ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරන්නැයි අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට!ර්
දුන් පොරෝන්දු ඉටු කරන්නැයි ජවිපෙ / ජාජබ ආණ්ඩුවට බල කරමින් අරගලකරුවන් අද (08) සවස ජනාධිපති කාර්යායාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවිත්විණ.
2022 අරගලයට සම්බන්ධ සියලු නඩු හා චෝදනා නැවත සමාලෝචනය කිරීම ,සාමකාමී විරෝධතා කළ ජනතාවට එරෙහිව නීතිමය පීඩනය අවසන් කිරීම, අරගල සමයේ අත්අඩංගුවට ගත් තරුණයන්ට යුක්තිය සහ සාධාරණය ලබාදීම, දේශපාලන පීඩනයෙන් තොර ජනතා විරෝධතා අයිතීන් ආරක්ෂා කිරීම සහ ජනතාවට දුන් ව්‍යවස්ථාමය හා ප්‍රජාතන්ත්‍රවාදී පොරෝන්දු ක්‍රියාත්මක කරන්නැයි අරගලකරුවෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.
විරෝධතාකරුවෝ සටන් පාඨ ලියු පුවරු ඔසවාගෙන ආණ්ඩුවට -අපි කියන්න දුන් පොරෝන්දු -ඉටු කරන්න අපේ එවුන් – පෝරකයට – ඒ නැත්තන් – උසාවි වල අරගලයට -වින කට්න්න ආපු එවුන් -ඉදියි සැපට ආණ්ඩුවට -අපි කියන්නේ දුන් පොරෝන්දු – ඉටු කරන්න අරගලයේ -අපේ එවුන් මර්දනයට – නඩු දමාපු ආණ්ඩුවට- ඒ තීරණය හකුලන්නයි -බල කරන්න්න යැයි සටන් පාඨ කියමින් උද්ඝෝණයේ නිරත වුහ.
උද්ඝෝෂණයේ අතරවාරයේ අරගලකරුවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ලිපියක් භාර දුන්හ.







