ආණ්ඩුව රජයේ මාධ්‍ය හැදුනුම්පත උපයෝගි කරගෙන මාධ්‍යවේදීන් දඩයම් කරයි

0
Sri_Lankan_Army_Kilinochchi_HQ

පසුගිය දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති රණවිරු සැමරුමේ ජායාරූප ගැනීමට රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුවේ මගින් නිකුත් කරන හෝ මාධ්‍යවේදීයා සේවය කරන විදේශ මාධ්‍ය ආයතනයේ හැදුනුම්පතක් පවා හෝ නොමැති මාධ්‍යවේද‍ියෙකුට ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියෙකුගේ අණින් එම අවස්ථාව සහභාගි වීමට අවසර ලැබි ඇත.

කැබිනට් තීරණ දැනුම්දිමේ ප්‍රවෘත්තී සාකච්ජාව සදහා රජයේ ප්‍රවෘත්තී දෙපාර්මේන්තුව මගින් නිකුත් කරන මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කළ ද ජනාධිපතිවරයා සහභාගි වන උත්සව වාර්තා කිරීම සදහා කලින් අවසර ගත් මාධ්‍යවේදීන්ට පමනක් අවස්ථා ලැබිණ. අවසර නොගත් රජයේ මාධ්‍ය හැදුනුම්පත හිමි මාධ්‍යවේදීන් පිරිසක් එදින රණවිරු උත්සවය වාර්තා කිරිමට එම ස්ථානයේ රැදි සිටිය ද ඔවුන්ට අවසර නොලැබිණ. ජනාධිපතිවරයා සහභාගි වන උත්සවලට ඔහුගේ ආරක්ෂාව පවා නොතකා මාධ්‍ය හැදුනුම්පතක් නොමැතිව මාධ්‍යවේදියෙකුට ජායාරූප ගැනීමට අවසර ලබා දිය හැකි නම් කැබිනට් තීරන දැනුම්දීමේ මාධ්‍ය හමුවට රජයේ හැදුනුම්පත අනිවාර්ය කිරීම මගින් හෙළිවන්නේ අමාත්‍යවරයාට මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දිය නොහැකි නිසා එම තින්දු ගෙන ඇති බවය.

මාධ්‍යවේදීයාගේ නම අප හෙළි නොකරන්නේ මෙම ප්‍රවෘත්තීයෙන් ඔහුට යම් අගතියක් විය හැකි බැවිනි. ඔහුගේ පැත්තෙන් කිසිදු වරදක් නැත. මාධ්‍යවේදියෙකු කටයුතු කරන්නේ මොන තත්වයක් යටතේ හෝ ආචාර්ය ධාර්මිකව මහජනයාට තොරතුරු මුණ ගැස්සවීමටය. ඒවැනි බාධා ජය ගැනීම මාධ්‍යවේදීයගේ දක්ෂතාවයයි.

 ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානීන්ට හෝ ජාතික ජන බල ආණ්ඩුවේ ප්‍රධානීන්ට මාධ්‍ය හැදුනුම්පතක් හෝ නොමැතිව විශේෂයෙන් ජනාධිපතිවරයා පැමිනෙන උත්සව පවා ආවරණය කිරීමට අවස්ථාව ලබා දීමෙන් ගම්‍ය වන්නේ ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යවේදීන් දඩයම් කිරීමට එම හැදුනුම්පත අනිවාර්ය කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *