ප්‍රසන්න මනෝර ජිවිතයේන් ඉවත් කර ජාජබ /ජවිපෙ ආණ්ඩුව ගෙන යන මත්ද්‍රව්‍ය මෙහෙයුම් වල ව්‍යාජ බව හෙළි කරයි !
ගේ ඇතුළේ දාගෙන එයාට ගොඩක් වධ දුන්නා. තාත්තා කෑගහලා කිව්වා මගේ පුතාට වධ දෙන්න එපා කියලා. තාත්තා කිව්වා පොඩි පුතේ උඹ ගාව තියේනව නම් දීපන් කියලා. මං ගාව නැහැ තාත්තේ කියලා ඇඩුවා. වරදක් කළත් ඒ විධියට පහර දෙන්න පුළුවන්ද කියලා තමයි මම අහන්නේ. තිරිසෙනෙකුට වගේ ගහලා ගහලා අන්තිමට ගේ ඇතුළේ පෙට්ටියක දාලා ඉන්නවා. අන්තිමෙට මගේ පුතාට තාත්තා කෙනෙක් නැති වුනා යැයි මිය ගිය දිගයාදුර ප්‍රසන්න මනෝර ඉන්දික රත්නගේ බිරිඳ වන හන්සි නිලන්ති චාමිකා වික්‍රමසිංහ පැවසුවාය.

මිය ප්‍රසන්නගේ බිරිඳ හන්සි නිලන්ති චාමිකා වික්‍රමසිංහ.
මිට වසර කීපයකට පෙර කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් ගෙදරට ඇවිල්ලා ගහලා අරගෙන ගිහිල්ලා ප්‍රසන්නට මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් දාලා රිමාන්ඩ් කරනවා . පස්සේ රස පරික්ෂක වාර්තාවේ ග්‍රෑම් 21 එනවා. මාස නමයක් රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉඳලා ඇවිල්ල හොදට හිටියා . ඇප තියලා ඇවිල්ල අවුරුද්දකට පස්සේ රත්ගම පොලිසියේ ඒවකට අපරාධ අංශයේ හිටපු මහත්තයා ගෙදරට ඇවිල්ලා කියනවා ප්‍රසන්න මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා කියලා පොලිසියට පෙත්සම් ඇවිල්ලා තියේනවා ඒ නිසා පොලිසීයට ඇවිල්ලා කටඋත්තරයක් දෙන්න කියලා. කටඋත්තර දෙන්න ප්රසන්නත් මමත් පොලිසියට යනවා . ඒ වෙලාවේ හිටපු ඔි .අයි. සී. මහත්තයා උඹ නිසා මගේ රස්සාව පවා නැති වෙන්න පුළුවන් කියලා ග්‍රෑම් දෙකායි මිලි ග්‍රෑම් 980 ක් දාලා ප්‍රසන්නව බන්ධනාගාරගත කරනවා. මාස තුනකට පස්සේ හදුනා නොගත් මත්ද්‍රව්‍යයක් කියලා රස පරික්ෂණ වාර්තාව එනවා. අගොස්තු 31 ප්‍රසන්න නිදහස් වෙලා ගෙදර ඇවිල්ලා අපි සමඟ සතුටින් හිටි බව මිය ප්‍රසන්නගේ බිරිඳ අප සමඟ කීවාය.
ගාල්ල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අයිස් ග්‍රෑම් 50 ක් හෝ ලක්ෂ 15 වක කප්පමක් ඉල්ලා නිවැසියන් ඉදිරිපිට දී අමානුෂි ලෙස පහර දී ත්‍රිරෝද රථයක දමා ගෙන රැගෙන ගිය ඉන්දික රත්න හෙවත් ටුට්ටාගේ මරණය සැක සහිත බව ඉන්දික රත්නගේ බිරිඳ සහ ඥාතීහු පවසති.

නාකෝටික් යැයි කියා ගත් පුද්ගලයින් ප්‍රසන්නගේ මුහුණට පහරදීම නිසා මුහුණකළු වී ඇති අයුරු.
සැප්තැම්බර් 11 වෙනිදා දහවල් 11.30 පමන යතුරුපැදි දෙකකින් කඩා වැදුනු කොට කලිසම් ඇඳ ගත් කොණ්ඩය පාට කර, කරාබු දා ගත් සතර දෙනෙකු ප්‍රසන්නගේ නිවසට සහ ඒ යාබඳ ඔහුගේ නංගිගේ නිවස වට කර ඇත. ප්‍රසන්න දවල් ආහාරය ගෙන ඔහුගේ නිවසේ සාලයේ ඇල වී සිට ඇත. ශබ්දය ඇසි ප්‍රසන්න සලෙන් එළියට එන කොටම පැමිනි නාදුනන පුද්ගලයින් ප්‍රසන්නව අල්ලාගෙන සාලය මැදට රැගෙන ගොස් බිම වාඩි කර මංජු දමා තිබේ. ශබ්දයක් ඇසි නාන කාමරයේ සිට පැමිනි ප්‍රසන්නගේ බිරිඳ හන්සි ඔගොල්ලෝ කවුදැයි අසා ඇත. කලබල කරන්න එපා අපි නාකෝටික් එකෙන්. හන්සි ඇතුළු සියලුම දෙනාගේ ජංගම දුරකතන එම පුද්ගලයා විසින් බලහත්කාරයේන් ලබා ගෙන ඇත. පසු ප්‍රසන්නව එම නිවසේ ඉදිරිපිට කාමරයට රැගෙන ගොස් වධහිංසා පමුනුවා පහර දුන් බව බිරිඳ සහ ප්‍රසන්නගේ පියා පවසති.
නාකෝටික් යැයි කියා ගත් පුද්ගලයින් ප්රසනනගේ නිවසට පැමින ඇත්තේ දහවල් 11.30 ට වන අතර ඔවුන් පිටව ගොස් ඇත්තේ එදින රාත්‍රි 12.30 ටය. දහවල් 11.30 යේ සිට රාත්‍රි 12.30 දක්වා විටින් විට නිලධාරීන් මාරුවෙන් මාරුවට ප්‍රසන්න රඳවා සිටි කාමරයට ගොස් වධ දෙමින් පහර දී ඇත. පොලිතින් බැග් එක ඔලුවට දමා බෙල්ල ලගින් අල්ලාගෙන පහරදුන් බව ප්‍රසන්නගේ පියා වන දිගයාදුර විමලරතන පවසයි. එදින රාත්‍රියේ බොල්රෝ වර්ගයේ වාහනයකින් පිරිසක් පැමින ඇති අතර එහි ප්‍රධානියා ද කාමරයට ගොස් ප්‍රසන්නට පහර දී කනට කර යමක් පවසනවා තමන් දුටු බව හන්සි අප සමඟ පැවසුවාය.
අපිට තව පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න තිබෙන නිසා ප්‍රසන්නව අද අරගෙන ගිහිල්ලා හෙට උදේ 08 ට කලියේන් නැවත නිවසට ගෙනැවිත් බාර දෙන බව කියා ඔහු රැගෙන ගිය බවත් පොලිසි වලට හෝ වෙනත් තැන්වලට කොල් කළොත් එහි විපාක වලට මුහුණ දෙන්නේ වෙන්නේ මුටම බවත් නාකෝටික් අය පොරෝන්දු පරිදි සැප්තැම්බර් 12 වෙනිදා උදේ 08 ට පමන ප්‍රසන්නව රැගෙන ආ බවත් අසල්වාසීන්ට සැක නොසිතෙන පරිදි නාලා කාලා බිලා වත්තේ පිටියේ ඇවිදලා ඉඳපන් යැයි ඔහුව රැගෙන ආ නාකෝටික් නිලධාරියෙකු පුතාට පවසන විට තමා එතැන සිට බව පැවසු ප්ර්රසන්නගේ පියා පොඩි පුතේ උඹ උදේට කෑවාදැයි විමසු විට නැතැයි කී පසු ඥාතියෙකු කඩේට යවා මාළු පාන් ගෙනැවිත් දුන් බවත් පැවසීය.
ප්‍රසන්න උදේ රැගෙන ආ නාකෝටික් යැයි කියා ගත් පුද්ගලයින් අතරින් එක් අයෙකු පමනක් ප්‍රසන්න සමඟ රඳවා අනිකුත් අය හදිස්සී රාජකාරී කටයුත්තකට යැයි පවසා පිටව ගොස් ඇත. ප්‍රසන්න දරුවා සමඟ එළියේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඔහු සමඟ රඳවා සිටි නිලධාරීයා මට බඩගිනි කෑම එකාක් ගෙනත් දීපන් යැයි කියා ඇත. පසුව ප්‍රසන්න නංගිිිිිිිගේ යාළුවෙකු කඩේට යවා කෑම එකාක් ගෙනැවිත් දුන් බව හන්සි පැවසුවාය.
නිලධාරියාට කෑම දී ප්‍රසන්න නිවස ඇතුළට පැමින ඇති අතර එහි දී ඊයේ රෑ රඳවාගෙන සිටියේ කොහේද? පහර දුන්නා දැයි හන්සි විමසු අවස්ථාවේ මංජු දමා මුහුණට සහ යටි බඩ පහර දුන් බවත් අයිස් නොදමා මුදා හරින්න නම් ලක්ෂ15 ක මුදලක් ඉල්ලන බවත් එම මුදල කොහොම හරි සොයා ගත යුුුතු බවත් නැති නම් විසුමක් ලැබෙන්නේ නැතැයි තමන් සමඟ ප්‍රසන්න විකාරයේන් පැවසු බව ඇය කීවාය.
ප්‍රසන්න එක පාරටම අතුරුදන් වුණා .මොකද වුනේ කියලා කවුරුත් දන්නේ නැහැ. නාකෝටික් නිලධාරියා මගෙන් ඇහුවා කෝ ප්‍රසන්න කියලා . මම කිව්වා දන්නේ නැහැ කියලා .පස්සේ එම නිලධාරිය ඒයා ආපු බයිසිකලේ යතුර අරගෙන ගිහිල්ලා කියලා මගේ බසිසිකලේ යතුර ඉල්ලුවා ප්‍රසන්න බලන්න යන්න . පස්සේ ත්‍රිවිල් එකාක් ඇවිල්ලා කිව්වා ප්‍රසන්න කුරුස හන්දියේ ඇක්සිඩන් වෙලා කියලා. පස්සේ අපි ගියා. අපි යන කොට ප්‍රසන්න නංගී පාසැල් හංදියේදී කෑ ගහලා කිවිව් අන්න චුට්ටා ත්‍රිවිල් එකේ ඉන්නවා කියා. අපි ඒතැනට යන කොට චුට්ටා හිඟන්නෙක් වගේ ත්‍රිවිල් එකේ දලා හිටියා. මම චුට්ටාගේ අත උස්සලා බැලුවා අත කඩා වැටුණා. එතකොටත් චුට්ටා මිය ගිහින්. පස්සේ ගිලන් රථයක් ඇවිල්ලා චුට්ටාව කාරාපිටිය රෝහලට රැගෙන ගිය බව හන්සි වේදනාබරව පැවසුවාය
ප්‍රසන්නගේ නිවසට බලහත්කාරයේන් කඩා වැදි වධහිංසා පමුනුවා පහර දුන් පුද්ගලයන් පැමිනි ( BFZ -1427 )

දරණ යතුරු පැදිය එම නිවසේ දමා ප්‍රසන්නගේ බිරිඳට අයත් (BJZ – 4648 ) අංකය දරණ රතුපාට ඩියෝ වර්ගයේ යතුරු පැදිය එම නාකෝටික් යැයි කියා ගන්නා පුද්ගලයෙකු රැගෙන ගොස් තිබේ. නාකෝටික් යැයි කියන පුද්ගලයින්ට අයත් යතුරු පැදිය රත්ගම පොලිසිය මගින් ඊයේ (16) රැගෙන ගොස් ඇති අතර ප්‍රසන්නගේ බිරිඳ යතුරු පැදිය මේ වන තෙක් ඇයට ලබාදීමට කටයුතු කර නැත .
ප්‍රසන්නගේ තාත්තා විමලරත්න –

ප්‍රසන්නගේ තාත්තා දිගයාදුර විමරත්න අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.
සැප්තැම්බර් 11 වෙනිදා 11.30 තමයි නාකෝටික් කියා ගත් පිරිස අපේ ගෙදර ආවේ . ආපු ගමන් ගෙදර වත්තේ වැඩ කරපු දෙන්නාට දණ ගහන්න කිව්වා. පස්සේ එළියේ කැමරා වල වයර් කැඩුවා. ඊට පස්සේ පුතාට මංජුලා ඉස්සරහා කාමයරට අරගෙන ගිහිල්ල වධ දී දී පහර දුන්නා . මට බාල ඉන්න බැරිතැන කිව්වා ගෙදරදී පහරදෙන්න එපා වෙන තැනකට අරගෙන ගිහිල්ලා පහර දෙන්න කියලා. එහෙම කියන කොට මට නාකියා කියලා බැන්නා. මගේ ලොකු දුවයි බැණ ඒ වේලාවේ ගෙදරට ආවා. බැණා වැඩ කරන්නේ නාවික හමුදාවේ . බැණාට නොසැහෙන්න අපහාස කළා. දවල් 11.30 ඇවිල්ලා ගියේ රාත්‍රි12 .30 ට . අපිට දවල්ට රෑ කන්නත් නැහැ. පුතානේ ප්‍රශ්න කර කර පහර දෙනවා .අපිට සාලයේ වාඩි වෙලා ඉන්න කිව්වා
නාකොටික් යැයි කියා ගත් පිරිස ප්‍රසන්නගේ නිවසට ඇතුල් වෙද්දී එම නිවසේ සවි කර තිබු සී.සී.ටි.වි. කැමරා සම්බන්ධ කර තිබු වයර් කඩා දැමීමට කටයතු කළ ද නිවස ඇතුලේ කැමරා වලට ඒ මගින් හානියක් වී නොමැත. එම මෙම සිද්ධියට ආදාළ යම් කිසි සාක්කි ප්‍රමානයක් සී.සී.ටී.වි. පද්ධතිය සතුව තිබේ. සමහර වැදගත් තොරතුරු ප්‍රසන්නගේ ඥාතීන් මාධ්‍යයට ද මුදා හැර ඇත.

මිය ගිය ප්‍රසන්න පදිංචි වී සිටි නිවස
මේ නාකෝටික් කියා ගන්නා පිිිරිස රත්ගම රුපීවලට පැමින තිබෙන්නේ රත්ගම පොලිසීය පවා නොදන්නවාය. මෙම කණ්ඩායම පැය 13 ආසන්න කාලයක් සැකකරුගේ ගෙදර ඔහුව රඳවාගෙන දරුවා සහ ඥාතීන් ඉදිරිපිට අමානුෂික පහරදීමෙන් එම දරුවාව සහ ඥාතීන්ව බිය ගන්නවා මානසික ව්‍යාකුලත්වයකට පත් කිරීම මගින් ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කර තිබේ. ප්‍රසන්න ත්‍රිරෝද රථයේ ගමන් කරද්දී , එම රථයේන් එළියට පැන දිවිනසා ගත්තා නම් ඒ තත්වයට ඔහුව පත් කළේ ලක්ෂ 15 ක කප්පම් මුදලක් ඉල්ලු නාකෝටික් යැයි කියා ගන්නා පුද්ගලයන් වන අතර ඔවුන්ට ඊට වගකිව යුත්තෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේ ඔහුගේ මඟ පෙන්වීම යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ආරම්භ කළ ඊනියා යුක්තියේ මෙහෙයුමේ නම පමනක් වෙනස් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානයක “ඉවත් වෙනු ” නමින් විකුණ , ලොල් වුනු සෑමට දැනුම දීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ” රටම එකට” නමින් ජාතික වැඩසටහන් දෙකාක් ආරම්භ කළේය. ගාල්ල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය අනුර කුමාරට සංකල්පය අනුව යමින් දැනටමත් ප්‍රසන්නව ඉවත්කර ඇත. ඔහුට ඉවත් වීමට සිදු වුයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලක්ෂ 15 ක් දීමට හැකියාවක් නොමැති නිසාය. පොලිසිය හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය හෝ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඉල්ලන කප්පම් මුදල දිය හැකි අයට පමනක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යේදිය හැකි බව ප්‍රසන්න දිද්ධියේන ගම්‍ය වේ. ප්‍රසන්න ජිවිතය පුදා ජාතික ජන බල ආණ්ඩුව මගින් ගෙන යන මත්ද්‍රව්‍ය මෙහෙයුම් වල ඇති ව්‍යාජ බව එළිමහන ගෙනැවිත් ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම ලෝක පරිමාන ආයුධ ජාවාරමටත් වඩා අධික ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ඒය පරාජය කළ හැක්කේ ලෝක පරිමානව කම්කරු -පිඩිත මහජනගේ මුහුණ දෙන සමාජ ,දේශපාලන සහ ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කළ හැකි ව්‍යාපාරයකට පමණි. ධනපති රාජය ඇතුළේ සිද්ධ වන්නේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මුවාවෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් දැඩි සුර කෑමට ලක් කිරීම සහ ඔවුන් මත මර්දනය මුදා හැරීමයි. සමාජ අපරාධ සහ සොරකම් මගින් සමාජ කැළඹෙන විට පාලකයින් ඉන් ගැලවීම සදහා මත්ද්‍රව්‍ය හංවඩුව ගසා තරුණයන් රෝතුපිටින් අල්ලා බන්ධනාගාරගත කරති.

මාධ්‍ය හමුවට වාඩි වමේ සිටින්නේ මිය ප්‍රසන්නගේ පිය විමලරත්න ,ඔහුගේ බිරිඳ වන හන්සි වික්‍රමසිංහ සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැදවුම්කරු සුදේශ් නන්දිමාල්