ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස – සරත් මද්දුමාගේ

0
DSC_3400

ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයට ආධාර පිණිස “ජිවිතය විදීම ” නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් ඔක්තෝම්බර් 31 , නොවැම්බර් 01 සහ 02 පානදුර නල්ලුර් එම ළමා නිවාසයේදී පැවත්විණ.

ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ

සරත් මද්දුමාගේ

එම චිත්‍ර ප්‍රදර්ශනයට චිත්‍ර 24ක් ඉදිරිපත් කර තිබු අතර ස්විස්ටර්ලන්තයේ පදිංචි සරත් මද්දුමාගේ විසින් එම චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන ලදී. මිට පෙර මද්දුමාගේ විසින් ස්විස්ටර්ලන්තයේ සහ නේපාලයේ දී චිත්‍ර ප්‍රදර්ශන පවත්වා තිබේ.

ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ

ගෝතම ළමා නිවාසයට ආධාර පිණිස ඔහු විසින් චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීමට සුවිශේෂ හේතුවක් ඇත. මද්දුමාගේ කුඩා කළ සිට වයස අවුරුදු දාහත වන තෙක් හැදි වැඩි ඇත්තේ එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේය. බොහෝ අය තමන්ගේ අතීය ආවර්ජනය කිරීමට පමනක් නොව මතක් කිරීමට ද අකමැතිය. සමහරු නැති අතීයක් මවා පෑමට උත්සහ කරති . මද්දුමාගේ ඔහු අතීතය ගැන නොබිව ආවර්ජනය කරනවා පමනක් නොව ගෝත ළමා නිවාසයේ දරුවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වී සිටි.

සරත්ගේ පියාව නැති වෙන කොට ඔහුගේ වයස අවුරුදු තුන හමාරයි. සරත්ට අක්කා දෙන්නයි මල්ලි කෙනෙක් සිටියේය. පසුව මල්ලි ළමා නිවාසයේ සිටියදී මිය ගොසිනි. මල්ලි මිය යන විට ඔහුගේ වයස මාස තුනකි. ළමුන් හතරදෙනෙකු සමග කිසිම ආදායම් මාර්ගයක් නැති ජිවත්ව වීමට නොහැකි නිසා සරත්ගේ අම්මා අක්කලා දෙන්නා ළමා බාලිකා සංවර්ධන මද්‍යස්ථානයකට බාර දී ඇත. පසුව අම්මා ද අසනිප වී මිය ගොස් තිබේ.

මද්දුමාගේ සහ ඔහුගේ පවුල ජිවත් වන්නේ ස්විස්ටර්ලන්තයේය. දෙමළ ජනයාට එරෙහිව දකුණේ පාලකයින් වසර 25 කට ආසන්න කාලයක් ගෙන ගිය කෲරු යුද්ධයටත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමත් නිසා සිංහල වර්ගවාදීන්ගේ උදහස ලක් වීම නිසා අවුරුදු 02කට ආසන්න කාලයක් සිරගතව සිට ජිවිත ආරක්ෂාව සදහා රටින් පිටවීමට සිදු විණ. ඒ කාලයේ ජවිපෙ ඇතුළු සිංහල ස්වෝත්තමවාදීන් සරත්ලාව සහ යුද්ධයට එරෙහි වුවන් හැදින්වුයේ සිංහල කොටි නමින්ය.

මද්දුමාගේ වෘත්තීයෙන් චිත්‍ර ශිල්පියෙකු නොවුනත් ඔහු පින්සල සහ වරණ යොදා ගනිමින් මානව සමාජය ධනවාදය යටතේ මුහුණ දෙන මිලේච්ජත්වය මතු කරන්න උත්සහයක නිරත වී ඇත. ඔහු කම්කරු පන්තිය ඇතුළු ප‍ීඩිත මහ ජනයා බෙදා වෙන් කරන වර්ගවාදයට සහ පලස්තීනයට එරෙහිව මේ මොහොතේ ගෙන යන වර්ග සංහාරයට විරුද්ධව පින්සල මෙහෙවා තිබිණ. ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වමින් එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුුන්ට ඔහුගේ ළමා කාලය ගෝත ළමා සංවර්ධන මාධ්‍යස්ථානයේ ගෙවා දැමු හැටිත් එහි දී මද්දුමාගේට මුහුණ දෙනනට වු අභියෝග සහ එම අභියෝග ජයගත් හැටිත් ළමුන් ඉදිරියේ දිගහැරියේය. අම්මා තාත්තලාගෙන් වෙන් සිටින සහ අම්මා තාත්තලා ගැන දන්නේ නැති ළමුන් හට සරත් ගේ අතීත ආවර්ජනය ධෛර්‍ය ගෙන දුන්නේය. ළමුන්ට ඔහුගෙන් ලැබුනු මිල කළ නොහැකි ත්‍යාගයකි.

ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ

සරත් මද්දුමාගේ දරුවන් අමතමින්.

ඔහු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්මේන්තුවේ දුම්රිය ඇන්ජිම් යාන්ත්‍රික ශිල්පියෙකු ලෙස සේවය කළ අතර දුම්රිය කම්කරු එකතුව නැමති වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ද විය. මද්දුමාගේ ස්විස්ටර්ලන්තයේ දුමිරිය දෙපාර්මේන්තවේ ඇන්ජින් නඩත්තු අංශයේ සේවය කරයි.

සරත් ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයට ඇතුළත් වන්නේ 1978 ජුලි 29 වනදාය. ළමා නිවාසයට ඇතුල් වන විට ඔහුගෛ් වයස අවුරුදු නමයකි. ඔහුට අක්කා දෙන්නයි මල්ලියෙකු සිටියේ. මද්දුමාගේ පියා මිය යන විට මල්ලිගේ වයස මාස තුනකි. අම්මා අක්කලා දෙන්නා මුලින්ම බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබේ. සරත් ළමා සංවර්ධන මධ්‍යස්ථානයකට ඇතුළත් නොකර හදා ගැනිමට අම්මා උත්සහ කළ බවත් ඔහුගේ දඩබ්බරකම නිසා භය වු අම්මා සරත්ව ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබේ. ඉන් පසුව වයස මාස තුනක් වන ඔහුගේ මල්ලිවත් අම්මා ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයට ඇතුළත් කර ටික දවසකින් ඔහු අසනිප වී මිය ගිය බව සරත් පවසයි. අසනිප තත්වයේ පසු වු සරත්ගේ අම්මා ද ඔවුන් අතහැර ගියේය. තාත්තා මිය යැමෙන් පසු හරියට කන්නවත් අදින්නනවත් තිබුනේ නැතයි පවසන සරත් වැඩිදුරටත් මෙසේ පැවසීය.

ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ

අම්මාගේ නීතියක් තිබුණා අඩුම තරමේ සවස 06 වෙන කොටවත් ගෙදර එන්න ඔ්නේ කියලා. මම අම්මාගේ නීති වලට අවනත වුනේ නැහැ. ඒහෙම වෙන කොට අම්මා භයක් ඇති වුණා ලොකු වෙන කොට මම කොහොම කෙනෙක් වෙයිද? කියලා. අම්මා බැරිම තැන මාව පානදුර පොලිසියට අරගෙන ගියා. මම අර්ධ විදී දරුවෙක්. මෙයාව හදා ගන්න බැහැ කියලා අම්මා පානදුර පොලිසියට කිව්වා . මේ පොඩි එකා හදා ගන්න බැරි ද කියලා පොලිස් නිලධාරියෙක් අම්මාගෙන් ඇහුව්වා. ඊට පස්සේ මාව පරිවාසයට බාර දීලා එතැනින් ගෝතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයට ඇතුල් කළා. ළමා සංවර්ධන මධ්‍යස්ථානයෙන් මට ලබා දුන් අංකය 467 . ළමා නිවාසයට එන කොට හරියට අදින්න ඇදුමක් තිබුණේ නැහැ. ඇදුමක් ඇන්දේ ළමා නිවාසයට ආවාට පස්සේ. සපත්තු සෙරෙප්පුත් තිබුණේ නැහැ. ළමා සංවර්ධන මධ්‍යස්ථානයෙන් තුන් වේලට මොනවා හරි කන්න දුන්නා. අද බලද්දී කොච්චර ලොකු දෙයක් ද කරලා තියෙන්නේ.ළමා නිවාසයට නාවා නම් අම්මා හිතුවා වගේ මම දාමරියෙක් වෙන්න තිබුණා.

සමාන්‍ය පෙළ විභාගය සම්මාන හතක් සමග සමත් වුණා. සමහර ගුරුවරු අපිව ගෙදර අරගෙන ගිහිල්ලා ඉගැන්නුවා. මගේ ගණිත ගුරුවරිය ප්‍රදර්ශනය බලන්න ආවා. ගණිතයට මට සම්මානයක් තියෙනවා. උස් පෙළ කිරීමේ ආර්ථික හැකියාවක් මට තිබුණේ නැහැ. ළමා නිවාසයෙන් එළියට ගිහිල්ලා උසස්පෙළ කිරීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. ඒ කාලයේ දැන් වගේ අවුරුදු 18 වෙනකම් තියා ගත්තේ නැහැ. නමුත් මාව විභාගය ඉවර වෙනකම් තියා ගත්තා. විභාග ප්‍රතිපල ආපු ගමන් මම වෘත්තීය අධ්‍යාපනයට අයදුම් කළා. 1985 දුම්රිය දෙපාර්මේන්තුවේ ඩිසල් එන්ජින් යාන්ත්‍රික ශිල්පී පාඨමාලාවට ඉල්ලුම් පත්‍රයක් දැම්මා. එම පාඨමාලාවට ලංකාවෙන්ම ගත්තේ 20 යි .ඒ විස්සට මාවත් ඇතුළත් වුණා. සියලුම දුම්රිය එන්ජින් නඩත්තු කිරීම කොළඹ සහ රත්මලානේ දී ඉගන ගත්තා. රස්සාවක් නැතිව කාර්මික ශිල්පියෙක් ලෙස අවුරුද්දක් වරායේ වැඩ කළා. මට අවස්ථාවක් ලැබුණා දුම්රිය දෙපාර්මේන්තවේ රස්සාව කරන්න. පස්සේ දුම්රිය දෙපාර්මේන්තවේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස කටයුතු කළා. මම මගේ රැකියාව කරගෙන පාඩු ඉන්නේ නැතිව අනෙකුත් සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළා. එහෙම සටන් කරන කොට තමයි මට වෛද්‍ය නිහාල් සහ ශාන්තලා මුණ ගැසුනේ.

ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ

2007 වරෂයේ යුද්ධයට මෙන්ම දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීම නිසා අපි සමග වැඩ කරමින් සිටි පිරිස සිංහල කොටි කියලා හංවඩු ගහලා අත්අඩංගුවට ගත්තා. මම අවුරුදු දෙකාක් රිමාන්ඩ් බන්ධනාගාරගතව හිටියා. පස්සේ චෝදනා වලින් මුදා හැරියා. ලංකාවේ ජිවත් වීම අනතුරුදායක නිසා දේශපාලන රැකවරණ පතා ස්විස්ටර්ලන්තයට ගියා. එහිදීත් විවිධ දුෂ්කරතා වලට මට මුහුණ දෙන්න වුණා. විශේෂයෙන් භාෂා ප්‍රශ්න . අද මට ජර්මන් හොදින් කතා කරන්න පුළුවන්. තවත් භාෂා කිපයක් කතා කරන්න හැකියාවක් තිබෙනවා. අද මම වැඩ කරන්නේ ස්විස්ටර්ලන්තයේ දුම්රිය දෙපාර්මේන්තුවේ යාන්ත්‍රික ශිල්පියෙක් විධියට. මම ස්විස්ටර්ලන්තයට ගියා කියලා මගේ සමාජ ක්‍රියාකාරීත්වය නතර වෙලා නැහැ. ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් පලස්තිනයට එරෙහිව ගෙන යන සංහාරයට විරුද්ධව අපි සටන් කරනවා. යුද්ධයට ජාතිවාදයට එරෙහිව අපි වැඩ කරනවා. මගේ චිත්‍ර හරහා මම කියන්න උත්සහ කරන්නෙත් ඊට ඇති විරෝධය. අපි බොහෝ දෙනා කරන්නේ ජිවිතය විදීම නොව විදවීමයි. මම අද ජිවිතය විදීනවා. නමුත් මට සමාජයෙන් හුදකලා වෙලා ජිවිතය විදින්න බැහැ.

ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ
ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ
ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ
ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ
ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ
ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ
ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ
ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ
ජිවිතය හුදකලාව විදිය නොහැක ,ජිවිතය විදිය හැක්කේ සමාජයක් ලෙස - සරත් මද්දුමාගේ

ඉහත පල වන්නේ මද්දුමාගේ විසින් ප්‍රදර්ශනයට තබන ලද චිත්‍ර කිපයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *