ගල්කිස්සේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු සහ යතුරු පැදිකරු අල්ලයි

අවුරුදු 19 ක් වයසැති කළුතරපටබැදීගේ නිස්සංක පිරිස් නැමති තරුණයට ගල්කිස්ස වෙරළ පරේදී පසුපස හඹා ගොස් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුවා ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්හණ අංශය මගින් අතුඅඩංගුවට ගෙන ඇත.
එම වෙඩික්කරු අත්අඩංගුවට ගන්නට පෙර වෙඩි තැබිම සදහා භාවිතා කළ යතුරු පැදිය පැද වු යතුරු පැදිකරු සහ යතුරු පැදිය කොට්ටාව මාබුල්ගොඩ ප්‍රදේශයේ නිවසක පිටුපස වළලා තිබියදිත් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව එම තරුණයා ඝාතනය කිරීමට අවුබල දුන් පුද්ගලයන් දෙදනෙකු ද අත්අඩංගුවට ගත් බව අපරාධ කොට්ඨාශය පවසයි.
වෙඩික්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, 9mm වර්ගයේ ජීව උණ්ඩ 15ක් හා යතුරුපැදි අංක තහඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
කොට්ටාව විහාර මාවතේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු ගුවන් හමුදාවේ වසර එකහමාරක කාලයක් සේවය කළ ගුවන් හමුදා සෙබළෙක් බව පොලීසිය පැවසීය.
තවද එම ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙකුද ඉකුත්10 වෙනි දින අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.