කළුතර මුහුදෙන් පොලිසිය මළ සිරුරක් සොයා ගනී
Police find a dead body in Kalutara sea
කළුතර උතුර, කොට්ටම්ගන ප්‍රදේශයේ මුහුදු වෙරළට, නාදුනන පිරිමි මළ සිරුරක් ගොඩ ගසා ඇත .
අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු ගේ සිරුරක් ලද තොරතුරක් මත (27) සොයා ගත් බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණූ වාර්තා කර ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි .
මළ සිරුර මේ වන විට කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇත .
පසුගිය දා ගාලුමුවදෝර ප්‍රදේශයේ දී නදුනන මළ සිරුරු 08 ක් අවස්ථා කිපයක දී වෙරළට ගොඩ ගසන ලදී. එම මළ සිරුරු 08 න් එක් මළ සිරුරුක් හැරෙන්න අනිකුත් මෘත ශරීර හදුනාගෙන නැතැයි පොලිස් අරංචි මාර්ග පවසයි .
රජයේ ආරක්ෂක අංශ අරගලකරුවන් බිය ගැන්විම සඳහා පැහැර ගන්නා ලද පාතල සමාජිකයින් ගේ හෝ විවිධ හේතුන් මත මිය ගිය , පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබු මළ සිරුරු මුහුදට ගෙනැවිත් දැමුවාද යන්න බරපතළ සැකයක් සමාජය තුල පැවැතිණ .
මෙම මළ සිරුරු කාගේද ? කොහෙන් ගෙනාවාද ?යන්න මහජන ආරක්ෂක ඇමතිවරයා පිළිතුරු දිය යුතුයි.