රාජයට ඒරෙහි අරගලයකින් මෙපිට ආගම නැමති පිඩකයා පලවාහැරිය නොහැකිය . පාප්පවරයා ද කදිනල්වරු ද තමන් සමග එක නොවු කවර හෝ පුද්ගලයෙකු මිත්‍යාදෘෂ්ටියෙකු යැයි හංවඩු  ගසා මරු ගසේ බැද මරා දැමුහ .පියදෝර් බෲනෝව ද මරා දැමුවේ එලසින්ය . අනුර රෝසාන්ත ඇතුළු ධිවරයින් අද බේරී සිටින්නේ පල්ලියක අද එවැනි බලයක් නොමැති නිසාය .

අරුණ රෝෂාන්ත

මම 1999 තමයි පිටිපන එක්සත් ධවර සමිතියට බැදෙන්නේ . 1993 තමා මම බෝට්ටුවක් අරගෙන මුහුදු  යන්නේ .මම 1993 පිටිපන ලෙල්ලමට එන කොට මේ ලෙල්ලම පාලනය කළේ චන්ඩි . මාළු ගන්න අය චන්ඩි යොදවලා කලබල ඇති කරලා මාළු ගන්නවා .ඒ කළේ කවුරුවත් මැදිහත් වුනේ නැහැ .පල්ලිය අවෙත් නැහැ .මම තරුණයි අසරණ වුණා . අපි මාළු අල්ලන්නේ මාළු ගන්න මුදලාලිලා තමයි චන්ඩි .ඒ අයට තමා පොලිසියේ සහ ‌දේශපාලන බලට තිබුණේ . අපි තරුණයි , අපිට තරහා යනවා .මාළු විකුණන කෙනාට තමා බලය  හැදෙන්නේ .

ඉතාම කනගාටුදායක තත්වයක් . උදේ  3-4 ට නැගිටලා තමයි මුහුද යන්නේ .වැස්ස ද අවුවද කියලා බලන්නේ නැහැ .සමහර දාට අකුණු මැද්දේ  මාළු අල්ලන්නේ . ඒ මාළු අපේ . ධිවරයොත් අපේ , ලෙල්ලමත් අපේ, .අපේ මාළු ගන්න තමයි පාරිභොගිකයෝ එන්නේ . නමුත් මාළු ලෙල්ලමේ අධිකාරී බලය  තිබුණේ මැරයෝ අතේ.

චන්ඩි  බකට් වලට පයින් ගහන කොට ධීවරයෝ බයේ දුවනවා . මාළු වෙන්දේසි කර කෙනා අතේ පොල්ලක් තියෙනවා .ඒ පොල්ලෙන් තමා මාළු වෙන්දේසී කරන්නේ .ඒ පොල්ලෙන්  ධීවරයන්ව දණ ගස්සලා ගහනවා .කලබල ඇත් වුණා ධීවරයෝ මාළු ටික අඩුවට දීලා යනවා . ලෙල්ලමට එන ඔනෑම ධිවරයෙකුටම හේතුවක් නැතිව පහර දෙනවා . පරාල වලින් බඩට ඇන්නා . පොලිසියේ පැමිණිල්ලක් දාලා නැහැ . ගමේ කිසිම කෙනෙකු කතා කළේය නැහැ .පිටිපන මීසං සභාව මග හැරියා. ධිවරයන් ගැන බැලුවේ නැහැ . අපි ගොඩක් අසරණ වුණා .  මේ තත්වය මාර විධියට මට බලපෑවා . මම තිරණය කළා මේ තත්වය වෙනස් කරන්න ඔන කියලා . 1999 යේ මම සමිතියට බැදෙනවා .ඒ අවුරුද්දේ ධිවරයෝ මාව සභාපති කරනවා .අපිට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා . ඒක හරියට වාරකන් කාලයේ සීසන් එකට අකුණු ගහලා ගොරවලා වැහැලා තමයි වළලෙ ලෙන්නේ, සීසන් කාලය ලැබෙනවා වගේ . අපි ජිවිත පරදුවට තබලා තමයි සමිතිය මේ තත්වයට ගෙනාවේ .මම එන කොට සමිතියේ හිටියේ සමාජිකයෝ 231 යි . මම ඇව්ල්ලා සමාජිකත්වය දෙන්න උත්සහ කළා . සමිතියේ සමාජිකයෙක් කියලා දැන ගත්තාම ප්‍රශ්න වැඩි නිසාත් සමිතියට ධිවරයන්ට ආරක්ෂාව දෙන්න බැරි නිසාත් ධීවරයෝ පස්ස ගැහුවා . සමාජිකත්වය ගන්න සමිතියට රුපියල් 250ක් ගෙවන්න ඔනේ  .නමුත් මම සමිතියේ සමාජිකත්වය ගන්න අයට රුපියල් 500  දීලා 230ක් හිටපු සමිති සමාජිකත්වය 500 දක්වා වැඩි කර ගන්නවා . අද වෙනකොට සමාජිකයෝ 600 ක් සහ පවුල් 500 ක් ඉන්නවා .

 අපි ගහ ගත්තා . සමහර අයට තේරුණේ ගුටි භාෂාව පමණයි .කොච්චර හොදින් කිවිවත් ඇහුව්වේ නැහැ .ඒ නාසා ගහන්න සිද්ධ වුණා . ලෙල්ලම ලග අම්මා කෙනෙකුයි දුවෙකු දුෂණය කළා .මම නම් වශයෙන් කියන්නේ නැහා .සමහර චණ්ඩි අද ජිවතුන් අතරත් නැහැ . දැන්  ලෙල්ලම තියෙන්නේ සමිතිය යටතේ .පොඩි ලොකු කියලා නැහැ . හැමෝටම සමානව සලකනවා .ඒ කාළේ අපට චණ්ඩි පාට් දාපු අයට අසාධාරණයක් වුනත් අපි මැදිහත් වෙනවා . නීති රාමුවක් හදලා තියෙනවා ඒ අනුව  කටයුතු කරන්න ඔනා .

ලෙල්ලමේ ප්‍රශ්න ඇති වෙනකොට අපි ගියා පල්ලියේ සීනුව නාද කරන්න ඒතකොට පාදර් කිවිවා ඔය ඉඩම් අපට අයිති නැහැ කියලා  ඔගොලන්ගේ ප්‍රශ්න ඔගොල්ලෝම විසද ගන්න කියලා . ඒහෙම කියපු පාදර් අද ලෙල්ලමට අයිතිවාසිකම් කියනවා .

 .පිටිපන මීසමට අයත් පල්ලි හතරක් තියෙනවා . ඒ පල්ලි හතරෙම අය  පිටිනට කැදවලා බිෂෝප්ට අපහාස කළා කියලා උද්ඝෝෂණයක් තිබිබා . දහම් පාසැල් තියන්නේ නැතිව තමා ළමුන් උද්ඝෝෂණයට අරගෙන ආවා . බිෂෝප්ට අපහාස කරා කියලා තියපු උද්ඝෝෂණයේ අපේ ලෙල්ලම අපට දෙන්න කියලා තමයි ඉල්ලුවේ . අපේ ලෙල්ලම කියන්නේ ධිවරයන්ට නැතිනම් බිෂෝප්ට ද? බිෂෝප් කියනනේ ලෙල්ලම එයාගේ නමට ලියන්න කියලා .

තවම නඩුව පටන් ගත්තේ නැහැ . බිෂෝප් ප්‍රචාරයක් අරගෙන යනවා ලෙල්ලම ඔහුට අයිති වුණා කියලා . නඩු විභාගයට ගන්නේ මැයි 04 .

පිටිපනට ඇවිල්ලා පාදර් හැසිරුණේ ලොගු දාගත්ත චණ්ඩි වගේ .එක පාදර් කෙනෙක් කියනවා . පල්ලියට අයිතියක් තියෙනවා කියලා ඉඩම් අයිති කර ගන්න . ඉඩම් සම්බන්ධව ඉන්න නියෝජ්‍ය ප්‍රධානියා තමා එහෙම කියන්නේ . මම ඒ පාදර් ගෙන් අහන්න කැමති ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ  ව්‍යවස්ථාව අනුව ද නැතිනම් බයිබලය අනුව ද බිෂෝප් උන්වහන්සේට ඉඩම් අයිති වෙන්නේ කියලා . ඒ පාදර් දන්නේ නැහැ එයාලා අයිති අපට කියලා . ඉඩම් අපේ . බිෂෝප්ට හෝ පාදර්ලාට පුද්ගලිකව ඉඩම් අයිති නැහැ . එගොල්ලෝ එම දේපොල වල බාර කාරයෝ පමණයි .

පල්ලිය හදන එක අපේ වැඩක් නොවෙයි .අපි දායකයෝ .මුළු ආදායම එගොල්ලෝ අර ගන්නවා . ඊට පස්සේ අපි පල්ලි හදනනයි ,වතුර බිල් ගෙවන්නයි, විදුල් බිල් ගෙවන්නයි කියලා අපට කියනවා.  අද ස්වාමීලා නැහැ . අද ඉන්නේ වායුසමනය කළ ස්වාමීලා.  අද ජේසුස්ලා නැහැ . අද ඉන්න ස්වාමීලා තරග කරන්නේ ඊලග ස්මාට් ෆොන් ඒක් ගන්න .කාර් එකාක් ගන්න .සමාජ සේවයට ඒ අය උනාන්දු නැහැ. මිනිස්සු ජේසුස්ට වඩා බිෂෝප්ව විශ්වාස කළා .පසු දේව අපරාධකාරයෙකු යැයි ජේසුස්ව මරා දැමිමා. මිනිස්සු අපට වඩා විශ්වාස කරන්නේ නායක පියතුමන්ලාව .

මුහුදේ රැකියාවේ ඉන්න කොට කලපුවේ හෝ ගගේ හෝ ධීවර වෘත්තීයේ යෙදිලා ඉන්න කොට මැරුණොත්  ලක්ෂයක් ගෙවනවා . සමාජික නොවන අයකුට පනස්දාහක් ගෙවනවා . පිටිපන මීසම ඇතුළත මරණයක් වුනොත් සමාජිකයෙකුට රුපියල් විසිපන්දාහක් ගෙවනවා . හැට පිරුණු අයෙක්ට මසකට පනසීයක් ගෙවනවා . අබාධිත ධීවරයෙකුට මාසයකට දහදහගානේ තිස්දහක් ගෙවනවා . මුහුදු ගිහිල්ලා අතුරුදන් වු ධීවරයෙක් සොයන්න ලක්ෂ දහයක් වියදම් කරනවා . සමජිකයෙක් නොවන අයකුට ද එම මුදල වියදම් කරනවා  මුහුදේ අතරුදන් වන ධීවරයන් සහ බෝට්ටු සොයන්න හෙලිකොප්ටර් යොදවලා තියෙනවා . අතුරුදන් වු ධීවරයන් සහ බෝට්ටු සොයන්න දවසකට එක ඇන්ජිමකට රුපියල් 20.000 ගනේ බෝට්ටු 20 කට තෙල් ගහනවා  . ගිය අවුරුද්දේ ඉස්කෝලේට ලක්ෂ දෙකහමාරක් දුන්නා . ඉල්ලන හැම දේම අරගෙන දෙනවා .  අපේ මීසමේ නොවන සංවිධානයක් සහයෝගයක් ඉල්ලුවොත්  අපි දෙනවා . තවත් සහන රැසක් ධීවර ජනයාට බලා දෙනවා .

මුහුදු කරේ පල්ලි ලග ඉස්කෝල තියෙනවා . ඒ ඉස්කෝල වැසි ගෙන යනවා . සමහරක් ඉස්කෝල වැසිලා . පල්ලිය සත පහක් වියදම් කරනවා ද? එ ඉස්කෝල හදන්න .ඒ ඉස්කෝල පාලනය කරන්නේ පල්ලිය .ඒ ඉස්කෝල දුප්පත් කළා .ඒතකොට තමා ධිවරයන්ට එගොල්ලන්ට පාලනය කරන්න ලේසි . බිෂෝප් ඉස්කෝල ටික රජ මැදුරු වගේ. අපේ ඉස්කෝල දුප්පත්වෙන  තරමට තමා එගොල්ලන්ට බිස්නස් තියෙන්නේ . අපේ ඉස්කෝල දුප්පත් කරන එක ඒ අය ව්‍යාපෘතියක් .

 සේනාල

 මම පිටිපන ලෙල්ලමට අවේ අවුරුදු 19යෙන් . දැන් මගේ වයස 34 යි   සමිතිය ගත්තාට පස්සේ හොදයි .අපේ කියලා දැන් හැගිමක් තියෙනවා .අපි දවසේ ආදායමෙන් රුපියල් 500 ක් දවසට දෙනවා .ඒ දෙන්නෙ අපේ කැමැත්තෙන් .අපිව කවුරුවත් පාලනය කරන්නේ නැහැ .   ධිවරයෝ තමා ලෙල්ලම පාලනය කරන්නේ . එදා එහෙම තිබුණේ නැහැ . අද හොදටම හොදයි .  අපි අතීතයට යන්න කැමති නැහැ . මේක වෙනස් කරන්න අවශ්‍ය නැහැ .මම සමිතියේ සමාජිකයෙක් නොවෙයි .මම දැන් මාළු මිල දී ගන්නෙක් .

මිලාන්

අවුරුද 05 පමණ ඉදලා මාළු වෙළදාම කරනවා .දැන් හොදයි .ධීවරයන්ට අසාධාරණයක් වෙන්නේ නැහැ .මේ තත්වය මිටත් වඩා හොද වෙනවා නම් අපි කැමැති .පරණ තත්වයට අපි යන්න කැමති නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *