පහර කෑ ශිෂ්‍යාව ෆර්ගසන් උසස් විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව නඩු මගට

රත්නපුර ෆර්ගසන් විද්‍යාලයේ විදුහල්පතිනි මර්සි ගලගම එම විද්‍යාලයේ 13 වන වසරේ ඉගනුම ලබන ශිෂ්‍යාවකට පහරදීමට එරෙහිව පොලිසිය මගින් අද (15) දින අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
පහර කෑම ලක් වු ශිෂ්‍යාව අගොස්තු 10 වෙනිා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුල් වී නේවාසික ප්‍රතිකාර ලබා ඊයේ (14) නිදහස් කිරිමෙන් පසුව පිටව ගොස් ඇත. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ශිෂ්‍යාවගෙන් රෝහල් පොලිසිය මගින් කටඋත්තර ලබාගෙන ඇත.
මිට පෙර එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියක් වන අමාලි වික්‍රමසිංහ විසින් එම ශිෂ්‍යාව පිරිමි ළමයෙකු සමග ගත් ජායාරූපයක් පහර කෑමට ලක් වු ශිෂ්‍යාව අපහසුතාවයට ලක් කිරීම සදහා නියෝජ්‍ය විදුහල්පනි වෙනත් පුද්ගලයින් සමග එම ජායාරූපය හුවමාරු කර ගන්නා බවට ලැබුණු තොරතුරක් මත එය නතර කරන්නැයි එම ශිෂ්‍යාවගේ මව පැමිනිල්ලක් දැමීම සදහා රත්නපුර පොලිසියට ගිය අවස්ථාවේ පැමිනිල්ල බාර නොගෙන හරවා එවා තිබුණි.
රත්නපුර රෝහල් පොලිසිය දැරීයගෙන් ලබා ගත් කට උත්තර එම දැරියගේ නම පවා වරද්දලා ලියා ඇති බව එම පොලිසියට කටඋත්තරයක් දීම සදහා ගිය අවස්ථාවේ එහි නිලධාරියෙකු පවසා තිබේ.
පහර කෑමට ලක් ශිෂ්‍යාව ඊයේ (14) රෝහලෙන් පිටව රත්නපුර පල්ලිය පාරේ ඔස්සේ පයින් පොලිසිය වෙත ගමන් කරද්දී, වාහනයකින් පැමිනි නියෝජ්‍ය විදුහල්පතිනිය එම ශිෂ්‍යාවගේ පින්තුරයක් රැගෙන ඇත. එම වාහනය පදවා ඇත්තේ නියේජ්‍ය විදුහල්පතිනියගේ ස්වාමී පුරුෂයා බව එම දැරීය හෙළි කරයි.
පහරකෑමට ලක් වු දැරීය රෝහල් ගත කර සිටියදී එම දැරීයගේ මව රත්නපුර පොලිසියේ ස්ථානාධිපතිවරයා හමු වී ඇති අතර එහි දී ටිකට් කැපු පසු දැරීය සමග පොලිසියට පැමින පැමිනිල්ලක් දමන්නැයි ස්ථානාධිපතිවරයා දැරීයගේ මවට පවසා තිබිණ.
පහර කෑම ලක් වු දැරීය දෙවතාවක් රත්නපුර රෝහලට ගිය ද ගුරුවරු දරුවන්ට පහර දෙන්නේ හදා ගන්නැයි කියා එම ශිෂ්‍යාව රෝහල් ගත කරන්නේ නැතිව හරවා එවා තිබුණි. විදුහල්පතිනි සහ නියෝජ්‍ය විදුහල්පතිනි ඇතුළු ඔවුන්ගේ තක්කඩි රැළ උත්සහ කළේ පොලිස් පැමිනිල්ල සහ රෝහල් ගත කිරීම නතර කිරීමටය. නමුත් ලංකා ස්කයි නිවිස් වෙබ්ම අඩවිය එම සිද්ධිය හෙළි කිරීමත් සමග එම තක්කඩි උත්සහය ව්‍යාර්ථ විය. රත්නපුර රෝහලේ කාර්ය මණ්ඩලයේ සහ වෛද්‍ය බොහෝ දෙනෙක් හිට ගත්තේ විදුහල්පතිනිගේ පැත්තේය. සමහර හෙදියෝ ශිෂ්‍යාවගේ වෛද්‍ය වාර්තා වල ජායාරූප විදුහල්පතිනයට යවා ඇති බවත් වාර්තාවේ.
ෆර්ගසන් විද්‍යාලයේ විදුහල්පතිනි සහ නියෝජ්‍ය විදුහල්පතිනිය හැසිරෙන්නේ රදළ අම්මණ්ඩිලා මෙන්ය. දැරීයගේ තවත් දේවල් හෙළි කිරීමට ඇතැයි කියා ඇය සහ ඇයගේ තොරුතුරු එළියට දමමින් දැරීයව සහ දෙමව්පියෝ බිය ගන්වයි. මාක්ස් සදහන් කළ පරිදි වෙළද පොල ආර්ථීක ඇතුලේ ශුද්ධ වු සියල් කෙලේසී ඇත. අම්මා දුව විකුණයි. තාත්තා දුව දුෂණය කරයි . ගුරුවරු මැරයෝ, තක්කඩි සහ දුෂකයෝ ලෙස හැසිරෙති. අධ්‍යාපනය කියන්නේ විනයක් සහිත බුද්ධිමත් මනුෂයෙකු නිෂ්පාදනය කිරීම වේ. මිනිහකු සහ මිනහකු අතර නග්න ස්වාර්ථකාමය හැර , අනුකම්පා විරහිත ලෙස මුදල් ගෙවිම හැර වෙනත් කිසිදු සම්බන්ධකම ඉතිරි කර නැති සමාජය ක්‍රමයක් ඇතුලේ මේ වැනි ගූරුවරු හමු වීම අහම්බබයක් නොව අනිවාර්යයකි. සමාජය ක්‍රම වෙනස් කිරීමකින් තොරව (ගුරු ගීතයේ- චින්ගිස් අයිතමාතොව්) දුයිෂේන්ලා වැනි ගුරුවරු නොලැබෙනු ඇත.


දැරීගේ වෛද්‍ය වාර්තා.