ව්‍යාජ වම්මු දක්ෂිණාංශය මර්දනය කිරීමේ මුවාවෙන් ආණ්ඩුවේ අත ශක්තිමත් කරයි !

ශාන්ත විජේසුරිය විසිනි.
විදේශ සංචාරයකදී මුදල් අවභාවිතා කළා යන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අගොස්තු (26) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලක්ෂ පනහේ ශරීර ඇප තුනක් මත මුදා හරින ලදී.
එක්සත් ජනපදයේ නිල සංචාරයකින් පසු, ලන්ඩයෙන් පැවති තම බිරිදගේ උපාධි ප්‍රදානෝත්සවයට රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
වික්‍රමසිංහට එල්ල වි ඇති චෝදනා සත්‍ය වුවත් අනුප්‍රාප්තික ආණ්ඩුව වල මැති ඇමතිවරුන්ට සහ ජනාධිපතිවරුන්ට එල්ල වී ඇති වංචා දුෂණ චෝදනා වලට සාපේක්ෂව ඔහුට එල්ල වී ඇති චෝදනාව බරෙන් අඩුය. ඊට අමතරව බටලන්ද වධකාගාරය පවත්වාගෙන යමින් වධහිංසා පමුණුවා තරුණයන් ඝාතනය කිරීම සහ මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් ද වික්‍රමසිංහට බරපතළ චෝදනා එල්ල වී ඇත.
ජාතික ජන බල / ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව හිටපු ජනාධිපති වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග අනුව සිදු කරන මිලේච්ජ කප්පාදු වැඩ පිළිවෙලට එරෙහිව කම්කරු -පීඩිත මහජනයා ආණ්ඩුවට එරෙහිව වැඩ බිම් වල, ගොවිබිම් වල සහ සේවා ස්ථාන වල කදවුරු බදිමින් සිටි අවස්ථාවකය. ආණ්ඩුවේ දුෂණ වංචා සහ නීතිය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇත. ලෝක ධනවාදී අර්බුදය කොතරම් උසන්න වී ඇද්දයත් සම්පත් කොල්ල කෑමේ යුද්ධයක් ඇමරිකාව ප්රමුඛ අධිරාජ්‍යවාදීන් නිරත වී සිටි. ලෝක ධනවාදී අර්බුදය ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර කර ඇතුවා පමනක් නොව කිසිදු සමාජ ආර්ථීක ප්‍රශ්නයක් විසදීමට අසමත් බව ආණ්ඩුව ඔිනෑවටත් වඩා පෙන්වා තිබේ. තැපැල් සේවකයෝ ඉල්ලීීීම් 19 මුල කරගෙන පසු ගිය සතියේ අඛණ්ඩ ජාතික වැඩ වර්ජනයක නිරත වුහ.

තැපැල් සේවකයෝ වර්ජනයේ නිරතව.
වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් දිනයේම (22) ආණ්ඩුව තැපැල් වැඩ වර්ජනය බිද දැමීම සදහා සන්නාසන්නද්ධ හමුදා බල ඇණි යෙදවිණ. වර්ජකයින් සේවයට වාර්තා නොකළහොත් මේ මස වැටුප නොගෙවන බවට තර්ජනය කළ ආණ්ඩුව වර්ජනය නිසා ගොඩගැසී තිබු පාර්සල් ඉවත් කිරීම සදහා හමුදාව මෙහෙවිය. සියලු තර්ජන අසාර්ථක වු තැන වර්ජකයන් සේවයට වාර්තා නොකළහොත් සේවකයන් නෙරපා හරින බවට ගොරනාඩු කළේය. වෛද්‍යවරු අයි.එම් .එෆ්. කප්පාදු වැඩපිළිවලට එරෙහිව නිදහස් සෞඛ්‍ය රැක ගැනීම සදහා එක් වර්ජනයක් සැලසුම් කර තිබු අතර හෙදියන් 2025 අයවැයෙන් වැටුප් කප්පාදු කිරීමට එරෙහිව අරගලයකට අරඅදිමින් සිටියෝය. ආණ්ඩුවට එරෙහිව පැනනැගි සහ වර්ධනය වෙමින් පවතින අරගලය පසුබැස්සවීමත් තැපැල් සේවකයන් ඇතුළු කම්කරුවන්ට එරෙහිව ආණ්ඩුව ගෙන යන මර්දනකාරී පියවරයන් සම්බන්ධ මහජන අවධානය බිදීම සදහාත් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම යහමින් භාවිතා කරන ලදී. ජේ .ආර්. ජයවර්ධන 1977 – 6/5 බලයක් ලබාගෙන මුලින් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසී කිරීමය. මුළු විපක්ෂය සහ වමේ දේශපාලන පක්ෂ බණ්ඩාරනායකගේ ජ්‍රජා අයිතිය අහෝසී කිරීමට විරුද්ධ වෙද්දි . ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර පමනක් ජ්‍රජා අයිතිය අහෝසී කිරීම සදහා පිහිටුවන ලද ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඇයට එරෙහිව සාක්කි දෙන ලදි. එවක් පටන් දාහත් වසරක යුඑන්පී ආණ්ඩුව 1980 වැඩ වර්ජනයේදී අසූ දහසක් පමණ රජයේ සේවකයන්ගේ රැකියා අහිමි කිරිම, 1997 -99 හැටදාහක් ගම්බද තරුණයන් ඝාතනය කිරීමද ඇතුළත් මහා මර්දන ව්‍යාපාරයක් දියත් කළේය. ජනතා විමුක්ති පෙරමුණ 1980 වැඩ වර්ජනයේ දී ඊට හොරිකඩකම් කරමින් ජයවර්ධන ආණ්ඩු වට සහය වූ බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත.
කෝවිඩ් වසංගතයත් යුක්රේන යුද්ධ ඇති කරන අර්බුදයත් හේතු කොටගෙන මින් පෙරනොවුවිරු ගැඹුරු ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දීමට ගෝඨාභය රාජපක්ෂට සිදු විය. එහි ප්‍රතිඵලයක ලෙස විදේශ ණය වාරික නොගෙවීමට ගෝඨාභය ආණ්ඩුවට බල කෙරුණි. එම අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ගෑස් තෙල් වල හිගයක් නිර්මානය විමත් විදුලිය අඛණ්ඩ පැය 14 කට වැඩි කාලයක් කැපීමත් භාණ්ඩ මිල ඉහල යෑමත් නිසා කම්කරු-පීඩිත මහජනයා , නාගරික සහ ගම්බද තරුණයන් රැළි වී 2023 ජුලි 09 වනදා රාජපක්ෂව රටින් එළවා දැමුහ. 2018 මහ මැතිවරණයෙන් එකදු ආසනයක් දිනා ගන්නට අසමත් වු එක්සත් ජාතික පක්ෂයට සමානුපාතික ක්‍රමය යටතේ එක් මන්ත්‍රී ධුරයක් හිමි විය. එම මන්ත්‍රී ධුරය පාවිච්චි කර වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට රිංගා ගත්තේය.
ලෝක පරිමාන ධනපති ක්රමයේ අර්බුදය ලංකාව ඇතුළේ රාජපක්ෂ රේජීමයේ වංචා දුෂණ නිසා ඇති වු අර්බුදයක් මිස එම ක්රමයේ අර්බුදයක් නොවන බව සමහර ව්‍යාජ වාම සංවිධාන සහ ඇතැම් මධ්‍යම පාන්තිකයෝ විග්රහ කරන්නට වුහ. ගෝඨාගම වෙනුවට මයිනා ගම නිර්මානය වු අතර උද්ඝෝෂකයින්ගේ පීඩනය හමුවේ මහින්දට අගමැතිකමින් ඉල්ලා අස්වීමට සිදු විය. පසුව ගෝඨාභය විසින් අගමැති ලෙස රනිල් වික්රමසිංහව පත් කරන ලදී. වික්‍රමසිංහ ජේ.ආර්. ගෙන් පස්සේ බිහි වු එක ධනපති නායකයා වු අතර ජාත්‍යන්තර වශයෙන් පිළිගැනිමක් වගේම ධනපති කළමනාකරණය කළ හැකි එකම නායකයා වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව පමනක් නොව ලාල් කාන්ත ඇතුළු ජවිපෙ නායකයනුුුත් පිළිගත්හ.

වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට එරෙහිව මහ පාරට පැමිණි පිරිස්.
වික්‍රමසිංහට ඇත්තේ අපකිර්තීමත් මෙන්ම අලුගෝසු ඉතිහාසයකි. ඔහු ඇමරිකන් ගැති දක්ෂිණාංශීකයෙකු වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සමිප සම්බන්ධකම් ඇති මහජනයා අතර අප්‍රසාදයට පත් දේශපාලනඥයෙකි. 2023 ජුලි 09 වනදා ගෝඨාභය රාජපක්ෂ රටින් පන්නා දැමීමට මහජනයා කටයුතු කරන අතර ජුලි 13 වනදා ගෝඨාභය විසින් වික්රමසිංහව ජනාධිපති ලෙස පත් කෙරිණ.
අරගලකරුවන් පාර්ලිමේන්තුවත් අල්ලා ගනිතැයි භය වු ජවිපෙ ලාල් කාන්ත සහ සුනිල් හදුන්හෙත්ති කල්ලිය ඊට කලියෙන් පාර්ලිමේන්තුව අල්ලන්න එන්න යැයි කම්කරු -පිඩිත මහ ජනයාට ව්‍යාජ කැදවිමක් කර, ඔවුන්ව ධනපති හමුදාවට පාවා දී ධනපති පාර්ලිමේන්තුව ආරක්ෂා දිමේ කොන්ත්‍රාත්තුව මැනවින් ඉෂ්ට කළහ.
මහජන අරගලය විසින් ධනපති ක්‍රමය පෙරළා දමතැයි භිය වු සුළු ධනේශ්වර, ඉහල මාධ්‍යම පාන්තික සහ ව්‍යාපාරික පැලැන්ති විසින් වික්‍රමසිංහ එකම ගැලවුම්කරුවා ලෙස ජනාධිපති ධුරයේ ඉන්දුවාලුහ. 2022 සිට 2024 දක්වා ජනාධිපති ධුරය හෙබවු වික්‍රමසිංහ ඇමරිකන් ඩොලර් බිලියන 03 ක ඇප ණයක් ලබා ගැනීම සදහා ජාමුඅ සමග ගිවිසුමකට එළැඹුණි. වාරික ණය ලබා ගැනිම සදහා ජාමුඅ නියම කරන කප්පාදු වැඩ පිළිවෙල අනුගමනය කිරීමේදී මහජනයා මත දැවැන්ත බදු බරක් පැටවේ. වික්‍රමසිංහ නැවත අරගලයක් පැනනැගීම වැළැක්වීම සදහා සමාජ මාධ්‍ය මර්දන අණපනත් අලුතින් ගෙන එමින් සහ ත්‍රස්තවාදය පනත අවභාවිතා කරමින් අරගලකරුවන්ට එරෙහිව මර්දනයක් දියත් කලේය.
වික්‍රමසිංහ ඇතුළු සම්ප්‍රදායික පක්ෂ වල නායකයින් දෙමළ,සිංහල සහ මුස්ලිම් ජනයාගේ වෛරයට පාත්‍ර වීම නිසා සීයට තුනක ජන්දය ප්‍රතිශතයක් තිබු ජවිපෙ සහ එහි මැතිවරණ පෙරමුණ වන ජාජබය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් දිනා ගැනීමට සමත් විය.
වසර හැටක් ඇතුළත දෙවතාවකදි 100000 පමන තරුණ තරුණියෝ පිරිසක් ධනපති දන්ගෙඩියට දක්කාගෙන ගොස් හිස ගසා දැමු ජවිපෙ සිංහල ස්වෝත්තමවාදි සහ සුළු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක සිට ධනපති පක්ෂයක් දක්වා වර්ධනය වී තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුලේ මෘග කප්පාදු වැඩ පිළිවෙල ක්‍රියාවට නැගීමෙන් ආණ්ඩුව බරපතළ ව්‍යසනයකට තල්ලුවීමට නියමිතය. ලංකා විදුලි බල මණ්ඩලය, දුම්රිය සහ ටෙලිකෝම් ඇතුළු රාජ්‍ය ආයතන 400ක් ප්‍රතිව්‍යුහය ගත කළහොත් ලක්ෂ එකහාමාරක පමන පිරිසකගේ රැකියා අහිමි වනු ඇත. ඇමරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඇමරිකාවට අපනයනය කරන ලංකාවේ භාණ්ඩ වලට 20% ක තීරු බද්දක් ගැසීම නිසා ඇගලුම් ක්ෂත්රය දැඩි අවදානම් තත්වයකට ලගා වි තිබේ. තීරු බදු පැනවීම නිසා අපනයන ආදායමෙන් ඇමරිකන් ඩොලර් මිලියන 634 ක් සහ රැකියා 16.000 ක් අහිමි වීමේ අනතුර මතු වී ඇත.
විපක්ෂය වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ප්රජාතන්ත්රවිරෝධී සහ දේශපාලන පලිගැනිමක් ලෙස හදුන්වා ඇත. අද ප්රජාතන්ත්රවාදය ගැන බෙරිහන් දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ , සමගි ජන බලවේගය සහ ජාතික නිදහස් පෙරමුණ උතුරු නැගෙනහිර මෙන්ම දකුණේ ප්රජාතන්ත්රවාදය අහිමි කිරීම සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් ඇත. කම්කරු -පීඩිතන්ට සහ තරුණයන්ට එරෙහිව වික්‍රමසිංහගේ ආණ්ඩුව මෙන්ම අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ද ත්‍රස්ත පනත අවභාවිතා කරමින් අත්අඩංගුවට ගැනීම් සහ රදවා තබා සිදු කෙකෙණ. ජවිපෙ/ ජාජබ ආණ්ඩුව යටතේ ත්‍රස්ත පනත යටතේ මේ වන විට පුද්ගලයන් 48 කු පමන රදවාගෙන සිටින බවත් වාර්තාවේ. මාවනැල්ලේ මොහොමඩ් සුහායිල් කිසිදු චෝදනාවක් නොමැතිව මාස නමයකට ආසන්න කාලයක් ත්‍රස්ත පනත යටතේ රදවා තබාගෙන සිට පසු ඇප මත මුදා හැරියේය. මේ තරුණයන් අත්අඩංගුවට ගනිද්දී වගේ වගක් නැතිව සිටි විපක්ෂය වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමත් සමග ප්රජාතන්ත්රවාදය මතක් වි ඇත. මහජන මුදල් කොල්ලකැ සහ දේපල අවභාවිතා කළ දේශපාලකයන් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමත් සමග සහිවිකල් වී ප්රජාතන්ත්රවාදය මතුරන්නට පටන් ගෙන තිබේ.

වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමත් සමග පක්ෂව සහ විපක්ෂව අදහස් ඵල වන්නට විය. මිලේච්ජ ගහලයෙකු වන වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම අනුමත කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඔහු අත්අඩංගුවට ගෙන මුදා හැරියොත් එය නයාට පහරදී වරක්දා ගැනිමක් බව ආණ්ඩුවට අනතුරු ඇගවිය. අනුර කුමාරගේ ආණ්ඩුව වික්‍රමසිංහගේ අඩි පාරේ යමින් හදිස්සියේ ඔහුව අත්අඩංගුවට ගත්තේය. වික්‍රමසිංහ අත්ඩංගුවට ගනිද්දී, ආණ්ඩුවට එරෙහිව කම්කරු -පීඩිතයන්ගේ අරගලයක් වර්ධනය වෙමින් පැවතිණ. විශේෂයෙන් තැපැල් කම්කරුවන් ඉල්ලීම් දාහනමයක් මුල් කරගෙන අඛණ්ඩ වරජනයක නිරතව සිටියහ. වැඩවර්ජනය කඩාකප්පල් කිරීම සදහා ආණ්ඩුවට තැපැල් කම්කරුවන්ට වැටුප් ගෙවන්නේ නැතැයි සහ සේවය අතහැර ගියා සේ සලකනවා යැයි තර්ජනය කළේය. අවසානයේ සන්නාසන්ද්ධ හමුදාව යෙදවිණ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ධනපති ජාජබ /ජවිපෙ ආණ්ඩු ආරක්ෂා කර ගනිමින් එය නිවැරැදි මගට ගැනීමට සටන් වදියි. ඒ අතර ඔවුුුන් ආණ්ඩුවේ ජාමුඅ පිළිවෙතට සහ ඉන්දියාවට ලංකාව පාවාදීම ගැන මෙන්ම මුතුර් හි ඉඩම් ඉන්දිය සමාගම් වලට දීමට එරෙහිව කතා කරයි. ආණ්ඩුව ධනකුවේරයන් බදු සහන දෙමින් කම්කරු -පීඩිත මහජනයා මත බදු බර පැටවීමට එරෙහිව සටන් වදියි. පෙරටුගාමී පක්ෂයේ මෙම බංකොලොත් දෙබිඩි පිළිවෙත ගලා එන්නේ ඔවුන්ගේ පන්ති ස්වභාවයෙන්මය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු නිර්ධන පක්ෂයක් නොවන අතර එය විශ්ව විද්‍යාල සිසුන් සහ ගැමි තරුණයන් මත පදනම් වු සුළු ධනේශ්වර ව්‍යාපාරයකි. මේ වැනි කැළඹීම් හමුවේ පෙරටුගාමින් ධනපති දෘෂ්ටිවාදය සමග සමීප වීම පුදුම විය යුතු නැත. හිටපු අගමැති සිරිමවෝ බණ්ඩාරනායකගේ ජ්‍රජා අයිතිය අහෝසී කිරීමට විජේවීර ජේ. ආර්. ට සහයෝගය දැක්වුවා සේ වසන්ත මුදලිගේ , ලහිරු සහ දුමින්ද නාගමුව වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම නිසා උද්දාමයට පත්ව දක්ෂිණාංශය මර්දනය කිරීමේ මුවාවෙන් ආණ්ඩුවේ අත ශක්තිමත් කරමින් සිටි. වර්තමාන තතු යටතේ මහජනතාවට සිය ආර්ථික දේශපාලන නිදහස කිසිදු ධනපති ආණ්ඩුවකින් ලබාගත නොහැකිය. දූෂණය වංචාව සහ හොරකම යනු ධනවාදයේම උරුමයෝය.