ජවිපෙ / ජාජබ නායකයෝ ඥාතිකම් , හිතවත්කම් වලට සලකන්නේ නැතැයි කීවාට කෙරුවාව මෙන්න

0
DSC_3365

ජාතික ජන බල ආණ්ඩුව පිහිටු වීමට අනුග්‍රහය දැක්වු ව්‍යාපාරිකයෙකු අවශ්‍යතාවය මත මාර්ග අංක 157 කහපොල පිළියන්දල මාර්ගයේ කොටගෙදර මංසන්දියේ ඉදිකර තිබු බස් නැවතුම් පොල කැස්බෑව නගර සභාවේ සභාපතිවරයාගේ මැදිහත් වීම උඩ පළාත් මාර්ග සංවර්ධන අධිකාරීය බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එම බස් නැවතුම් පොලේ වහලය කඩා ඉවත් කර තිබේ.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරීය එම බස් නැවතුම් පොලේ වහලය කඩා ඉවත් කර ඇත්තේ බස් නැවතුම් පොලේ වහලය කඩා වැටුනොත් මහජනයාට අනතුරක් වෙතැයි කැස්බෑව නගර සභාවේ නගරාධිපති කළ ලිඛිත දැනුවත් කිරීම මතය.

බස් නැවතුම් පොල අබලන්ව ඇති බැවින් එය කඩා ඉවත් කර දෙන්නැයි “අපි කොටගෙදර නම් සංවිධානයක්” කළ ඉල්ලීමක් මත එම බස් නැවතුම් පොලේ වහලය ඉවත් කිරීමට කටයුතු කළ බව කැස්බෑව නගර සභාවේ නගරාධිපති චාමර මද්දුම කළුගේ කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය මහජනයාට පවසා ඇත.

අපි කොටගෙදර නමින් සංවිධානයක් නොමැති අතර ඇත්තේ කොටගෙදර අපි නමින් සංවිධානයකි. කොටගෙදර අපි සංවිධානයේ නම විකෘති කරමින් එම සංවිධානය මහජනයා අතර අප්‍රසාදයට පත් කිරීමේ අරමුණින් සිදු කරන ලද දේශපාලන කුමන්ත්‍රණයක් බව කොටගෙදර අපි සංවිධානයේ සහාපති ප්‍රියන්ති ගුණසිංහ මහත්මිය අප සමග පැවසුවාය. ඇය අපි කොටගෙදර සංවිධානයේ තොරුතුරු නගරාධිපතිවරයා මුණ ගැසි ඉල්ලා සිටිය ද එය ලබා දීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර බවත් ගුණසිංහ අප සමග කිවාය.

අපි කොටගෙදර නමින් සංවිධානයක් නැති අතර කැස්බෑවේ නගරාධිපතිවරයා ව්‍යාජ සංවිධානයක් විසින් එවන ලද ලිපියක් පදනම් කරගෙන කොටගෙදර මගී ආවරණය කඩා දැමීමට කටයුතු කිරීම වගකිම් විරහිත අමනොඥ ක්‍රියාවකි. කොටගෙදර අපි සංවිධානය ඒ වැනි ඉල්ලීමක් කර නැතැයි නගරාධිපතිවරයා මුණ ගැසි දැනුවත් කර තිබියදීත් නගරාධිපතිවරයා තමන් නොමග යැවු කුමන්ත්‍රණකාරී පිරිස් වලට එරෙහිව නීතිමය පියවර නොගැනීම සැකයට තුඩු දෙන්නකි.

ජවිපෙ / ජාජබ නායකයෝ ඥාතිකම් , හිතවත්කම් වලට සලකන්නේ නැතැයි කීවාට කෙරුවාව මෙන්න

වහලය කඩා දමන ලද බස් නැවතුම් පොල

නගරාධිපතිවරයා බස් නැවතුම් පොල ඉවත් කිරීමට පෙර බස් නැවතුම් පොල අබලන් වී ඇද්දැයි ඉංජිනේරු වාර්තාවක් කැදවා පියවර ගන්නවා වෙනුවට දේශපාලන අනුග්‍රහයකින් පිනවීම සදහා අත්තනෝමතිකව කටයුතු ඇත.

මෙම බස් මගී ආවරණය ඉදිකර ඇත්තේ කොටගෙදර හාඩ්වෙයාර් එක ඉදිරිපිටය. මුලින් (1986 ) ඉදිකරන ලද්දේ බස් මගී අවරණයයි. එය හැඩවක නැමැති ධානපතියෙකු විසින් ඔහුගේ බිරිද සිහි කර ඉදි කරන ලදී. කොටගෙදර හාඩ්වෙයාර් එක ඉදි කර ඇත්තේ ද හැඩවකට අයත්ව තිබු ඉඩමකය.

කොටගෙදර හාඩ්වෙයාර් අධිපති වන්නේ සුනිල් නැමැත්තෙකි. ඔහු ජාතික ජන බලවේගයේ ආධාරකරුවෙකි . ඔහුගේ වැඩි මහල් සොහොයුරෙකු වන රත්නසිරි කැන්ඩි හාඩ්වෙයාර් අයිතිකරුය. පැවති පළාත් පාලන මැතිවරණයට බටකැත්තර දකුණ කොට්ඨාශයේ අපේක්ෂකයා ලෙස රත්නසිරිගේ නම ජනතා විමුක්ති පෙරමුණේ ඉහලින් යෝජනා වුවද ජවිපෙ පහල සමාජිකයින් දැඩි විරුද්ධය හමුවේ කේ. ජේ. කේ.පතිරගේ හෙවත් බාලමහත්තයා ඉදිරිපත් කිරීමට සිදු විණ. පසුව ඔහුට ද විරෝධය පා පිරිසක් ජවිපෙ ක්‍රියාකාරී කටයුතු වලින් ඉවත් විය. පතිරගේ කැස්බෑව නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් විය. කොටගෙදර හාඩ්වෙයාර් එක ඉදිරිපිට පාරෙන් අනිත් පැත්තේ ඉඩම සුනිල්ගේ බිරිදගේ මවට අයත් ඉඩමකි. මහමැතිවරණ සමයේ එම ඉඩමේ ජාතික ජන බලවේගයේ කාර්යාලයක් ද එහි ඉදිකර තිබුණි.

ජවිපෙ / ජාජබ නායකයෝ ඥාතිකම් , හිතවත්කම් වලට සලකන්නේ නැතැයි කීවාට කෙරුවාව මෙන්න

පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් බස් මගී ආවරණයේ වහල කඩා දමන ලද දවසේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී පතිරගේ කොටගෙදර හාඩ්වෙයාර් පරිශ්‍රයේ සිටි බව මහජනයා පවසති.

ධනපතියෙකු විසින් ඉදිකළ ද අද වන විට එය මහජන දේපලකි. දේශපාලන සුරතලුන් පිනවීම සදහා කඩා බිද දමන බස් නැවතුම් පොල නැවත ඉදිකර දෙන්නැයි කැස්බෑව නගරාධිපති ඇතුළු ජාතික ජන බල ආණ්ඩුවට මහජන බල කළ යුතුය.

හිතවතුන්ට , පාක්ෂිකයන්ට සහ ඥාතීන්ට සලකන්නේ නැතැයි කී ජවිපෙ / ජාජබයේ නායකයෝ ව්‍යාපාරිකයන්ට අත දිගහැර සලකති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *