ආණ්ඩුවේ අර්බුදය වසා ගැනීමට මර්දනය දිගේලි කිරීමේ සැලසුමක්

දිවයින පුරා ආරක්ෂක කමිටු වල බලය හොදින් හෝ නරකයින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් අත්පත් කර ගනිමින් සිටින බව ලංකා ස්කයි නිව්ස් වෙත වාර්තාවේ.
සිවිල් ආරක්ෂක කමිටු පමනක් නොව ග්‍රාමෝදය මණ්ඩල වල සහ මහිලා සමිති ඇතුළු ගම් වල තිබෙන සෑම සමිතියකම බලය ඇල්ලීමේ පොරයක ජවිපෙ සමාජිකයින් නිරතව සිටින බවත් වාර්තාවේ. රටපුරා ආරක්ෂක කමිටු 14,022 ක් පිහිටු විමට නියමිතය.
පැවති සෑම ධනපති ආණ්ඩු විසින් කමිකරු -පීඩිත මහජනයා මර්දනය කිරීම සදහා අටවා ගන්නා ලද එම කමිටුව ජාජබ /ජවිපෙ ආණ්ඩුවට එරෙහිව මොන යම් හෝ ආණ්ඩු විරෝධී නැගීටිමක් පැනපැන නැගුන හොත් ගම්මටමින් තලා දැමීම සදහා ආරක්ෂක කමිටු ජවිපෙ සමාජිකයින්ගෙන් තර කරමින් සිටි.
කැස්බෑව පිළියන්ද කොලමුන්න ආරක්ෂ කම්ටුවේ සහභාපති ලෙස කටයුතු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සමාජිකයෙකි. ඔහුව සභාපති ධුරයෙන් ඉවත් කර ජවිපෙ සමාජිකයෙකු සභාපති ලෙස පත් කර ගැනීමට ගත් උත්සහයා එම කමිටුවේ සමාජිකයන්ගේ විරෝධය හමුවේ හකුළා ගැනීමට එම ප්‍රදේශය නියෝජනය කරන නගර සභා මන්ත්‍රී චමින්දට සිදු වි ඇත. පසු 18 දෙනෙකුගේ නාම ලේඛනයක් පිළියන්ද ස්ථානාධිපති හරහා ආරක්ෂක කමිටුවට බැස්සවිමට ගත් උත්සහාය ව්‍යාර්ථ වි තිබේ. ගම්වාසීන් මෙන් රජයේ නිලධාරීන් කොලමුන්න ආරක්ෂක කමිටුවේ සභාපති ප්‍රදීප්ව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස වෙනස් කරනවාට විරුද්ධ වී ඇත.
බටකැත්තර දකුණ ආරක්ෂ කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේ විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරයෙකි. මෙවර එම කම්ටුව කැදවා සභාපතිවරයෙකු පත් කර ගෙන ඇත්තේ සභාපතිවරයාට නොදන්වාය. බටකැත්තර දකුණ ආරක්ෂක කමිටුව සදහා අත්තනොමතිකව හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පත් කරගෙන ඇත්තේ ජවිපෙ සමාජිකයෙකු වන දිසානායකවය. අවුරුද්‍ර 45 වැඩි අය පත් කර ගන්නේ නැතැි ප්‍රචාරයක් ද යවා ඇත . නමුත් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත ජයසුරියගේ විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනයේ රජයේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් ,විශ්‍රාමික පොලිස් නිලධාරීන් , ත්‍රිවිද හමුදා නිලධාරින් සහ යෞවයනයන් ද පත් කර ගන්නැයි සදහන්ව ඇති අතර ඔවුන් නිල කාලය වසර තුනක් ලෙස සදහන් කර ඇත.
විශේෂයෙන් මෙම කම්ටු පිහිටු වන්නේ ධනපති පන්තියේ ආරක්ෂාව සදහ මෙන්ම ජාජබ ආණ්ඩුවට එරෙහිව කම්කරු පන්තිය බලමුළු ගන්වන වාමාංශිකයන් සහ විරුද්ධ පාක්ෂිකයන් දඩුකදේ ගැසීමටය. එම කමිටු ප්‍රදේශයේ පොලිසිිියට මෙන් රජයේ බුද්ධි අංශ වලට සම්බන්ධ ඔත්තු සංවිධාන විශේෂයකි.
1970 සමගිජන පෙරමුණු ආණ්ඩුව පිහිටුවිමෙන් පසු ඊට එරෙහිව 1971 පැනනැගුනු තරුණ නැගිටිම මර්දනය කිරීම සදහ රජයේ පොලිස් සහ හමුදා බලකායන්ට අමතරව සමසමාජ පක්ෂයේ සමාජිකයන්ගෙන් සැදුනුම්ලත් හංස රේජිමේන්තුව නමින් අලුගෝසු බලකයක් මහජනයාට එරෙහිව පිහිටුවන ලදි.
අවුරුදු 30 කට ආසන්න කාලයක් උතුරු -නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය යුද්ධයේදී දකුණේ එල්ටිටිඊ ක්‍රියාකාරකම් මුලුමනින්ම උපුටා දැමීම සදහ සිවිල් ආරක්ෂක කමිටු පිහිටු වන ලදී.එම සිවිල් ආක්ෂක කමිටු වල ප්‍රධානින් බවට පත් වුනේ ධනපති ආණ්ඩුවට වලට ගැතිකම් කරන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදියෝය. දෙමළ තරුණයන් එල්ටිටිඊ සමාජිකයන් යැයි හංවඩු ගසා රජයේ හමුදා වලට පාවා දුන්නාට අතරව ඔවුන් යුද්ධයට එරෙහිව දකුණේ පෙනි සිටි වාමාංශිකයන්ට ,මාධ්‍යවේදීන්ට සහ ප්‍රගතිශිලී ජනයාට එරෙහිව හමුදා බුද්ධි අංශ වලට පිළිබද තොරතුරු සැප වුහ. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් ද ආරක්ෂක කමිටුව වලට රිංගාගෙන හමුදා බුද්ධි අංශ වලට තොරුතුරු සැපවුවාට අමතරව දෙමළ තරුණයන්ව හමුදාවේ වධකාගාර වලට අල්ලා භාර දී තිබේ. සමහර ජවිපෙ සමාජිකයන්ට පරිහරනය සදහ හමුදා බුද්ධි අංශ මගින් 9එම් වර්ගයේ පිස්තෝල පවා ලබා දි තිබු අතර නැගෙනහිර දිස්ත්‍රික්ක වල ජවිපෙ සමාජිකයින් එල්ටිටිඊ යැයි සැක කර දෙමළ තරුණයන් වෙඩි තබා ඝාතනය කිරීම දක්වා ඉදිරියට ගොස් තිබුණි. ජවිපෙ යනු මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් නැති දෙමළ ජනයගේ ලේ තවරාත් ගත් සිංහල ස්වෝත්තමවාදි ව්‍යාපාරයකි. සමහරු එම ව්‍යාපාරය වාමාංශික ව්‍යාපාරයක් යැයි පින්තාරු කරති.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චින අනුව යමින් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයම හමුදා කදවුරු පිහිටු විමට සහ ආරක්ෂක කමිටු වල තම පාක්ෂිකයන්ගෙන් තර කළේය. ජවිපෙ ද චිනය ආදර්ශයට ගනිමින් කම්කරු -පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදු කිරිම සදහා ඒ වැනි නිලධාරිවාදී පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට කැසකවයි.
ජාජබ /ජවිපෙ ආණ්ඩුව බලයට පත් වි මාස 09 ක් ගෙවි ඇතත්, කම්කරු -පීඩිත මහජනයා මුහුණ දෙන කිසිදු සමාජ ආර්ථීක ප්‍රශ්නයක් විදීමට අසමත්ව ඇති තතු යටතේ ඉදියේදී පැනනගින මහජන අරගල පොඩිපට්ටම් කර දැමීම සදහ ආණ්ඩු දෙමළ ජන අරගලය කප්පාදු කිරීමට යොදා ගත් සිවිල් ආරක්ෂක කමිටු ප්‍රතිසංවිධානය කරමින් සුදානම් වන්නේ කම්කරු -පීඩිත ජනයා කනත්තට දැක්විම සදහාය. ආණ්ඩුවේ මෙම ප්‍රතිගාමී වැඩ පිළිවෙල පරාජය කළ හැක්කේ කම්කරු පන්තිය දැනුවත්ව දක්ෂිණාංශික ජාජබ /ජවිපෙ ආණ්ඩුව පෙරලා දැමිමෙන් පමණි.