ගල්කිස්සේ තරුණයා මරා දමා ඇත්තේ ලක්ෂ10 ක කොන්ත්‍රාත්තුවකට

දෙහිවල ගල්කිස්ස මා නගර සභාවේ සේවය කළ අවුරදු 19 ක් වයසැති කළුතරපටබැදිගේ නිස්සංක පිරිස් නැමති තරුණයා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවකට බව පොලිසිය පවසයි.
ගල්නිස්ස විශේෂ අපරාධ කොට්ටාශය මගින් පසුගිය දින සැකපිට අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් ප්‍රශ්න කරද්දි එම සැකකරු පාපෝච්චාරණය කළ බව පොලිසිය සදහන් කරයි.
එම තරුණයා ඝාතනය කරන්නේ ඔහුගේ මවගේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් මත නොව බඩෝවිට අසංක සහ කොස්මල්ලි පාර්ශ්ව දෙක අතර හටගෙන ඇති ගැටුමක් ප්‍රතිපලයක් වශයෛනි. ඝාතනය කරන ලද තරුණයා කොස්මල්ලිට දුරින් ඥාතියෙකු වන අයෙකි. මැරූම් කෑ තරුණයා මත්ද්‍රව්‍ය හෝ කිසිදු පාතාල කණ්ඩායමකට හෝ සම්බන්ධ නැති බව පොලිසිය පවසයි.