ත්‍රස්තවාදී පනත ඇතුළු මර්දන අණ පනත් වහා අහෝසි කරන්නැයි කාන්තාවෝ විදී බසිති

Women are clamoring for the immediate repeal of the anti-terrorist act
මර්දන අණ පනත් වහා අහෝසී කරන ලෙසත් ජිවන වියදම් ප්‍රශ්නය වහා විසදන්නැයි ආණ්ඩුවට බල කර ඊයේ (15) ගාලුමුවදොර කාන්තාවෝ කොළඹ දී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වුහ.
කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වු උද්ඝෝෂකයෝ පෙළපාලියෙන් පොලිස් මුලස්ථානය දෙසට ගමන් කළහ.
පසුව පොලිසිය මැදිහත් විම නිසා අරගලකරුවන් හා පොලිසිය අතර වචන හුවමාරුවක් ද ඇති විණ.
පසුව පොලිසිය අරගලකරුවන් වෙනු කිපදෙනෙකුට පමණක් පොලිස් මුලස්ථානයට යෑමට අවසර දුන්නේය.


