පුද්ගලයන් 27 ක් මහ මඟ මරා දමලා
27 people were killed on the highway
පසුගිය මැයි 30 වනදා සිට මේ දක්වා පාතාල කණ්ඩායම් විසින් වෙඩි තබා පුද්ගලයන් 27 දෙනෙක් ඝාතනය කර ඇත.
කෑගල්ල කළුගල් මාවතේ අද (01) උදේ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කර ඇති බවත් ගාල්ල බලපිටිය රෝහල ඉදිරිපිට පෙරේදා (30) වෙඩි තැබිමෙන් එක් තරුණයෙක් මිය ගොස් අනෙක් තරුණයා තුවාල ලබා ඇති බවත් මීගමුව උසාවිය ඉදිරිපිට ඊයේ (31) වෙඩි තැබිම නිසා පුද්ගලයන් දෙදනෙක් තුවාල ලබා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
සංවිධානාතමක අපරාධකරුවන් අතර පවතින ගැටුම මෙම ඝාතන වලට හේතු වි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව අප කළ විමසුමක දී පැවැසීය.