වසර 2023 ලෝක ආර්ථික කඩා වැටෙයි – ලංකාව කබලෙන් ලිපට

Year 2023 World economy will collapse - Sri Lanka is in the frying pan

වසර 2023 ලෝක ආර්ථිකය අර්බුදයකට මුහුණ දෙන්න සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටර් ලීනා ජෝර් ජිහේවා පෙන්වා දුන්නාය.

ලෝක ආර්ථිකයේ මූල්‍ය අස්ථාවරත්වය වැඩි වීමේ අවදානම උපුටා දක්වමින් ඇය සඳහන් කර කළේ, 2023 වසරේ සියයට 2.9 ක ගෝලීය වර්ධනයක් සඳහා වන එම ආයතනයේ පුරෝකථනය ලබන සතියේ පහත වැටෙනු ඇති බවයි.

කොවිඩ් 19 වසංගතය, රුසියා – යුක්‍රේන අර්බුදය සහ සියලුම මහද්වීපවලට බලපා ඇති දේශගුණික විපර්යාස නිසා ඇති වූ ගෝලීය කම්පන හේතුවෙන් ලෝක ආර්ථිකයේ ඉදිරි කාලය වඩාත් නරක අතට හැරෙනු ඇති බව, ඇය පෙන්වා දුන්නාය.

රුසියා – යුක්‍රේන යුද්ධය හේතුවෙන් ලෝකය කොටස් දෙකකට බෙදී යාමෙන් පීඩා විඳීමට සිදුව ඇත්තේ, දිළිඳු ජනතාවට වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සිය කනස්සල්ල පළ කළාය.

ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන චීනය, එක්සත් ජනපදය ඇතුළු යුරෝපයේ රටවල ර්ථිකය මන්දගාමී වෙමින් පවතින බැවින්, නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවලින් අපනයනය සඳහා ඇති ඉල්ලුම අඩාල වී ඇති බව, ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසයි.

දැනටමත් ඉහළ යන ආහාර සහ බලශක්ති මිල ගණන් හේතුවෙන් එම තත්වය, දියුණු වෙමින් පවතින රටවලට දැඩි සේ බලපා ඇති බව ඔවුන් පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *