ට්‍රම්ප් – නෙත්යානු හවුල ඊනියා ශිිිිිිිෂ්ටත්ව මායා බිද දමයි

ගසා තීරයට සහනාධාර රැගෙන ගිය මැඩ්ලීන් නෞකාවේ සහන සේවකයින් 12 දෙනෙකු ඊශ්‍රායල් හමුදා පැහැරගෙන යෑමට එරෙහිව ලෝක පරිමාව කම්කරු පීඩිත මහජනයා විදී වලට පැමින විරෝධය දැක්වුහ.
ඊට සමගාමීව ලංකාවේ සිවිල් සංවිධාන , වෘත්තීය සමිති , ආගමික නායකයින් සහ දේශපාලන පක්ෂ වල සමාජිකයින් ඊයේ කොල්ලුපිට්ය ලිබර්ටි වටරමු අසල මැඩ්ලින් නෞකාවෙන් ගසා වගට සහනාධාර රැගෙන ගිය සහන සේවකයින් 12 දෙනා පැහැර ගැනීමට සහ ගසා සංහාරයට එරෙහිව විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වුහ. උද්ඝෝෂණය අවසානයේ ඉටිපන්දන් දැල්වා විරෝධය පල කළහ. පසුව විරෝධතාරුවන් කොලුපිය්යේ ආචාර්ය ආනන්ද කුමාර්සස්වමී මාවතේ ඉදිකරන ඊශ්‍රායල් සංස්තෘතික මධ්‍යස්ථානය ඉදිරපිටට ගොස් සිය විරෝධය පල කළහ. එම ජා හවුස් එක ආරක්ෂා කිරීම සදහා සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් යොදා තිබුණි.





