ඇමති කාංචන ගේ බළලා මල්ලෙන් එළියට පනී
Oil Minister's Statement Condemned - Trade Unions
සපුගස්කන්ද සහා කොළොන්නාව යන සංස්ථා දෙක 500 ක පමණ සේවක පිරිසකින් පවත්වා ගෙන යා හැකි බවට විදුලි හා ඛනිජ තෙල් ඇමතිවරයා කළ ප්‍රකාශය දැඩිව හෙළා දකින බව සමඟි එකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ සභාපති තුෂාර පෙරේරා පවසයි .
පෙරේරා මෙසේ පැවැසුවේ කොටුව චිත්තම්පලම් ගාඩන්හි පිහිටි ලංකා ගුරු සංගම් කාර්යාලයේ අද (28) පසවරුවේ පැවැති ප්රවෘත්ති සාකව්ජාවේදීය.
සපුගස්කන්ද සහා කොළොන්නාව තෙල් සංස්ථා වල සේවය කරන සේවකයින් 4700ක් පමණ සිටින බවත් එම සේවක සංඛ්‍යාව 500 ය දක්වා අඩු කිරීම පිටුපස ඇත්තේ, පාඩු ලැබිම නොව පුද්ගලිකරණය කිරීම බව පෙරේරා කීය.
සංස්ථාව පාඩු ලබනවා නම් ඊට වගකිව යුත්තේ සේවකයෝ නොවන බව පැවැසු පෙරේරා ඊට වගකිව යුත්තේ මේ රට පාලනය කළ පාලකයින් බවත් පෙන්වාදුන්නේය.