අම්ෂී දැරීයට යුක්තිය ඉටු කරන්නැයි මහජනයා ඉල්ලති !

අම්ෂී දැරීයට යුක්තිය ඉටු කරන්නැයි මහජනයා ඉල්ලති !

කොටහේන ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 ක් වයසැති බාල වයස්කාර පාසැල් දැරියක් තට්ටු හතක මහල් නිවායකින් පැන දිවිහානි කර ගැනිමට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කන්නැයි බල අද (19) පෙරවරුවේ කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

එම දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගනුම ලබා ඇති අතර එම විද්‍යාලයේ ගුරුවරයෙකු ඇය අපයෝජනයට කළා යැයි ගුරුවරයාට එරෙහිව පොලිසියට පැමිනි කිරීමෙන් අනතුරු අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින දෙකක් ඇතුළත ඇප මත මුදාහැරීම පිළිබදව දෙමව්පියන්ගේ මෙන්ම සමාජයේ ද දැඩි විිිරෝධයක් එල්ල විණි.

අම්ෂී දැරීයට යුක්තිය ඉටු කරන්නැයි මහජනයා ඉල්ලති !

අම්ෂි දැරිය දුෂණය කළා යැයි කියන ගුරුවරයා සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා සහ අධ්‍යපන අමාත්‍යංශ කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් සමාජයේ දැඩි විරෝධයක එල්ල වුුුයේ අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගුරුවරයාව ආයතන සංග්‍රහය අනුව වැඩ තහනම් කර පරික්ෂණ පැවත්වනවා වෙනුවට ඔහුට රැකියාව කරගෙන ය‍ැමට ඉඩ හැරීමෙන් දැරීයට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව උද්ඝෝෂකයෝ පවසති. අම්ෂී දැරිය දිවිනසා ගැනීමත් සමග සමාජයෙන් ආදාල බලධාරීන්ට එරෙහිව පැන නැගුනු විරෝධය හමුවේ එම ගුරුවරයාව පුත්තලම පාසලකට මාරු කර යවන අතර පසු එම පාසලෙන් එල්ල වු විරෝධය හමුවේ අධ්‍යාපන බලධාරීන් ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කෙරිණ.

අම්ෂී දැරියගේ දෙමව්පියන් ඇය සිද්ධිය වු පැසැලෙන් ඉවත් කරගෙන වෙනත් පාසැලකට ඇතුළත් කර ඇති බවත් වැඩිදුර අධ්‍යාපනය සදහා ඇය කොටහේන ප්‍රදේශයේ උපකාරක පන්නියකට අම්ෂීව යවා ඇති අතර එම පන්තිය අයිති ගුරුවරයා ඇයව අපයෝජනට ලක් කළා යැයි කියන ගුරුවරයාගේ මිත්‍රයෙකු බවත් ඔහු ගුරුවරයෙකුට බොරු චෝදනා කළ ළමයෙකු යැයි අනෙකුත් සිසුසිසුවියන් ඉදිරිපිට අපහාස කිරීම නිසා ඇය බලවත් මානසික පීඩාවකට ලක්ව සිටි බව අම්ෂීගේ මව අප සමග පැවසුවාය.

අම්ෂී දැරීයට යුක්තිය ඉටු කරන්නැයි මහජනයා ඉල්ලති !

ගුරුවරයා අම්ෂීව අපයෝජනයට ලක් කිරීමෙන් පසු ඇගේ මානසිකත්වය හොද තත්වයේ නොතිබුණු බවත් උපකාර පන්තියේ ගුරුවරයාගේ ඇයට අපහාස කර කතා කිරිම නිසා ඇගේ මානසික ආතතිය තවත් වැඩි වු බවත් මම සමාජයට වරදක් කර නැහැ ඇයි සමාජය මට මෙහෙම සලකන්නේ යැයි ඇය තමන්ගෙන් විමසු මව අප සමග වැඩිදුරටත් පැවසුවාය.

කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අම්ෂී දැරීය අපයෝජනයට ලක් කිරීමේ නඩුව අද (19) විභාගයට ගත් අතර නඩුව ජුනි 23 දක්වා කල් දමන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අම්ෂී දැරීයට යුක්තිය ඉටු කරන්නැයි මහජනයා ඉල්ලති !

අම්ෂී දැරීයට යුක්තිය ඉටු කරන්නැයි මහජනයා ඉල්ලති !
අම්ෂී දැරීයට යුක්තිය ඉටු කරන්නැයි මහජනයා ඉල්ලති !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *