රනිල් – රාජපක්ෂ ජුන්ටාව පරදවමු ! ජන අයිතීන් සඳහා සටන් වදිමු !
Let's defeat the Ranil-Rajapaksa junta! Let's fight for people's rights!
ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත් වසන්ත, සිරිධම්ම හිමි සහ හෂාන් නිදහස් කිරීමටත් ත්‍රස්ත පනත ඇතුළු මර්දන පනත් අහෝසී කරන්නැයි ආණ්ඩුවට බල කරන ගමන්, රනිල් රාජපක්ෂ ජුන්ටාව පරදවමු ! ජන අයිතීන් සඳහා සටන් වදිමු යැයි මහජනයාට ආයාචනා කරමින් අද (16) කොළඹ හයිට් පිටියේ දී රැලියක් පැවැත්විණ.
මෙම රැලිය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගිනි.
පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන වල නියෝජිතයින් විශාල පිරිසක් එම රැලියට සහභාගි වි සිටියහ.
සංගීත අධ්යක්ෂ අජිත් කුමාරසිරි සහ ඔහුගේ කණ්ඩායම විරෝධාකල්ප ගීත ඇතුලත් ප්‍රසංගයක් ද පවත්වන ලදී.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, පෙරටුගාමී සමජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ජයතිස්ස ඇතුළු පක්ෂ වෘත්තීය සමිති සහ බහුජන සංවිධානවල නායකයින් රැලිය ඇමතා කතා කළහ.



