අරගලකරුවන් පස් දෙනාට ඇප

Bail for the five activists

අරගලකරුවන් සිහි කිරීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (09) ගාලුමුවදොර දී පැවැත්වූ විරෝධතාවකදී පොලිස් අත්අඩංගුවට පත් අරගලකරුවන් පස් දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (10) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රොෂාන් ප්‍රනාන්දු, ධනුෂ්ක ලක්මාල් ජයමාන්න, ලියනගේ විමලසිරි, මොහොමඩ් අයිරාෆ් මොහොමඩ් සහ දේශාන් ඉම්රෝන් නැමැත්තන්ය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥවරුන් වන සාලිය පීරිස්, රියෙන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න යන මහත්වරුන් ප්‍රමුඛ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.

අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් ගාලුමුවදොර පිටියේ සිටින ජනතාවට මහජන පීඩාවක් වන අයුරින් මෙම පිරිස කටයුතු කළ බවත් දෙසීයක පමණ පිරිසක් එක්ව සිටි මෙය නවතා දමන ලෙසට පොලීසිය ඉල්ලීම් කළද විරෝධතාකරුවන් එය පිලි නොගෙන කටයුතු කල  බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සාමකාමීව රැස්ව සිටි පිරිස ප්‍රකෝපකාරී කළේ පොලීසිය බවත් පොලීස් නිලධාරීන් කටයුතු කළ  ආකාරය වැරදියි සහගත අතර දරුවන්ට පවා හිරිහැර වූ බවත් ජනාධිපති නිතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්හ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ඇප මත මුදා හැරිමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *