තාරුක විරාජ් රශ්මික ද සිල්වා නොහොත් අල්මේදාගේ සිද්ධිය සංවේදී නඩුවක් , නඩු ගොනුව සෙප්පුවක තබන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලයි !

0
DSC_6092

වධ බන්ධනයට ලක් කර ඝාතනය කර , ගිං ගඟට දමන ලද තාරුක විරාජ් රශ්මිික ද සිල්වා නොහොත් අල්මේදාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් විමර්ශන අවසන් වු විගස අත්අඩංගුවට ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙරේදා (20) එම නඩුව බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී පවසා ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එසේ පැවසුවේ රශ්මික ද සිල්වා ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ අත්අඩංගුවේ සිටිි අවස්ථාවේ තමා ඉදිරිපිටට රැගෙනවිත් මොහු හදුනනවා දැයි එම කොට්ඨාශයේ නිලධාරීන් විමසු බවට විහඟ දිනෙත් ජයසිංහ නැමැත්තා ලබා දුන් දිවුරුම් ප්‍රකාශය පදනම් කරගෙන බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව පෙරේදා (20) විභායට ගත් අවස්ථාවේදීය.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව රශ්මික ද සිල්වාගේ සිද්ධිය ඉතාම සංවේදී නඩුවක් බවත් එම නඩු ගොනුව සෙප්පුවක දමන්නැයි කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා නඩු ගොනුව සෙප්පුවක තබන්නැයි නියෝග කළේය.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය මගින් ජුනි 16 වනදා දිනෙත් ජයසිංහව මාකුඹුර පන්නිපිටියේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන එම අපරාධ කොට්ඨාශය පිහිටුවා ඇති බද්දේගම පරණ පොලිස් ගොඩනැගිල්ලට රැගෙන ගොස් ඇති බවත් ජුනි 18 වනදා ජයසිංහව හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර පසුව රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් ඔහුව මුණගැසි ප්‍රකාශයක් ලබා ගත් බව අධිකරණයට දැනුම් දුන් අතර විමර්ශන අවසන් වු විගස සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව ද අධිකරණයට අවධාරණය කර සිටියේය.

මිය ගිය රශ්මික ද සිල්වා ගේ මෘත ශරීරය ගිං ගඟේ පාවෙමින් තිබියදී වක්වැල්ල පාලම අසල දී පොද්දල පොලිසිය මගින් ගොඩ ගෙන තිබුණි. ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය මගින් සිල්වා අත්අඩංගුවට ගෙන දින කිපයක් වධ බන්ධනයට ලක් කර පසුව කොන්ක්‍රීට් කණුවක් ගැට ගසා ගිං ගඟට දමා ඇතැයි වාර්තාවේ. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ජුනි 20 වනදා ඔහුව කුරුණෑගල මාවතගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගොනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ රදවා ගෙන සිට ඇත. පසු ගාල්ල අපරාධ කොට්ඨාශයේ ඒ.එස් .පී. නාමල් පෙරේරා ඇතුළු නිලධාරීන් පිරිසක් එහි ගොස් ඔහු රැගෙනවිත් ඇති බව ද වාර්තාවේ. මර දමන ලද තැනැත්තා අහුන්ගල්ලේ ලොකු පැටිගේ ගෝලයෙක් බවත් දිවයින පුරා සිදු වු ඝාතන සිද්ධීන් කිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා විසින් රශ්මික ද සිල්වා නොහොත් අල්මේදා අත්අඩංගුවට ගෙන ඝාතනය කර ඇත්තේ සංවිධානාත්මක අපරාකරුවෙකු යැයි පොලිසිය පවසන කොස්ගොඩ සුජිගෙන් කෝටි දෙකක මුදලක් රැගෙන බවට සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. අල්මේදාව අත්අඩංගුවට ගත් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය ඔහු කොස්ගොඩ සුජිගේ සහචරයන්ට ලබා දුන් බවට ද ප්‍රවාත්තී පල විය.

මිට පෙර රත්මලානේ රොහා ඝාතනය කිරීම සඳහා කුඩු අංජු හිටපු පොලිස්පති දේශබන්දුට කෝටි පහක් දුන් බවට චෝදනා එල්ල විය. විශේෂ කාර්ය බලකායේ හිටපු අණ දෙන ප්‍රධානී නියොජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අහුන්ගලේ ප්‍රභාත් ඉන්දික ඝාතනය කරන්නේ ද කොස්ගොඩ සුජිගේ අවශ්‍යතාවයටය.

මරණකරු වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අධ්‍යක්ෂක හා නීතිඥ සේනක පෙරේරා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *