ත්‍රිරෝද රථ සතියකට තෙල් ලීටර් 30ක් ඉල්ලයි

Three-wheelers demand 30 liters of oil per week
සතියකට තෙල් ලීටර් 30 ක් ඉල්ලා බොරැල්ල ත්‍රිරෝද රථ රියදුරන් අද (14) බොරැල්ල මංසන්ධියේ දී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත් විණ.
මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ, බොරැල්ල ත්‍රිරෝද රථ රියදුරු සංගමය මගින්ය.
එම උද්ඝෝෂණය සඳහා කොළඹ ත්‍රිරෝද රථ රියදුරන් වශාල පිරිසක් සහභාගි වි සිටියහ .
ත්‍රිරෝද රථ සඳහා ආණ්ඩුව දැනට ලබා දෙන්නේ තෙල් ලීටර් 05 ක් බවත් එම තෙල් ලීටර් 05 දවසකටවත් ප්‍රමානවත් නැති බවත් සතියකට අඩුම තරමේ තෙල් ලීටර් 30 ක් අවශ්‍ය බව උද්ඝෝෂයෙක් පැවැසීය.