අසත්‍ය තොරතුරු සමාජගත කළා යැයි නිස්සංක පිරිස්ගේ ඥාතීහු ධනපති මාධ්‍යයට එරෙහිව නැගි සිටිති

අසත්‍ය තොරතුරු සමාජගත කළා යැයි නිස්සංක පිරිස්ගේ ඥාතීහු ධනපති මාධ්‍යයට එරෙහිව නැගි සිටිති

ගල්කිස්ස සිල්වෙස්ටර් මාවතේ පාර අතුගාමීන් සිටි තරුණයෙකුට පසුගිය (05) වැනිදා පෙරවරුවේ නාදුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කළේය.

එම තරුණයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කළුතරපටබැදිගේ ප්‍රවීන් නිස්සංක පිරිස් නැමති තරුණයා වන අතර ඔහුගේ වයස අවුරුදු 19 කි. පිරිස්ව ඝාතනය කරන විට ඔහු ගල්කිස්ස දෙහිවල මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය අංශයේ කම්කරුවෙකු ලෙස සේවය කර ඇත. පිරිස් අට වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා ඇති අතර ඔහු දන්නේ අත්සන් කිරීමට පමනක් බව පිරිස්ගේ සහෝදරිය අප සමග පැවසුවාය.

අප්‍රේල් 05 වනදා උදේ පිරිස් පැවරි තිබු රාජකාරීය වුයේ සිල්වෙස්ටර් පාර අතුගෑමය. ඔහු සිල්වෙස්ටර් පාර අතුගාමීන් සිටියදි යතුරු පැදියකින් පැමිනි මූහුණ ආවර‍ණය කර ගත් නාදුනන පුද්ගලයන් දෙදනාගෙන් එම යතුරු පැදිය පිටුපස ඉදගෙන ආ  පුද්ගලයා පිරිස්ට වෙඩි තබාගෙන යතුරු පැදිය ඉදිරියට ධාවනය කරන අතර බුදු අම්මෝ වෙඩි තැබුවෝ මාව බේරගන්න යැයි කෑගසමින් ඔහු පාර දිගේ දුව ගොස්  ඇත. වෙඩික්කරු යතුරු පැදියෙන් බැස නැවත ගොදුර සොයා එන අතර ගොදුර එහි නොතිබුනු නිසා පිරිස් හඹාවිත් වෙඩි තබන අයුරු සීසීටිවී කැමරා වල සටහන් වී තිබිණ‍.

ඔහුට වෙඩි තබා ඝාතනය කරන ලද වෙඩික්කරුවා, යතුරු පැදිකරු සහ යතුරු පැදිය ගල්කිස්ස පොලිස් අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අසත්‍ය තොරතුරු සමාජගත කළා යැයි නිස්සංක පිරිස්ගේ ඥාතීහු ධනපති මාධ්‍යයට එරෙහිව නැගි සිටිති

ඔහු වෙඩි කාගෙන ගාලු පාරට පැන වෙරළ පාරට හැරෙන මංසන්දියෙදි වෙඩික්කරු නැවත වතාවක් පිරිස්ට වෙඩි දෙකක් තබයි. වෙඩික්කරු ඔහුට වෙඩි තබන්නේ පිරිස් ඝාතකයා දෙස හතිහලමින් නැවති බලා සිටියදීය. පසුව වෙඩික්කරු ඔහු පැමිනි යතුරු පැදියේ නැගි පලා යන්නේ කිසිදු විරෝධයකින් හෝ බාධාවකින් තොරවය. ඇමරිකාවේ චිකාගෝ වල මෙන් මහ දවල් මිනී මරන්න පටන් ගෙන ඇත. මේ වන විට වෙඩි තැබිම් 43 ක් වාර්තා වන අතර ඝාතන 29 කි . තුවාල ලැබුවන් 23 ක් වන අතර එම සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 94 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථාන සදහන් කරයි.  

ඩඩ්ලි සේනානායක මාවතේ පදිංචිකරුවෝ මෙන්ම ඔිපන් පෙදෙසයේ පදිංචිකරුවෝ පිරිස් අහිංසකයෙකු බව පවසති. ඔහුගේ පවුල ජිවත් වන්නේ රේල් පාරත් මුහුදත් අතර ඔිපන් පෙදෙසයේය.  එම පෙදෙසයේ ජිවත් වන කම්කරු -පීඩිත ජනයා අයත් වන්නේ ද්‍රරිද්‍රතා රේඛාවෙන් පහල ජිවත් වන සීයයට 50 ටය. ඔවුන්ගෙන් බහුතරයකට ලිවිමේ කියවිමේ හැකියාව පවා ධනපති සමාජ ක්‍රමය අහිමි කෙරිණ.  ධනපති ක්‍රමය කම්කරු – පීඩිත මහජනයා කලකන්නි භාවයට ඇද දමා ඇතුවා පමනක් නොව ඔවුන්ගේ දරුවන් අපරා‍ධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට පත් කොට ඇත.  ධනය එක් පැත්තක ගොඩ ගැසෙද්දී, දුඛ්‍ය දොම්මනසයන් අනෙක් පැත්තේ ගොඩ ගැසෙයි. කම්කරු-පීඩිත මහජනයා එම සමාජ කාලකන්නි භාවයට ඇද දමා ඇත්තේ ඉතාම සුළු පිරිසක් විසින් මහජනයාට අයත් ධනයෙන් විශාල ප්‍රමානයක් අත්පත් කර ගැනීම නිසාය.   

 දෙහිවල බඩෝවිට අසංක‌‌ගේ පාර්ශවය සහ කොස්මල්ලීගේ පාර්ශ්වය මත්ද්‍රව්‍ය වෙළදාම සදහා එකිනෙකා මරා ගනිති. පිරිස් කොස්මල්ලිගේ ඥාතියෙකු වන නිසා අසංකගේ පාර්ශ්වය විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කෙරිණ. දෙහිවල සැන්ඩෝ සහ ඇටයා බඩෝවිට අසංකගේ පාර්ශ්වයේ අය වෙති. පිරිස් මරා දමා ඇත්තේ සැන්ඩෝගේ ඩෝලයන් බව පොලිසිය පවසයි. සැන්ඩෝ ඩුබායි රටේ සිට මැර කල්ලි මෙහෙවයි. ඇටයා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. කොස්මල්ලි සිටින්නේ ද ඩුබායි රටේය.

2024 සැප්තැම්බර්  15 වනදා බඩෝවිට හතරවන අදියරේ නිවසක රැදි සිටි තරිදු මධුෂාන් නැමැත්තාව නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කළේය. එම මළ ගෙදරට අසංකගේ ඉල්ලීම මත කෑම 400ක් ලබා දුන්නා යැයි සරණංකර පාරේ හෝටල් හිමිකරුවෙකු වන ආනන්දව වෙඩි තබා මරා දමන ලදී. මධුෂාන් සහ ආනන්නද යන දෙදනාම වෙඩි තබා ඝාතනය කරන්නේ එක් වොඩික්කරුවෙකු විසින් බව පොලිසිය සදහන් කරයි.  

ආනන්දව මරා දැමීම සදහා යතුරු පැදිය පැද වු සැකකරු අත්අඩංගුවට ගැීමට පොලිසිය සමත් වු අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී වෙඩික්කරු වැලිකඩ බන්ධනාගාරය අසල දී අත්අඩංගුවට ගැනීමට හැකිවිණ. පසු ඔහුගෙන් ප්‍රශ්න කරද්දී මධුෂාන් සහ ආනන්ද මරා දැමීම සදහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 15 බැගින් ලක්ෂ 30 ක මුදලක් බලා දෙන පොරෝන්දුව මත එම ඝාතන දෙක සිදු කළ බව සැකකරු පොලිස් නිලධාරීන් හමුවේ පාපෝච්චාරණය කර ඇත.

නොවැම්බර් 13 වනදා ගල්කිස්ස බඩෝවිට පදිංචි ගයාෂාන් චතුරංග නැමැත්තාව නාදුනන තුවක්කුරුවන් විසින් එම ප්‍රදේශයේදී ඝාතනය කරන ලද අතර ඔහු අසංකගේ සමීපතමයෙකි. චතුරංගව මරා දමා ඇත්තේ කොස්මල්ලිගේ පාර්ශ්වයෙන් වන අතර කොස්තා මැරීමට එකට එක කිරීමක් වශයෙන් බව විමර්ශන වල දී හෙළවීණ.

2025 ජනවාරි 07 වනදා ගල්කිස්ස වටරප්පල පාරේ දි සුදත් ගොමස් සහ ජානක විමුක්ති යන දෙනා මරා දමන ලදී. මොහුන් ඇටයාගේ ඥාතීන් බව සොයාගෙන ඇත. ඇටයා බන්ධනාගාරගතව සිටින නිසා ඔහුගෙන් පලිගැනීමට බැරි නිසා කොස්මල්ලිගේ පාර්ශ්වය ඇටයාගේ ඥාතීහු මරති.

පෙබරවාරි 09 වනදා ගල්කිස්ස සිරිපාල මාවතේ දී නාදුනන තුවක්කුරුවන් විසින් සමිදු තරුෂ නැමැත්තාව වෙඩි තබා ඝාතනය කරන ලදී. ඔහු කොස්මල්ලිගේ සමීපතමයෙකු බව හෙළි වීණ. එම වෙඩි තැබීම අසංකගේ පාර්ශ්වයෙන් සිදු කර ඇත. තරුෂ නැමත්තාට වෙඩි තබා පලා යද්දී, එක් සැකකරුවෙකු අල්ලා ගැනීමට පාරේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සමත් වු අතර එම සැකකරුගෙන් ප්‍රහ්න කරද්දී, තරුෂ ඝාතනය කිරීම සදහා යතුරු පැදිය පැද වු පුද්ගලයා බව හෙළි කරගෙන ඇත. ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කරද්දී තරුෂ ඝාතනය කරන ලද වෙඩිකරුවා බියගම ප්‍රදේශයේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරව ඔහුව ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15කට බව පොලිසිය හෙළි කරගෙන තිබිණ.

2024 සැප්තැම්බර් 20 වනදා දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ කොස්තා නැමත්තාව නාදුනන තුවක්කුවන් විසින් වෙඩි තබා ඝාතනය කෙරිණ . වෙඩි කා මිය කොස්තා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සේවය කළ සේවකයෙකු වන අතර ඔහු ඝාතනය කර ඇත්තේ අසංකගේ පාර්ශ්වයෙන් බව පොලිසිය පවසයි. මරා දැමු කොස්තා බඩෝවිට අසංකට එදිරිව කටයුතු කරන චුටා සමන්තගේ මස්සිනා වේ. අසංකගේ පාර්ශ්වයෙන් කොස්තා ඝාතනය කරන්නේ ඔහු ඡුටා සමන්තගේ මස්සිනා විම නිසාය.

ජනවාරි 07 වනදා උදේ ගල්කිස්ස වටරප්පල පාරේ නිවසකට කඩා වැදුනු නාදුනන තුවක්කුකරුවන් දෙදනෙක් ඇටයාගේ මාමාව සහ මස්සිනාව වෙඩි තබා ඝාතනය කෙරිණ.  කොස්මල්ලි විසින් ඇටයා බන්ධනාගාර ගත වීමට පෙර කිප අවස්ථාවක්ම මරා දැමීමට උත්සහා දැරුවද එය ව්‍යාර්ථ වී ඇත.

පිරිස්ගේ මව සහ සහෝදරිගේ ස්වාමි පුරුෂයාව මත්ද්‍රව්‍ය අලෙවි කළා යැයි ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.  අපේ අම්මා මත්ද්‍රව්‍ය අලෙවි කළා . නමුත් දෙහිවල පොලිසියෙන් මගේ මහත්තයාවයි අම්මාවයි අත්අඩංගුවට ගන්න කොට ඔවුන් ලග මත්ද්‍රව්‍ය තිබුනේ නැහැ. පොලිසිය මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මීග්‍රෑම් 200ක්  බැගින් අතින් දාලා තමයි අම්මාවයි මහත්තයාවයි රිමාන්ඩ් ක‍ළ බව පිරිස්ගේ සහෝදරිය අප සමග පැවසුවාය. පිරිස්ගේ සහෝදරියගේ ස්වාමී පුරුෂයා ධිවරයෙකි.

විද්‍යුත් මාධ්‍ය මගින් පිරිස් සම්බන්ධයෙන් වැරැදි තොරුතරු සමාජ ගත කළා යැයි ඔහුගේ ඥාතීහු චෝදනා කරති. පිරිස්ව වෙඩි තබා ඝාතනය කළාට වඩා මාධ්‍ය මගින් ඔහු ගැන අසත්‍ය තොරතුරු මහජනයා මත වැපිරවීම මගින් පිරිස් දෙවන වතාවටත් මරා දමා ඇති බවත් එම මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ඉදිරියෙදී බලාපොරෝත්තු වන බව ඔහුගේ  සහෝදරි අප සමග කිවාය.

 රශ්මි ප්‍රබෝධා (25)

විවාහකයි. දරුවෙක් ඉන්නවා . මහත්තයා  මුහුදු යනවා . මම රැකියාවක් කරන්නේ නැහැ.  වෙඩි තියලා ඝාතනය කරලා තියෙන්නේ මගේ මල්ලීව. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවෙකු වශයෙන් සේවය කළා.  මල්ලි උදේ 6ට නැගිටලා හැමදාම වැඩට යනවා . එදාත් වැඩ කරමින් ඉන්න කොට තමයි යතුරු පැදියකින් ආපු දෙන්නෙක් වෙඩි තියන්නේ. නගර සභාවේ ලොරියේ තමා වැඩ කළේ. පස්සේ  පාර අතු ගාන්න දාලා.  සිල්වෙස්ටර පාර අතු ගා ගා ඉන්නකොට තමයි වෙඩි තියන්නේ. සිල්වෙස්ට පාරේ ඉදලා බිච් සයිඩ් එකට දුවගෙන යනවා. පස්සෙන් එළවලා තමයි බිචිපාර ඉස්සරහා වෙඩි තියලා මරන්නේ. කොස්මල්ලී කියන කෙනා දුරින් අපේ නැදෑයෝ වෙනවා. නැයෝ උනාට අපි සමග කතා කරන්නේ නැහැ . කොස්මල්ලී කියන්නේ අපේ මාමා ගේ මස්සිනා. කොස්මල්ලීගේ කටිටිය ඉන්නේ රට. කොස්මල්ලී සමග තියෙන ප්‍රශ්න වලට  අපෙන් පලි ගන්නවා .මාධ්‍ය කියනවා ඒ ළමයා නඩු තියේනවාලු කුඩු ජාවාරම්කාරයෙක්ලු ජාවාරම් කාරයෙක් නම් ඉදලක් අරගෙන පාරට බහින්නේ නැහැ. අම්මලා  බිස්නස් කළා . නමුත්  2024 අම්මාවයි මගේ මහත්තයාවයි  ගල්කිස්සෙන් අරගෙන යනවා . බඩු තිබුනේ නැහැ නිකන් අරගෙන ගහිල්ලා  ලොකු හයිකෝට් නඩු  දෙකක් දානවා. අම්මාවයි මහත්තයාවයි දෙන්නාම ගෙනියන විඩියෝ මා ගාව තියෙනවා. අම්මාට ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200 ක් දානවා මහත්තයාට ග්‍රෑම් 13 මිලිග්‍රෑ‍ම 200ක් දානවා ඒ දෙන්නා තවම බන්ධනාගාරයේ . මල්ලිව මමයි අච්චියි තමයි බලා ගත්තේ. කට්ටියක්ව කපලා කියලා ආධාර අනුබල දුන්නා කියලා අපි ඒ මිනිස්සුන්ගේ ගෙවල්ට යන්නෙත් නැහැ. ඒ මිනිස්සු අපේ ගෙවල් වලට එන්නෙත් නැහැ. දෙහිවල ස්ථානාධිපති  මට ආධාර අනුබල දුන්නා කියලා නඩු දානවා .අච්චිට ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 400 ක් දාලා ඇතුළට දානවා. උඹව මරන්න ඉන්නේ  ඇතුළට වෙලා ඉදපන් කියලා. එතකොට ස්ථානාධිපති දන්නවා අපිව මරන්න ඉන්නවා කියලා.. පොලිසියත් දැනුවත්ව තමයි අපි මරන්නේ.  ඒ ළමයාට නඩු තියෙනවා නම් පොලිස් සහතික අරගෙන නගර සභාවේ රස්සාවක් ගන්න බැහැ. අම්මා කුඩු වික්කා නම් කාලා  බිලා ඇදලා ඉන්න තිබුණා. එමල්ලී ඒ සල්ලි වලට කැමැති නැති නිසා තමය පාරවල් අතුගා ජිවත් වුණේ . අම්මාව බලන්න අඩුම තරමේ පොලිසියකට උසාවියකටවත් යන්නේ නැහැ.  මටත් බනිනවා අක්කේ යන්න එපා කියලා . එහෙම ළමයෙක්ට තමා නැති වෙලත් අපහාස කරන්නේ.

සැන්ඩෝ කියන කෙනා තමයි මල්ලී වෙඩි තියපු ගමන් 6.52 ට මට මැසේජ් දානවා අන්න උඹගේ මල්ලී මැරූවා කියලා කොස්මල්ලී උඹලාගේ නැදෑයෝ නේ කියපන් කියලා මැසේජ් දලා තිබුණා . මම ඒ මැසේජ් පොලිසියට දුන්නා. අපි කොස්මල්ලීට කතා කරන්නේ නැහැ අපි කතා කරන්නේ මාමාට විතරයි. සැන්ඩෝට නඩු ගොඩක් තියෙනවා. සැන්ඩෝයි ඇටයයි කියන්නේ වැල්ලෙ ඉන්නකම් ගැහැනුන්ට චන්ඩිකම් කරපු අය.මගේ ආච්චිට මගේ ආච්චිගේ අක්කාට මගේ ආච්චිගේ නංගීටලා ගහලා උසාවි වල නඩු ගනනාවක් තියෙනවා.  ඇටයා රිමාන්ඩ් එකේ ඉදගෙනත් ටජ් ෆෝන් තමයි පාවිච්චි කරන්නේ. පේස්බුක් ගිනුම් පවා ඇටයාට තියෙනවා. මේ ඔගොල්ලෝ එළියට වඩා පහසුකම් ඇතුලේ ජිවත් වෙනවා. විශේෂ වාට්ටු වල සල්ලි දිලා වැහෙනවා. කාමර අරගෙන  පෑන් පවා තියේනවා. සමාන්‍ය මිනිස්සු එළයේ වගේම ඇතුලෙත් දුක් විදිනවා . ඇටයලා එළියට වඩා ඇතුලේ රජසැප විදිනවා. ගිය අවුරුදේ කොල්ලෝ දෙන්නෙක් අපේ ගෙදරට එවලා මුළු ගේම කුඩු කළා .මල්ලියි තාත්තායි නිදාගෙන ඉදලා තියෙන්නේ.මගේ පවුම් පහක මාලයක් නැති වුණා දුවගේ වළලු දෙකාක් නැති වුණා. දෙහිවල පොලිසියේ පැමිනිල්ලක් දාන්න ගියාම ස්ථානාධිපති කිව්වා පැමිනිලි දාලා උඹලාට තව ප්‍රශ්න ඇති වෙයි කියලා. අපි ඒ සියලුම දේවල් පාඩු කරගෙන හිටියේ අපේ ජිවිත ආරක්ෂා කර ගන්න. එහෙම ඉදලත් අපේ ජිවිත ආරක්ෂා වුණේ නැහැ . මගේ අහිංසක මල්ලීට මෙහෙම වුනේ ඒ නිසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *